තමුසෙලාට මම මොකටද සල්ලි දෙන්නේ
පුණ්‍යායතනයක ප්‍රධානියකු නගරයේ සිටින ධනවතුන්ගේ ලැයිස්තුවක් පිරික්සමින් සිටියේය. නගරයේ සිටින ධනවත්ම නීතීඥයා තමන්ගේ ආයතනයට කිසිදු ආධාරයක් කර නොමැති බව එහිදී දැක ගත හැකි විය. ඔහු නීතීඥයාට දුරකතනයෙන් ඇමතුවේය.
"අපට දැන ගන්නට ලැබිලා තියෙන හැටියට ඔබේ වාර්ෂික ආදායම රුපියල් මිලියන 10 කටත් වැඩිය. එත් ඔබ කවදාවත් අපේ ආයතනයට ආධාරයක් කරලා නෑ. සමාජ සේවා ගැන එහෙම අදහසක් නැද්ද?" පුණ්‍යායතන ප්‍රධානියා නීතීඥයගෙන් ඇසුවේය.
නීතීඥයා තරමක් වෙලා කල්පනා කරමින් සිට කතා කළේය. "මට කියනවා බලන්න තමුසෙලාගේ සමීක්ෂණයට අහුවුනාද කියලා මගේ අම්ම අවරුදු ගානක් ලෙඩ වෙලා ඉදලා මැරුණා කියලා. එයාගේ ඛෙහෙත් වලට ගිය වියදම රුපියල් ලක්ෂ ගානක් කියලා තමුසෙලා දන්නවද?"
"ඕ... සමා..." පුණ්‍යායතන ප්‍රධානියාපිළිතුරු දෙන්නට උත්සාහ කළේය.
"අනෙක් එක මගේ සහෝදරයා. මිනිහා අබ්බගාතයෙක්. ඇස් පේන්නෙත් නැහැ. රෝද පුටුවෙන් යන්නේ "
පුණ්‍යායතන ප්‍රධානියා කණගාටුව ප්‍රකාශ කරන්නට උත්සාහ කළේය.
"අනෙක මගේ සහෝදරිය එයාගේ මහත්තයා මැරිලා. දරුවෝ තුන්දෙනෙක් එක්ක ඉන්නේ රස්සාවක් නැහැ"
පුණ්‍යායතන ප්‍රධානියා දැඩි කනගාටුවෙන් "මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. සමා..."
නීතීඥයා යලිත් බාධා කළේය. ඔච්චර මගේ එවුන් අමාරුවෙන් ඉන්නකොටවත් මම උදව් කලේ නැත්නම්. තමුසෙලාට මම මොකටද සල්ලි දෙන්නේ?