උපාසක කොටියා.
දවසක් කොටියෙක් විශාල මඩ වගුරක කැලේ පැත්තේ ඉවුරෙ ඉඳගෙන හිටියා. මෙහා පැත්තේ ඉවුර අයිනේ තිබුන පාරේ කවුරු හරි එනවා දැක්ක ගමන් ඌ කනග තිබුන තණකොළ මිටියෙන් අහුරක් අරගෙන කටේ දමාගෙන ඒ එන අයට මෙහෙම කිව්වා.
"මං මස් කෑම අතහැරලා ගොඩාක් කල් දැන් කන්නේ මේවා තමයි. මේවා ජරා මස් වගේද? කොයි තරම් ඇඟට ගුනද? ආ උන්නැහේ මේ මං ළඟ හොඳ සිල්වතෙකුට දෙන්න රත්තරන් මාලයක් තියෙනවා. ඔහේ සිල්වතෙක් නම් එක ඇවිත් ගන්න." මෙහෙම කියා ඌ රත්තරන් මාලයකුත් පෙන්නුවා.
කොටියාගේ කතාව අහපු හුගක් අය "කොටි කවද්ද තණකොළ කෑවේ. කොටි කවද්ද මනුස්සයන්ට තෑගී දුන්නේ?" කියා නතර වෙන්නෙවත් නැතුව යන්න ගියා.
හවස් වෙනකොට මේ පාර දිගේ ලෝභ ඒ වගේම මෝඩ මිනිහෙක් ආවා. කොටියා මේ මිනිහාටත් කාටත් කීව කතාව කිව්වා. මිනිහා ටිකක් නැවතිලා අහගෙන ඉන්නකොට කොටියා මෙහෙම කියා කියා අන්න පටන් ගත්තා.
"මම තරුණ කාලේ කරපු අසත්පුරුෂ පවු ගැන හිතලා දැන් දුක් වෙනවා. තාපසයෙක් දුන්නු අවවාද අහලයි මං අනුන්ට උපකාර කරන අහිංසක උපාසකයෙක් වුනේ."
මෝඩ මිනිහා කොටියාගේ කතාව විශ්වාස කරලා රත්තරන් මාලය ගන්න මඩ වගුර හරහා යන්න ගියා. ටිකක් දුර ගියාම මිනිහා මඩේ එරුණා.
"දඟලන්නේ නැතුව ඉන්න. මං මේ ඇත්තාව ගොඩට ගන්නම්." කී කොටියා හනි හනික එතෙනට කිට්ටු වෙලා මිනිහාගේ ඇඟට පැනලා ඔහුව මරාගෙන කන්නට වුනා.
අවසානයේ මිනිහාට කියවුනේ "වයසට ගියාම සිල් ගන්න කොටි තවම ඉපදිලා නෑ කියලා මට නොවැටහුනේ මගේ ලෝභ කම නිසයි."
ඊසොප්