ලස්සනම කාන්තාවෝ ජීවත් වන රටවල් දහය
ලෝකයේ ලස්සනම කාන්තාවෝ ජීවත් වන රටවල් දහය ගැන තමයි මේ සටහන.
බ්‍රසීලය :
ලෝකයේ ඉහළ පෙළේ නිරූපිකාවෝ ජිවත්වන රට තමයි බ්‍රසීලය. සරාගී, ක්‍රීඩාශීලී සහ ආකර්ෂණීය සිරුරක් හිමිව උපදින බ්‍රසීල කාන්තාවෝ මිහි මත සුරූපිනියන් විදියට හඳුන්වනවා.
රුසියාව :
අන් අය පොලඹවනසුලු හීනි දිගැටි නිල් පැහැති ඇස්, කැළැල් නොමැති සම, පෞරුෂයට වැඩි වටිනාකමක් එක්කරන උස රුසියානු යුවතියන්ගේ සුන්දරත්වය තීව්ර කරවනවා.
වෙනිසියුලාව :
විශ්ව රූ රැජන සහ ලෝක රූ රැජන තරග ජයගත් බොහෝ සුරූපිනියන්ගේ නිජබිම වෙනිසියුලාව. හීන්දෑරි හැඩැති සිරුර, වාත්තු කළාක් වැනි සුන්දර මුහුණු වෙනිසියුලානු යුවතියන්ට උපතින්ම උරුම වෙනවා.
ඉන්දියාව :
බහු වාර්ගික විවිධත්වයක් ඇති රටක් වන ඉන්දියාව ලෝකයට බොහෝ සුරූපිනියන් බිහිකළා. දිලිසෙන සම සහ කෝමල බවින් ඔද වැඩුණු ඉන්දියානු යුවතිය සැබැවින්ම සුරූපිනියක්.
ආර්ජන්ටිනා :
ආර්ජන්ටිනාවේ යුවතියන් තමන්ගේ සමට සහ කොණ්ඩයට උපරිම සත්කාර කරන පිරිස විදියට තමයි ප්‍රසිද්ධ. දිලිසෙන හම වැහෙන්න කළු පැහැති ඇඳුම් අඳින ආජන්ටිනාවේ යුවතියන් උණුසුම්ව කැපිල පේනවා.
සර්බියා :
ආකර්ෂණීය සිරුරකට හිමිකම් කියන සර්බියාවේ යුවතියෝ බොහෝ සුන්දර විලාසිතා අනුගමනය කරන පිරිසක් බව ප්‍රසිද්ධයි.
දකුණු කොරියාව :
සාමාන්‍ය උසකට හිමිකම් කියන දකුණු කොරියානු යුවතියෝ වඩාත් කැපී පෙනෙන්නේ ඔවුන්ගේ හුරුබුහුටි මුහුණ නිසා.
ප්‍රංශය :
විලාසිතාවලට තියෙන සියුම් අවධානය, ලාලිත්‍ය, ප්‍රේමාන්විත පරිසරය නිසාම ප්‍රංශයේ යුවතියෝ ලෝකයේ කැපිලා පේනවා.
ඉතාලිය :
ඔලිව් තෙල් ආලේප කළාක් මෙන් දිලිසෙන රැස් විහිදෙන ශරීරය, දුඹුරු පැහැති හිස කෙස් ඉතාලි යුවතියන්ගේ පෙනුමට සුන්දරත්වයක් එක් කරනවා.
යුක්රේනය :
කලාතුරකින් පිහිටි ලස්සනකින් යුතු සුරූපිනියන් යුක්රේනයේ උපදිනවා.
උපුටා ගැනීම මව්බිම