මංකොල්ල කෑම
පළමු වසරේ ඉගෙනුම ලබන කුමාර පන්තියට ආවේ බොහෝ සෙයින් පරක්කු වෙලාය. මේ ගැන ගුරුතුමිය කුමාරගෙන් ප්‍රශ්න කරන්නට විය.
ගුරුතුමිය :
මොකද කුමාර මේ තරම් ප්‍රමාද උනේ?
කුමාර :
මම ඉස්කෝලෙට එන අතරේ මංකොල්ල කාරයෙක් මාව අල්ල ගත්තා නේ ටීචර්.
ගුරුතුමිය :
හත්තිලව්වයි... ඉතින් ඔය ළමයා මොකද කරේ?
කුමාර :
සටන් කරලා කොහොම හරි මම බේරිලා ආවා ටීචර්... එත් ඌ මගේ ගෙදර වැඩ පොත විතරක් අරන් ගියා.