විනාඩියෙන්
ඔහු හුදෙකලාවම කැලේ දේවාලයට ගොස් වතාවත් නිමවා, පොල් ගෙඩියක් ගසා, දේවාලය ඉදිරියේ වැඳ වැටී දොහොත් මුදුන් දී මෙසේ කීවේය.
“දේවයන් වහන්ස, මෙහේ අවුරුදු සීයක් තමුන්නාන්සෙට කොච්චර කල් වෙනවද?”
“එක විනාඩියයි.” දේවාලය ඇතුළෙන්, ප්‍රතාපවත් ගැඹුරු හඬකින් පිළිතුරු දෙනවා ඇසුණි.
“එතකොට මෙහේ රුපියල් කෝටියක්, ඔහේ කොච්චර වටිනවද?” හේ ඇසීය.
“එකම එක රුපියලයි.” දෙවියෝ මහ හඬින් පිළිතුරු දුන්නේ ය.
“එහෙම නං දෙවියනේ මට ඔහෙන් එකම එක රුපියලක් දෙනවද?” හේ ඉමහත් බලාපොරොත්තුවකින් යුතුව කීවේය.
“හරි... විනාඩියෙන් දෙන්නං.” දෙවියෝ කීවේය.