විදුලි කාන්දුවක් ද?

“අර නාට්‍ය වැඩමුළුවෙන් ඉස්කෝ‍ල ළමයින්ට ලොකු සේවයක් වුණා නේද සිරිතුංග.” චන්ද්‍රසිරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී හමුවූ සිරිතුංග ගෙන් විමසුවේ ය.

“ඔව්... ඔව්... ඒක හොඳ ට ම සාර්ථකයි. හැබැයි අර රංජිත්ගේ සවුන්ඩ්වල නං ලොකු පරහක් තිබුණා.” සිරිතුංග බැරෑරුම් ස්වරයකින් කීවේ ය.

“ඇයි එහෙම කිව්වේ?” චන්ද්‍රසිරි ඇසුවේ තරමක විමතියකිනි.

“මට නං හිතෙන්නෙ රංජිත්, පෝඩියම් එකට හයි කරලා තිබුණු මයික් එකෙන් කරන්ට් ලීක් එකක් වෙලා තියෙනවා. ඇයි දැක්කෙ නැද්ද අපෙ සඳමාලි මිස් ස්තුති කතාවේදී සට... සට... ගාලා වෙව්ලුවා.” සිරිතුංග කීවේ ය.

Share This Article