කුකුලා අයිති කාටද?
එක්තරා ගොවි ගෙදරක සැපට හැදුන කුකුලෙක් හිටියා. කිට්ටව කලේ හිටිය නරියෙක් මේ කුකුලා මරාගෙන කන්න දවස් ගණනක්ම ඇහැ ගහගෙන උන්නා. දවසක් නරියා තමන් සිටි තැනට හොරෙන් හොරෙන් එනවා දැක්ක කුකුලා, ළඟ තිබුණු ගස් කොටයක් උඩට පැන ගත්තා. නරියා ඇවිත් කොටයට ටිකක් ලගින් වාඩි වෙලා කුකුලාගේ හැඩරුව ගැන, උගේ හඳේ මිහිරිකම ගැන වර්ණනා කරන්න වුනා
"මට හුඟ දවසකින් අද උදේ තමයි ඔහේගේ මිහිරි හඩලෑම අහන්න බැරි වුනේ. මට අහන්න එකම එක සැරයක් හඩලනවද?" ඌ අන්තිමට කිව්වා.
මොකද වියදමක් යනවද හිතාපු කුකුලා හඩලන්න කට ඇරියා. කුකුලගෙන් කියවුනේ "කුක්" යන්න විතරයි. නරියා උඩ පැනලා උගේ බෙල්ලෙන් අල්ලාගෙන දුවන්න පටන් ගත්තා.
"අන්න නරියෙක් අපේ කුකුලා අරන් යනවා." කියමින් ගෙදර ය නරියාගේ පස්සෙන් එලවන්න උනා. "නරිහාමි මං ඒ ගොල්ලගෙයි කියලා අර මිනිස්සු කියන්නේ. මං සතෙක් මං අයිති මිනිස්සුන්ගේ ගොඩට නෙවෙයි. සතුන්ගේ ගොඩට. ඔහේ උන්ට එක තේරුම් කරලා දෙන්න." කුකුලා නරියට කිව්වා.
"එයා අයිති උබලාට නෙවෙයි අපිටයි කියලා මේ කුකුලා කියන්නේ ඉතින් අයිති නැති දෙකට ඇයි මේ පස්සෙන් එලවන්නේ?" මිනිස්සුන්ට එහෙම කියන්න හිතාගෙන නරියා කට ඇරියා. ඒ අවසරයෙන් නරි කටෙන් මිදුන කුකුලා උස ගහක අත්තකට පියබලා මෙහෙම කිව්වා.
"කවද්ද ඕයි කුකුලෙක් නරියෙක්ගේ ගොඩට වැටුනේ? මං අයිති මිනිස්සුන්ට. කිසිම වැඩක් නොකලත් ඔවුන් මට කන්න බොන්න දීල පරිස්සම් කරන්නේ එකනේ?"
මේ වන විට නරියා දන්නෙම නැතිව මිනිස්සු ළඟටම ඇවිත්, ඌ පන බේරා ගෙන දුවන්න පටන් ගත්තා. ඒ මෙහෙම කියමිනුයි. "කටට අහුවුණු කුකුලා අරන් ගිහින් නොකා වර්ග කරන්න ගියාට මට හොඳ පාඩම.ගෙදර ගිය ගමන් මම මගේ කට බිම උලා ගන්නවා."
ඊසොප්
එක්තරා ගොවියකුට අයත් බූරුවෙක් හදිසියේම පාලු ළිඳකට වැටුණි. බූරුවා ඌට පුළුවන් ශක්තිය යොදා අති විශාල ශබ්දයක් නඟමින් කෑගසන්නට විය. පැය ගණනක්...
එක්තරා ගමක ප්රසිද්ධ දෛවඥයෙක් වාසය කළා. එයා අහසේ තරු දිහා බලලා ගණන් හදා එක එක අයට අනාගතේ වෙන්න තියෙන ග්රහ බලපෑම්...