අයිතිකාරයෙක් නෑ
හොර අරක්කු ඇල්ලීමට ගිය පොලිස් පරීක්ෂක ඇතුළු කන්ඩායමකට හොර අරක්කු බොතල් කිහිපයක් නිවසේ තබා ගෙන සිටි සිල්වා අතටම අසු විය.
පොලිස් පරීක්ෂක :
තමුසේ හොර අරක්කු විකුණනවා නේද?
සිල්වා :
පිස්සුද සර්... මම කවදාවත් හොර අරක්කු විකුණලා නෑ...
පොලිස් පරීක්ෂක :
එහෙනම් මේ හොර අරක්කු බොතල් කාගෙද?
සිල්වා :
ඕක මගේ තරහ කාරයන්ගේ වැඩක් වෙන්න ඇති සර්...
පොලිස් පරීක්ෂක :
කවුද තමුසෙගේ තරහාකාරයෝ?
සිල්වා :
කවුද ඉතින් මගෙන් ණයට අරක්කු බොන එවුන් මිසක්...