පියාගේ දිවි බේරූ පුංචි දියණිය

පියාගේ දිවි බේරූ පුංචි දියණිය

එංගලන්තයේ ස්ටැන්ලි ප්‍රදේශයේ පදිංචි බාර්කේස් 47 හැවිරිදි ය‍. බිරියගෙන් දික්කසාද වී ඔහු නිවෙසේ පදිංචිව සිටිනුයේ කුඩා දියණිය සමඟ ය. ඇය පස් හැවිරිදි හෝලි ය. දියවැඩියා රෝගියකු වන බාර්කේස් වසර 33 ක් තිස්සේ ඉන්සියුලින් එන්නත ලබා ගනිමින් රෝගය මර්දනය කර ගන්නෙකි. පසුගිය දිනෙක දියණිය ද සමඟ නිවෙසේ උඩුමහලට ගිය බාර්කේස් දියණිය නින්දට යැවී ය. පාන්දර 1.30 පමණ වෙද්දී බාර්කේස්ට ශරීරයේ දැඩි අපහසුතාවක් දැනිණි. වහා නින්දෙන් අවදි වූ ඔහු අමාරුවෙන් ම ඇ‍ඳෙන් නැගිට පහළ මාලයට ගියේ සිය අපහසුතාව මඟහරවා ගැනීමට ප්‍රතිකාරයක් ගැනීමට ය. එහෙත්, රෝග තත්ත්වය උත්සන්නවීම නිසා ඔහු කළේ වහාම පහළ මාලයේ වූ පුටුවක වැටීමය. දියවැඩියා උත්සන්න වීම හේතුවෙන් සිහිමුර්ජා තත්ත්වයට පත්වූ බාර්ක්ලේට ඉන්පසු සිදුවූ කිසිවක් මතක නැත්තේ ය. පාන්දර ජාමයේ අවදි වූ හෝලි දියණිය පියා නිදි යහනේ නොමැති බව දැක වහා පහත මාලයට‍ ආවා ය. ඔහු සිහිසුන්ව පුටුවේ වැටී සිටිනු දුටු මේ කුඩා දියණිය වහාම තත්ත්වය තේරුම් ගෙන කලබල නොවී රුධිරයේ සීනි මට්ටම පාලනය කරන එන්නත ඔහුගේ උදරයට එන්නත් කළා ය. “හෝලි, මගේ චූටි දුව ඒ වෙලාවේ අවදි නොවුණා නම් මෙලහකටත් මා මිය ගිහින්. ඇය මගේ උරහිසෙන් අල්ලා හොලවනවා මට මතකයි. එහෙත්, එන්නත විදපු ගමන් මට එක්වරම පණක් ආවේ නැහැ. මුළුතැන්ගෙට යෑමට මං බිම දිගේ ඇදෙමින් ගියා. මීළඟට කළ යුතු දේ හෝලි ඒ වනවිටත් දැන සිටියා” බාර්ක්ලේ පැවසීය. හෝලිගේ මව සැන්ඩ්‍රා ය. පියා අසනීප වූවිට ඔහුට අවශ්‍ය එන්නත ශීතකරණයේ තිබෙන බවට ඇය හෝලි දැනුම්වත් කර තිබුණි. එහෙත් මේ කුඩා දියණිය කිසිදිනක එන්නත් කටුවකට අතවත් තබා තිබුණේ නැත. ශීතකරණයෙන් එන්නත ඇතුළු උපකරණ පිටතට ගත් හෝලි මීළඟට කළේ සිය මවට දුරකථන ඇමතුමක් දීම ය. මව එන පරක්කුවට ඇය පියාට එන්නත ලබා දුන්නා ය. බාර්ක්ලේට සිහිය එද්දී දුටුවේ ඔහු පසෙකින් වාඩි වී කිසිම කලබලයක් නැතිව ඔහුගේ ජංගම දුරකථනයෙන් පරිගණක ක්‍රීඩාවක යෙදෙන දියණියය. හෝලි දැන් සිය පියාගේ ජීවිතය බේරූ පුංචි වීර දියණියක ලෙස එරට ඇගැයීමට ලක්ව සිටින්නී ය.

උපුටා ගැනීම සිළුමිණ

Share This Article

මියගිය සුනඛයා එම්බාම් කර මිනී පෙට්ටියක දමා භික්ෂූන් ලවා පාංශුකූලයක් දුන් අපූරැ ස්වාමියෙක්

කුලියාපිටියේ පඩිවෙල සති‍පොළ කිට්ටුවේ තිබෙන විදුලි පහන් කණුවක අලවා තිබූ මරණ දැන්වීමක් දෙස බොහෝ දෙනකු බැලුවේ මහා පුදුමයෙනි. මරණ දැන්වීමක් මහා...

ස්මාර්ට් දුරකථන භාවිතයෙන් විය හැකි හානි.

ජංගම දුරකතන අපෙ දරුවන්ට අහිතකර බව අපි දන්නවා, නමුත් මෙ තරම් අහිතකර බව ඔබ දැන සිටියද? ලමයින්ගේ ළමා මනසට මෙන්ම සමාජ...

යාළුවො මාළුවො වගේ ඕන තරම් හිටියත් අවංක සැබෑ යාළුවො ඉන්නෙ කීයෙන් කී දෙනා ද?

ඔබට යාළුවො ඉන්නවද? සාමාන්‍යයෙන් අපි හැමෝටම වගේ යාළුවො ඉන්නව. හොඳ යාළුවෙක් කියන්නෙ විශාල ශක්තියක්. සහනයක් වගේම සැනසීමක්. හැබැයි ඉතිං යාළුවො කිව්වට සේරම...

මුදලට ගන්න බැරි දේවල් 5ක්

සල්ලි කියන්නේ අපේ ජීවිතයට අත්‍යවශ්‍ය වටිනා දෙයක්. නමුත් සමහර දේවල් තිබෙනවා මොනතරම් මුදල් තිබුණත් ඒවා මිලට ගන්න බැහැ. සෞඛ්‍යය : හුඟක් සල්ලි...

ජීවිතයම රෝහලක ගත කරමින් සිහින ජය ගැනීමට වෙරදරන මිනිසෙකුගේ කතාව

ජීවිතය පුදුමාකාරය. කිසිදු ආබාධයකින් තොරව, නිරෝගී ජීවිතයකට උරුමකම් කියමින් මෙලොවට බිහිවන බොහෝ දෙනෙකු ජීවිතයේ අභියෝග හමුවේ සිතින් අඩපණව ඇදවැටෙද්දී, සිය සමස්ත...

මතකය තහවුරු කරගන්නා ක්‍රම

සංවිධානය නැතහොත් ක්‍රමික සකස් කිරීම, පුහුණුව සහ විචිත්‍රකරණය (Organization, Rheasal, elaboration) මඟින් මොළයට අධ්‍යයනයන් ආරෝපණය (impose) කිරීම සහ තහවුරු කිරීම වැදගත්...