අපූරු විසදුම
බළල්ලු දෙන්නෙක් ගෙදර කෑම මේසයෙන් ලොකු කේජු කෑල්ලක් හොරකම් කරගෙන කාලෙට දිව්වා. දෙන්නා ගල්පොත්තක් උද ඉඳ ගත්තාම එක්කෙනෙක් මෙහෙම කිවා.
"මේ කේජු කෑල්ල අඟල් හතරක් විතර දිගයි. සම සමව හරියට බෙදන්න පුළුවන්."
"නෑ නෑ මේක අඟල් හතරක් නෙමෙයි. අඩු නැතුව අඟල් පහක් දිගයි."
"පිස්සුද මේක අඟල් හතරකට වැඩිය දිග නෑ."
මේ දෙන්නා කේජු කෑල්ල කෑම පැත්තක තියෙද්දී එකේ දිග ගැන වාද කරමින් සිටින්නට උනා. මේ හබය සෝදිසියෙන් අසා බලා සිටි වදුරෙක් එතනට ආවා. "මම හුඟ කාලයක් කිරුම් මිනුම් කල කෙනෙක්. මට ඔය දිග පිලිබඳ අවුල විසදලා දෙන්න පුළුවන්." ඌ කිව්වා. බළල්ලු දෙන්නාට ඕන වුනේ කොහොම හරි තමන්ගේ මතය දිනවීමට නිසා උන් වදුරගේ අදහසට එකග වුනා. කේජු කෑල්ල අතට අරන් එය හොදින් සෝදිසි කල වදුරා ඉන් කෑල්ලක් කඩා ගෙන කෑවා. "දැන් නම් මම කියපු එක හරියටම හරි. එක අඟල් හතරකට වඩා කොහොමත් දිග වැඩි නෑ." එක බල්ලෙක් කීවා. "දැන්නම් අඟල් පහකට ඩිංගක් අඩුවෙන් ඇති. එත් එක ආසන්න වශයෙන් අඟල් පහක් කිව හැකියි. ඒ නිසා මා කියූ දේත් වැරදි නෑ." අනික් බලලාත් කීවා.
මේ විදියට වදුරා කීප වාරයක්ම කාලි කඩ කඩා කේජු කෑවා. බළල්ලු දෙන්නත් එකෙකුට එකෙක් නොපරදින ලෙස මිනුම් කීවා. අන්තිමට වදුරගේ අතේ ඉතිරි වුනී අඟල් භාගයක් විතර චූටි කේජු කෑල්ලක්. "ඉතුරුවෙලා තියෙන කෑල්ල අඟලක් විතර ඇති." එක බල්ලෙක් කිව්වා. "නෑ නෑ අඟලෙන් භාගයක් වත් නෑ." අනෙකා කීවා.
"ඔහේලාගේ ප්‍රශ්නේ විසදන්න මම පුළුවන් තරම් උත්සාහ ගත්තා. එත් අවාසනාවකට එක බැරි වුනා. කොහොම උනත් මං මගේ ගාස්තුව ගන්න ඕන. ඉතුරු කෑල්ල තමා මගේ ගාස්තුව." මෙහෙම කියපු වදුරා ඉතිරි කේජු කෑල්ල කටේ දමාගෙන ගහකට පැන ගත්තා.
ඊසොප්
මාළු අල්ලාගෙන කන බකමූණෙක් හඳ ඇති රාත්‍රියක වැවක වතුරේ තමන්ගේ රූපය දැක්කා. "මං මොන තරම් හැඩරුව ඇති නුවණක්කාර පෙනුමක් තියෙන සතෙක්ද?"...
එක්‌තරා ගොවියකුට අයත් බූරුවෙක් හදිසියේම පාලු ළිඳකට වැටුණි. බූරුවා ඌට පුළුවන් ශක්‌තිය යොදා අති විශාල ශබ්දයක් නඟමින් කෑගසන්නට විය. පැය ගණනක්...
