අපේ කාලයේ මොසාට් (දෑස නොපෙනෙන, ශරීරය අප්‍රාණික ලොව ප්‍රකට සංගීතඥයා)

අපේ කාලයේ මොසාට් (දෑස නොපෙනෙන, ශරීරය අප්‍රාණික ලොව ප්‍රකට සංගීතඥයා)

විටින් විට බිහිවන, අපට අහන්න දකින්න ලැබෙන බොහෝ අපූරු මිනිස්සු මේ ලෝකය ලස්සන කරනවා. බොහෝ වෙලාවට මේ අපූරු මිනිස්සු, සාමාන්‍ය ජීවිතයක් ගත කරන අයට වඩා වෙනස්. ඒ බොහෝ දෙනෙකුට තිබෙන අඩුපාඩුකම් සියල්ල වැහෙන විශ්මය ජනක දේ කරන්න මේ අය හපන්නු. 

පැට්‍රික් හෙන්රි හියුස් එහෙම කෙනෙක්. අඩුපාඩු රැසකින් සමන්විතව මෙලොව එළිය දුටු කෙනෙක්. නමුත් මේ වෙන කොට පැට්‍රික් ලෝ ප්‍රකට සංගීතඥයෙක්, හරිම අපූරු මිනිසෙක්. 1988 මාර්තු 10 වැනිදා පැට්‍රික් මෙලොව එළිය දකින්නේ ඇමරිකාවේ ලාස් වේගාස් නුවර දී. පැට්‍රික් ජෝන් කියන්නේ හෙන්රි හියුස්ගේ තාත්තා, පැට්‍රික් හියුස් කියන්නේ අම්මා. පැට්‍රික් ඉපදුනු දා මේ අම්මටයි, තාත්තාටයි දැනුණු දුක, පැට්‍රික් දකින ඕනෑම කෙනෙකුට දැනෙනවා. ඔහු උපතින්ම අන්ධයෙක්. ඒ වගේම ඔහුගේ අතපය හරි හැටි ක්‍රියා කලේ නැහැ. හැබැයි පැට්‍රික්ගේ අම්මායි, තාත්තායි දුක් වුණෙත් නැහැ. ඒ වෙනුවට ඒ දෙන්නා පැට්‍රික් ලෝකයම දන්නා හඳුනන ජනප්‍රිය පුද්ගලයෙක් කරන්න නොපිරිහෙලා වැඩ කළා. වයසින් වැඩෙන පැට්‍රික්ගේ ධෛර්යය වැඩි කරන්න ක්‍රියාකාරකම් රැසක් මේ අම්මායි තාත්තායි කළේ තමන්ගේ ජීවිතයේ දේ කැප කරලයි. ඇස් පේන්නේ නැති පැට්‍රික්ට කවදාවත් ඇවිදින්නත් බැරි බවයි වෛද්‍යවරු කීවේ. ඒත් අපිට මේක වෙනස් කරන්න ඕනෑ වුණා. පැට්‍රික්ට මාස 9 පිරෙනකොට තාත්තා කළේ එයාව උකුළට අරගෙන පුංචි කිරිකැටි දෑත් පියානෝව ළඟට කිට්ටු කිරීමයි. වයසින් වැඩෙන පැට්‍රික්ට පෙනෙන දේට වඩා ඇහෙන මිහිරි ස්වරයන් කොයිතරම් රසවත්ද කියලා තේරෙන්න ගත්තා. අවුරුදු 10 ලබන කොට පැට්‍රික් ට්‍රම්පට් වාදනයත් පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි, මේ සංගීත රසයේ කිමිදෙන ඔහුට එහි ඇති වෙන වෙනස් රිද්මයන් ගැන තේරුණා. ඇහින් දැකලා ගොඩනඟන ස්වර රටා වෙනුවට ඔහු දෑතට දැනෙන ස්වර රටා ගැන විශ්වාස තිබ්බා. රෝද පුටුවෙන් එහා මෙහා යමින් මේ දේවල් කරන්න අම්මා තාත්තා පැට්‍රික්ගේ සහෝදරයෝ දෙන්නත් උදව් දුන්නේ පැට්‍රික්ගේ මේ අපූරු හැකියාව ගැන පුදුමයට පත් වෙමිනි. මට උදව් කරන්නේ ඒ අය. මට පොළොවේ අඩිය තියලා යන්න බැහැ. රොද පුටුවෙන්ම එහා මෙහා යන මට සංගීතයත් එක්ක ඉන්න කොට ඒ ගැන එච්චර හිතන්නේ නෑ. අනෙක් අය මං ගැන කොහොම බලනවාද කියන එකත් මට වැදගත් නැහැ. පැට්‍රික් කියන්නේ එහෙමයි. අපි හිතුවට වැඩිය ඔහු යමක් කළා. එයා එයාගේ ජිවිතය ජය අරන් ඉවරයි. අම්මායි, තාත්තායි මාධ්‍යට එහෙම කිව්වේ 2006 අවුරුද්දේ පැට්රිඑක් සංගීතය විෂයට උපාධියක් හිමිකර ගත්ත මොහොතේ.

අපේ කාලයේ මොසාට් (දෑස නොපෙනෙන, ශරීරය අප්‍රාණික ලොව ප්‍රකට සංගීතඥයා)

වර්තමානය වෙනකොට පැට්‍රික් සංගීතය පමණක් නොවෙයි, ග්‍රන්ථ රචනයටත් පිවිසිලා අවසන්. "I AM POTENTIAL" නම් කෘතිය සුභවාදීව ජීවිතය දිහා බලන්න අනික් අය පොළඹවන තරමේ කෘතියක්. කෘතියට ඇති ඉල්ලුම කොතරම්ද යැයි කිවහොත් භාෂා ගණනකට පරිවර්තනය වී ඇති විවිධ රටවල විශාල වශයෙන් අලෙවි වන අතර ඒ ඇසුරෙන් චිත්‍රපටයක්ද නිර්මාණය වෙනවා. විශිෂ්ඨ සංගීත නිර්මාණකරුවකු ද වන පැට්‍රික් තම නිර්මාණ ඇතුළත් සංයුක්ත තැටිද එළි දක්වා තිබෙනවා. සම්මාන සහ ඇගයීම් ගණනාවකට පාත්‍ර වන්නත් පැට්‍රික්ට හැකියාව ලැබී තිබෙනවා. එපමණක් නොවෙයි, ජාත්‍යන්තර රූපවාහිනී නාලිකා සියල්ලම පාහේ පැට්‍රික් සමඟ එක්ව වැඩ කරනවා. එමෙන්ම ඔහු නිරන්තරයෙන්ම සංගීත ප්‍රසංග සඳහා ද සහභාගී වෙනවා. පැට්‍රික් ඒ තරම්ම කාර්ය බහුල පුද්ගලයෙක්. අම්මාගේත්, තාත්තාගේත් මඟ පෙන්වීම කවරක් වුවත්, දැනුම් තේරුම් තිබෙන කාලයේ සිටම පැට්‍රික් ඉතා ධෛර්ය සම්පන්නව තමන්ගේ ඉලක්කය කරා ගමන් කළ අයෙකි. එය ඇස් කන් පේන ඇහෙන, අතපය හයිය තියෙන බොහෝ දෙනෙකු තුළ නැති ධෛර්ය සම්පන්න බවක්. පැට්‍රික්ගේ කතාව අපිට කියලා දෙන පාඩමත් සුළුපටු එකක් නෙමෙයි.

ශිරෝමි මාපා. උපුටා ගැනීම දිවයින

Share This Article

ඔබ මේ ගැන දන්නවාද?

1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය. 2....

කසාද නොබඳින ගැහැනු මූසලද?

වයස අවුරුදු පනස් පහක් විතර වුණු හරිම ජොලි අංකල් කෙනෙක් අපේ ලේන් එකේ ඉන්නවා. අපේ මල්ලි නම් කියන්නෙ ඒ අංකල් ඒ...

සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා පංච විධ සෞඛ්‍ය ක්‍රමය

මිනිසාට වැළදෙන රෝග ගණනාවකට මූල් වන්නේ ඔහූගේ නිවස සහ අවට පරිසරය හෙවත් ගෙවත්තයි. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීමට ශාරීරික වර්ධනය මෙන්ම මානසික...

ඕපාදූප පැවසීමෙන් හිතේ පීඩන

අනූන්ගේ ඕප දූප ගැන විමසිලිමත් වන්නන් සමාජයට හානිකර යැයි යන්න සමාජයේ මතය වේ. තවද අන්‍යයන්ගේ කේලාම් පැවසීමද එසේමය. එහෙයින් කේලාම් විශේෂයෙන්ම...

ඔබත් ජංගම දුරකථනය washroom එකට අරන් යනවද? එහෙනම් මේක අනිවාර්යයෙන්ම කියවන්න

ගොඩක් අය smart phone එකට හරියට ඇබ්බැහිවෙලා. ඒ නිසාම අද කාලේ ගොඩක් අය පුරුදුවෙලා ඉන්න දෙයක් තමයි washroom යද්දිත් හැමවෙලේම phone...

අපි සිහින දකින්නේ ඇයි? විද්‍යා­ත්මක පැහැ­දිලි කිරී­මක්

විද්‍යා­ත්ම­කව සිහින පිළි­බඳ අධ්‍ය­ය­නය කිරීම ඔනි­ය­රො­ලොජි (Oneirology) ලෙස හැඳි­න්වෙ­නවා. සිහි­න­යක් වනාහි කිසි­ව­කුගේ සිත තුළ එසේත් නැත් නම්, භෞති­කව සිතු­වොත් මොළය තුළ...