කෑදර මැස්සෝ
ගහක බෙනයක ලොකු මි වදයක් තිබුනා මීවදයේ මීපැණි පිරිලා ඉතිරෙන්න පටන් ගත්තා. එත් මීමැස්සෝ ඒ ගැන ගානක්වත් නැතිව බොහොම සැහැල්ලූවෙන් විනෝදයෙන් ගුමු ගුමු ගාමින් ළඟපාත මල්ගස් වල ගැවසුනා.
මීපැණි සුවඳ දැනුනු මැස්සෝ රංචුවක් මීවදය ලඟට ඇවිත් වැගිරී තිබූ මීපැණි උඩ වහලා කෑදර කමට මීපැණි බොන්න පටන් ගත්තා.
"මෝඩ මීමැස්සෝ, මේ තරම් මීපැණි තියෙද්දී ඒවා නොබී මසුරුකමට තව තව එකතු කරනවා." මැස්සෝ මෙහෙම කිය කියා තව තව මීපැණි බිව්වා. වැඩියෙන් බීපු නිසා මත් වුන මැස්සෝ මී පැණි ගොඩේම වැටුනා. උන්ගේ ඇගේත් පිහාටුවලත් හොඳටම මීපැණි ගෑවිලා දැන් පියාබන්නත් බෑ. මැස්සෝ දගලලා දගලලා මීපැණි ගොඩේම මියැදෙන්න පටන් ගත්තා.
මැරෙන්න මොහොතකට කලින් මැස්සෙක් තවත් මැස්සෙක්ට මෙහෙම කිව්වා, "මීමැස්සෝ අපි වගේ මෝඩ නෑ. කොයි තරම් හොඳ දේ වුනත් ගත යුතු වෙලාව ගත යුතු තරම ඔවුන් හොදට දන්නවා. අපි මෙතන දඟල දඟල මැරෙද්දී උන් සින්දු කිය කිය මල් වටේ නට නටා සන්තෝෂයෙන් ඉන්නවා හැටි පේනවා නේද?"
ඊසොප්
එක්තරා ගොවියකුට අයත් බූරුවෙක් හදිසියේම පාලු ළිඳකට වැටුණි. බූරුවා ඌට පුළුවන් ශක්තිය යොදා අති විශාල ශබ්දයක් නඟමින් කෑගසන්නට විය. පැය ගණනක්...
මාළු අල්ලාගෙන කන බකමූණෙක් හඳ ඇති රාත්රියක වැවක වතුරේ තමන්ගේ රූපය දැක්කා. "මං මොන තරම් හැඩරුව ඇති නුවණක්කාර පෙනුමක් තියෙන සතෙක්ද?"...
එක්තරා ගමක ප්රසිද්ධ දෛවඥයෙක් වාසය කළා. එයා අහසේ තරු දිහා බලලා ගණන් හදා එක එක අයට අනාගතේ වෙන්න තියෙන ග්රහ බලපෑම්...