නෑකම

විවාහ වන වයසේ පසුවන දියණියක් තමන්ගේ පෙම්වතා තම පියාට හදුන්වා දී විවාහ වීමට අවසර ඉල්ලා සිටියාය. ටික වෙලාවක් ඔහු සමග කතා බහක යෙදුනු ඔහු ඔවුන්ට විවාහ වෙන්නට නොහැකි බව කිවේය.

"ඔය දෙන්නා අතර සහෝදර කමක් තියෙනවා" අකමැති වීමට හේතු වශයෙන් පියා කිවේය.

ඉන්පසු නොයෙක් පෙම්වතුන් පියාට හදුන්වා දුන්නද ඒ සෑම දෙනාටම නෑකමක් ඇති බව පියා පවසන්නට විය. මෙයින් දියණිය කෝපයට පත් වුවාය. ඇය මව වෙත ගොස් පැමිණිලි කලාය.

"අම්මේ මම එක්කගෙන එන හැමදෙනාම මගේ සහෝදරයෝ වෙනවා කියලා තාත්තා කියනවා. මේක මොන කරදරයක්ද? මට බදින්න බැරිද?"

දියණිය ඇසුවාය. "වැඩිය හිතන්න එපා. ඔයා කැමති ඕන කෙනෙක් බදින්න."

"ඇයි?"

"එයා ඔයාගේ තාත්තා නෙවෙයි"

Share This Article

Back