කොයි තරම් සුන්දරද?
කමලා පුවත් පත් සමාගමක කාන්තා පුවත්පතක සේවය කළ, ඇහැට කනට පේන කාන්තාවක්. ජවි වර්ණ, තරමක් ස්ථූල ඇය සතුව දැකුම්කලු දේහයක් තිබුණත් ඇගේ විශාල දත් දෙපළත්, පළල් මුඛයත් ඇගේ රූපයට මුසුකළේ අසුන්දර පෙනුමක්. ඈ දවසක් දා තම කාර්යාලයේ, තමාට නියමිත අසුනේ වාඩිවී යමක් ලියමින් සිටියා. ඇය සාරිය ඇන්දේ ඉනෙන් බොහෝ පහළට. ඒ වගේම ඉතා කෙටි හැට්ටයක් අදින්නත් ඈ පුරුදුව සිටියා. ඒ නිසා ඈ වාඩිවී සිටිද්දී ඇගේ පිටේ අඟල් 4කට වඩා වැඩි තීරුවක් ඈ හිඳ සිටිත්දී පිටතට නෙරා විවරව තිබුණා. එම කාර්යාලයේ පිටුපස කොරිඩෝව හරහා යන්නට ආ සුනිල්ගේ දෑස කමලාගේ පිටේ විවරව තිබූ පුළුල් තීරුවේ නැවතුණා. ඔහු අසල මේසයක් ඉදිරිපිට වාඩිවී පුවත්පතක් බලමින් සිටි ප්‍රසාද්ට තට්ටුවක් දමා ඉඟිමරා මෙහෙම කිව්වා.
‘නාරි දේහය හැමවෙලේම අපිට පිටුපාලා තියෙනවා නම් කොයි තරම් සුන්දරද මල්ලී.?'