අපූරු යෝග අභ්‍යාසයක්

ඇබ්බැහිවීම මානසික රෝගයක් වුණත් එය උග්‍ර වූ විට තමයි බෙහෙත් ගන්න ඕනෑ. මත්පැන්වලට, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම නිසා සමහර අයගේ පවුල් සංස්ථාව, රැකියා පවා විනාශ වෙලා දරුවන්ට හව්හරණක් නැහැ. ලෝකෙටම ණය වෙලා. සමහර අය මේ නිසා හිරේ විලංගුවේ පවා වැටිලා. ඇත්තටම සමහර අය දන්නවා තමන් මේ කරන දේ වැරැදි බව. ඒත් ඉතින් අර උපවිඥාන ගතවුණ සිතුවිල්ල අයින් කරගන්න අමාරුයි. මාසයක්, දෙකක් අයින්වෙලා හිටියත් ආයි යාළුවෝ සෙට් වෙනවා දක්කම නළියනවා වගේ එතැනට ඇදෙනවා. එහෙම නැත්නම් යාළුවාට පිටු පාන්න බැරිකමට යනවා. හැබැයි හොඳ නැති බව දන්නවා. මේ ඇබ්බැහිවීම්වලින් ආර්ථිකය වගේම ශරීර සෞඛ්‍යයත් විනාශ කර ගන්නවා. යෝග කරන අය පළමුවෙන්ම තේරුම්කරගත යුතු පළමු කාර්ය තමයි තමා සුවපත් වීම. ඊළඟට අනුන් සුවපත් කිරීම. ඔබ සුවපත් නැතිව අනෙක් අයව සුවපත් කරන්න යන්න එපා. ඉතින් අද මම ඔබම හඳුන්වා දෙන්න යන මේ යෝග ප්‍රතිකාර ක්‍රමය හරි පහසුයි ඔබම අත්හදා බලන්න. සාමාන්‍යයෙන් අපි දත්මිටි කනකොට අපගේ කනට ඉහළින් හිස ළඟින් නහර දෙකක් මතු වෙනවානේ. අන්න ඒ දෙක තෙරපීම තමයි මේ යෝග අභ්‍යාසය. හැබැයි නිකන් බැහැ පුංචි මන්තරයකුත් තියෙනවා. අපි දැන් පුහුණුවට බහිමු. 

පුහුණුව : 

පහසු භාවනා ආසනයක වාඩිවන්න. ඉන්පසු දෙඅත් ඉහළට ගෙන මේ රූපයේ දැක්වෙන ආකාරයට මැදැඟිල්ල ඉහත නිලය මත තද කරන්න. එසේ කරමින් මඳක් නිදහස් කරන්න. යළි තද කරන්න. මෙසේ තද කරන විට 'සට් නාම්' යනුවෙන් කියා කියන්න. උදෑසන සහ හවසට විනාඩි 7, 8ක් මෙම භාවනාව කරන්න. ඔබ පුහුණුව හරියට කළොත් සති 3, 4කදී අනිවාර්යයෙන්ම මෙහි ප්‍රතිඵලය අත්විඳිය හැකියි. දෛනිකව යෙදිය යුතුයි. ඕනෑම ආකාරයේ ඇබ්බැහිවීමකට ඔබ ලක්වී සිටිනවා නම් මෙම පුංචි භාවනා අභ්‍යාසයේ නිරතවන්න. අපූරු ප්‍රතිඵල ඔබට ලැබේවි.

උපුටා ගැනීම මව්බිම

Share This Article

කොයිල් වෙනුවට පැල වවලා මදුරුවෝ පන්නමු

හැමදාමත් තිබෙන මදුරු කරදරේ වැසි සමයත් එක්ක තවත් වැඩි වෙලාද? මදුරුවන් විකර්ශනය කරන රසායනික නිෂ්පාදන නම් කොතෙකුත් වෙළෙඳපොළේ තිබුණත් ඒවා භාවිත...

සුද්දො වගේ සුද්දො හිටියේ ඉස්‌සර...

ලෝභ නැතිව අත දිගහැර වියදම් කරන ඕනම කෙනකු දකින අපි, ඔහුට කියන්නේ ලසුද්දා වගේ වියදම් කරනවා කියා ය. සුද්දන්ගේ හැටි එහෙමය........

මියගිය සුනඛයා එම්බාම් කර මිනී පෙට්ටියක දමා භික්ෂූන් ලවා පාංශුකූලයක් දුන් අපූරැ ස්වාමියෙක්

කුලියාපිටියේ පඩිවෙල සති‍පොළ කිට්ටුවේ තිබෙන විදුලි පහන් කණුවක අලවා තිබූ මරණ දැන්වීමක් දෙස බොහෝ දෙනකු බැලුවේ මහා පුදුමයෙනි. මරණ දැන්වීමක් මහා...

වහ කුප්පිය

මා එන මඟ බෝක්කුවක් මත හිඳ ගෙන සිටියේ හිරිමල් වියේ කොල්ලෙකි. ඔහු අත වස කුප්පියකි. මේ වයසේ කොල්ලෙකු නිකරුණේ බෝක්කුවක් මත...

ඔබ අවංක වූවත් සැළකිලිමත්ව සිටින්න

සමාජ සම්බන්ධතාවයන් නොමැතිව ජීවත් වීම ඉතාම නීරස අත්දෑකීමකි. සමාජ සම්බන්ධතාවයන් තහවූරු කර ගැනීමේදී අප හැම දෙනෙකු සමගම සමීප සම්බන්ධකම් ගොඩ නගා...