අඩුවෙලා තිබුණේ බූරුවෙක් විතරයි
එක් හවස් ජාමයක, කඩුවෙලට යන අදහසින් රාජගිරියේ බස් නැවතුම් පළේ රැඳී සිටි චන්ද්‍රසේන කඩුවෙල බලා යන ලංගම බස් රථයක් පැමිණියෙන් එයට ගොඩ වැදුණේය. දිනපතා හවස මෙම බස් රථයෙන් යාමට හුරු පුරුදු වී සිටි කාර්යාලයීය සේවක සේවිකාවෝ රැසක් එම බස් රථයේ ඒ වන විටත් සිටි අතර රාජගිරියෙන් ද එවැනි ම පිරිසක් එම බස් රථයට ගොඩ වූහ. බස් මගීහු සියල්ලෝ ම පාහේ එකිනෙකා දන්නා හඳුනන අය වූ බැවින් බස් රථයට ගොඩ වූ තැන් පටන් ඔවුහු අල්ලාප සල්ලාපයේ යෙදෙමින්, උසුළු විසුළු කරමින්, මහ හයියෙන් සිනා වෙමින් සිටියෝ ය. චන්ද්‍රසේනට මෙම බස් මගීන්ගේ ඇවතුම් පැවතුම් මෙන් ම ඔවුන් වෙත පුළුල් සිනාවක් පාමින්, වචනයක් දෙකක් දොඩමින් ටිකට් කඩන කොන්දොස්තර ගේ කල් ක්‍රියාවද ඇල්ලුවේ නැත. කොන්දොස්තර තැන තමා වෙත පැමිණි විට අවඥාවෙන් ඔහු දෙස බැලූ චන්ද්‍රසේන මෙසේ කීය. තමුසෙ කැලේ ඉන්න ඔක්කොම වල්සත්තු ටික මේ බස් එකට දාගෙන නේද? කොන්දොස්තර තැන චන්ද්‍රසේන දෙස බලා විරිත්තා මෙසේ පිළිතුරු දුන්නේ ය.
සර් කිව්වා හරියට හරි. ඒත් රාජගිරියට එනකං බස් එකට එක බූරුවෙක් අඩුවෙලායි තිබුණෙ. දැන් ඒකත් හරි.