දෙකම ඉස්සුවොත්
සැනෝජිගේ සැමියා කතාකරන ගිරවකු මිලදී රැගෙන අවුත් උගේ හැකියාව තම බිරිය ඉදිරියේ පවසන්නට පටන් ගත්තේය.
“මුගෙ දකුණු කකුල ඉස්සුවාම ඌ ‘සුබ උදෑසනක්!’ කියල සුබ පතනවා. වම් කකුල ඉස්සුවාම ඌ “සුබ සැන්දෑවක්” කියල සුබ පතනවා.
“හොඳයි, එතකොට කකුල් දෙකම ඉස්සුවොත්?” සැනෝජි ඇසුවේ කුතුහලයෙනි.
“ඇයි එළදෙන එතකොට මම නොවැටී ඉන්නෙ උඹෙ ඔය නල දතට වාරු වෙලාද?”
ගිරවා තරහෙන් පුපුරමින් ඇසුවේය.