සුද්දො වගේ සුද්දො හිටියේ ඉස්‌සර...
ලෝභ නැතිව අත දිගහැර වියදම් කරන ඕනම කෙනකු දකින අපි, ඔහුට කියන්නේ ලසුද්දා වගේ වියදම් කරනවා කියා ය. සුද්දන්ගේ හැටි එහෙමය..... හොඳට කයි... හොඳට බොයි.... හොඳට ඇවිදියි...... හොඳට විනෝද වෙයි........ ඒ වෙනුවෙන් අත දිග හැර වියදම් කරයි........ තැඹිලි ගෙඩියක් බොන්නට යන සුද්දා එහි වටිනාකම රු. 20 නම්, ඒ වෙනුවෙන් රුපියල් 100 ක් දී ඉතිිරි මුදල ගන්නේ නැත. ටැක්‌සියකින් රු. 1000 ක දුර යන සුද්දා ගාස්‌තුව මෙන් දෙගුණයක් ටැක්‌සිකරුට දෙනවා නිසැකය......... සුද්දො වියදම් කරන්නේ එහෙමය. ඕවා බලාගෙන සිටි අපේ කලු සුද්දෝ, සුද්දෝ වාගේ වියදම් කරන්නට ගොස් නට්‌ටංවී පද්දෝ බවට පත් වු අවස්‌ථා ද හිඟ නැත. එහෙත් මේ ඔක්‌කොම දැන් පරණ කතාය. හැම දෙයක්‌ම වෙනස් වී ඇතිවා සේ දැන් සුද්දෝ ද වෙනස්‌ය. සුද්දෝ කියන වචනය ද දැන් බරපතළ ලෙස සංස්‌කරණය වී ඇත්තේ ඒ නිසා යෑයි මට සිතෙයි. දැන් සුද්දෝ සුඛෝපභෝගි වාහනවල යන්නේ නැත. යන්නේ ටුක් ටුක් හෙවත් ත්‍රීවිලර් වලය. ගියාට ඒවාටද ශත පහක් වැඩිපුර දෙන්නේ නැත. ලොකු හෝටල් වලින් කන්නේ නැත. කන්නේ පුංචි පුංචි කඩ වලිනි. කොත්තු, ආප්ප, පිට්‌ටු, ඉඳිආප්ප, රොටී වැනි කෑම දැන් ඔවුනට හොඳට පුරුදුය. ඒවායේ මිල ගණන් ද හොඳට පුරුදුය. සුඛෝපභෝගී හෝටලවල අද බොහෝ සුද්දෝ නතර වෙන්නේ නැත. නතර වන්නේ පුංචි ගෙවල්වල කාමර කුලියට ගෙනය. ලොකු හෝටල් කාමරවල නතරවෙන අයගෙන් වැඩි දෙනෙක්‌ද එම හෝටල්වලින් කෑම බීම නොගනිති. කන්නේ් හෝටලයෙන් පිට මහ පාරේ ඇති සාමාන්‍ය කඩවලිනි. බොහෝවිට පෙට්‌ටිකඩ වලිනි. අද වනවිට ඒ තරමටම සුද්දෝ වෙනස් වී ඇති බව අපි දැක ගත්තේ පසුගිය දිනවල ලංකාවේ දකුණේ හික්‌කඩුව, උණවටුන, කොග්ගල ප්‍රදේශවල කරන ලද සංචාරයකදීය.
ඔන්න අද උදේ ආවා මහත්තයෝ සුදු ජෝඩුවක්. ටුක් ටුක් එකක ආවේ. ඒකටත් ගානට සල්ලි ගෙව්වා. මගේ පෙට්‌ටි කඩේට ගොඩවෙලා ගස්‌ලබු ගෙඩියක් අරන් ඒක කපාගෙන කෑවා. වැඩිපුර මිලක් කියන්න බැහැ. මෙහේ මිල එයාලා දන්නවා. ගානටම සල්ලි ගෙවලා යන්න ගියා. වැල්ල අයිනේ පෙට්‌ටිකඩයක වෙළෙන්දියක් විස්‌තර කළාය. ඒ කියන්නේ සුද්දෝ ලෝභවෙලා. එහෙම වුණාට අපිට පාඩුවක් නැහැනේ මහත්තයා.. මේ පාර සීසන් එකට කවරදාකවත් නොආපු තරම් සුද්දෝ ගොඩක් ඇවිත් ඉන්නවා. ලොකු ලොකු හෝටල්වල ඉන්න අය පවා කන්න බොන්න මහ පාරට බහිනවානේ...... ඉතින් දැන් පොඩි මිනිහට බිස්‌නස් තියෙනවා......... ඒක හොඳයිනේ..... ඕ විස්‌තර කළාය. සැබෑවකි. උණවටුන, කොග්ගල, හික්‌කඩුව, වෙරළ තීරු අද එකම එක සුදු පුරයකි. උදේ පටන් රෑ වනතුරුම නානාප්‍රකාර මාදිලියේ විදේශිකයන්ගෙන් පිරී ගිය මේ වෙරළ තීරය අති සුන්දරය....... සමහරු නාති පවුල්පිටින් පැමිණි සමහරු දූ දරුවන් සමඟ වැල්ලේ සෙල්ලම් කරති. පෙම්වතුන් මෙන් පැමිණි තරුණ ජෝඩු පෙම් කරති. නාති, කති, බොති, අව්ව තපිති...... වැල්ලේ පෙරළෙති. කිමිදෙති, කොරල්පර හා විසිතුරු මසුන් බලති. විනෝද වෙති. තවත් කොතෙක්‌ද? යුරෝපයට හිම වැටෙන ශීතල සමය හෙවත් වින්ටරය...... ඝර්ම කලාපීය දේශගුණයක් සහිත හොඳින් හිරුඑළිය වැටෙන, සංචාරක කර්මාන්තයේ නියෑලෙන රටවල අසිරිමත් වසන්තයයි. ඒ වසන්තය උදාවන්නේ ශීතල රටවල සංචාරකයන් මුහුදු වෙරළේ හා ඉර අව්වේ සුව විඳ ගන්නට උණුසුම් රටවලට ඇදී ඒමත් සමඟය. ඒ අතින් බලන විට දැන් අපේ රටට උදාවී ඇත්තේ ද සංචාරක කර්මාන්තයේ වසන්තයයි. මක්‌නිසාද යත් ඉතිහාසයේ පළමු වතාවට එක් මාසයක් තුළදී වැඩිම විදෙස් සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ 2011 දෙසැම්බර් මාසය තුළදීය. සංචාරක මණ්‌ඩලයේ ගණන් හිලව් නිවැරැදි නම් එය 97,000 ද ඉක්‌මවා ඇත. එපමණක් නොව, එක් වසරක් තුළ ලංකාවට වැඩිම සංචාරකයන් ගණන පැමිණ ඇත්තේ ද පසුගිය වසර තුළ බව ගණන් හිලව් හදන්නෝ කියති. එය ලක්‍ෂ අටෙක සීමාව ඉක්‌මවා තිබීම ගැන සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ සියලු ආයතන හා සියලු දෙනාම සතුටු වන බවද පෙනේ.
මේ අතර ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ බටහිර යුරෝපයෙනි. ජර්මනිය, ප්‍රංශය, එංගලන්තය, නෙදර්ලන්තය ආදී රටවලට අමතරව ජපානය, රුසියාව, ඉන්දියාව ආදී රටවලින් ද සැලකිය යුතු සංචාරකයන් සංඛ්‍යාවක් පසුගිය සංචාරක සමය තුළ ලංකාවට පැමිණ තිබීම විශේෂත්වයකි. අප රටට පැමිණෙන සංචාරකයන් අතරින් විනෝදය පතා පැමිණි බොහෝ දෙනෙක් ආශා කළේ මුහුදු වෙරළටය. දකුණු දිග මුහුදු වෙරළ හුඟදෙනකුගේ අවධානය මෙහිදී දිනා ගන්නට සමත් වී තිබිණි. ඒ හැරුණු විට අප රටේ ඉතිහාසය හා ජාතික උරුමයන් බලන්නට හා හදාරන්නට පැමිණි පිරිසක්‌ද සිටිති. එම සංචාරකයන් සඳහා සංස්‌කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙළ යටතේ විකිණූ ටිකට්‌වලින් ලැබූ ආදායම මිලියන 884.5 ක් බවද කියති. අපට නම් හයර් තියෙනවා. සුද්දෝ සැප වාහනවල නොයා ත්‍රීවිලර්වල යන නිසා අපට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඉතින් ඉස්‌සර සුද්දන්ගේ ළඟින්වත් මෙයාලා තියන්න බැහැ. රුපියල් 5 ක් ඉතිරි වුණොත් ඒක ඉල්ලලා මුං පොර කනවා. .... ඇවිත් මාරු සල්ලි තියාගෙන තමයි ඉන්නේ........ ත්‍රීවිලර් රියෑදුරෝ කියති. හුඟක් දෙනෙක් දැන් බයිසිකල් පදින්නත් පුරුදුවෙලා. කාලයක් තිබුණා මෝටර් බයිසිකලේ දවස් කුලියට අරන් පදිනවා. දැන් මෙයාල ඊටත් වඩා ලාඛෙට පා පැදි හොයාගෙන පදිනවා. එයාලගේ ඉල්ලුමට අනුව සැපයුම තියෙන්නෙ එපායෑ. අපිත් දැන් ඕනම දේකට ඔට්‌ටුයි. හික්‌කඩුවේ වෙරළේ විවිධ වෙළ¹ම් කරමින් ජීවිකාව ගෙවන තවත් අයෙක් කීවේය. ගල්මල් උයන ද පිහිටා ඇත්තේ මෙකී මුහුදු තීරයේය. හිරු බැස බැබළෙමින් තිබේ. විදෙස් සංචාරකයන් පිරිසක් වැල්ලේ වැතිරී හිරු රශ්මියේ පහස විඳිමින් සිටියෝය. තවත් පිරිසක් ගල්මල් නැරඹීමට යාම සඳහා බෝට්‌ටුවලට නඟිමින් සිටියහ. ඇතමෙක් මුහුදු ජලයේ බැස එහි පහස විඳිති. සැබවින්ම මෙකී වෙරළ තීරය හරිම කාර්ය බහුලය. ඒ අතර රෙදිපිළි හා නොයෙකුත් විසිතුරු භාණ්‌ඩ විදේශිකයන්ට විකි”ම සඳහා වැල්ලේ කරක් ගසන වෙළෙඳුන්ගෙන් හා වෙළෙන්දියන්ගෙන් ද අඩුවක් නැත. අපි වෙරළ තීරය දිගේ ඉදිරියට ගමන් කළෙමු. ඕස්‌ට්‍රේලියා ජාතික විදේශීය සංචාරකයකු අපට හමුවූයේ එහිදී ය. ඔහු පේෂ් විඩ්ලර් ය. තම දියණිය සමග පිහිනුම් පාඨමාලාවකට ඔහු මෙරටට පැමිණ සිටියේය. ඇත්තටම ලංකාවේ මිනිසුන් හොඳයි. මේ රටේ මිනිසුන් හරිම මිත්‍රශීලියි. යුද්ධය ඉවරවුණු නිසා රටේ ජීවත් වන සියලුම ජාතීන්ට නිදහසේ ඉන්න පුළුවන් මේ රට හරිම ලස්‌සන හා සුන්දර රටක් බියක් සැකක් නැතිව රටේ ඕනෑම තැනක සංචාරය කරන්න පුළුවන් පේෂ් විඩිලර් කීවේය. ඉන්පසු අප ගමන් කළේ උණවටුන වෙරළ තීරයටයි. එම වෙරළ තීරයද විදෙස් සංචාරකයන්ගෙන් පිරී ගොස් ඇත. ඇතමෙක් වැල්ලට වී නිදහසේ පොත් පත් කියවති. තවත් පිරිසක් වැල්ල දිගේ ගමන් කරමින් විනෝද වෙති. සමහරෙක් අව් රශ්මියේ පහස විඳිති. තවත් තැනක කොලු ගැටයකු විසින් විදේශීය කාන්තාවකගේ හිස තෙල් වර්ගයක් ආලේප කරමින් සම්භාහණය කරයි. උණවටුනේ සංචාරක හෝටල් හිමියකු වන මිල්ටන් ගලප්පත්ති අපට හමුවූයේද මෙකී සංචාරක කලාපයේ අප කළ සංචාරයේදීය. ඔහු මෙරට සංචාරක ව්‍යාපාරයේ ඇති වී තිඛෙන දියුණුව ගැන ගණන් හිලව් ඇතිව අපට තොරතුරු රැසක් කීවේය. ඇත්තටම මෙවර සංවර්ධනාත්මක සංචාරක වාරයක් 82 න් පස්‌සේ සංචාරක ව්‍යාපාරයේ මෙතරම් දියුණුවක් ඇති වුණේ මෙවරයි. 82 වසරේ සංචාරකයන් හාරලක්‍ෂ දෙසීයහැත්තෑ තුන් දෙනෙකු මෙරටට ආවා. ඉන්පසු වැඩිම සංචාරකයන් පිරිසක් මෙරටට පැමිණියේ ඉකුත් වසරේ පාරිසරික සංචාරක කර්මාන්තයෙන් විශාල දියුණුවක් තියෙනවා. දැන් පැමිණෙන සංචාරකයෝ වැඩිය වියදම් නොකරන බව කියනවා. නමුත් එය මා පිළිගන්නේ නැත. විදෙස් සංචාරකයකු දිනකට අඩුම තරමින් රුපියල් දස දහසක් දොළොස් දහසක් විතර වියදම් කරනවා. ඉදිරියේ අපේ රටේ විදේශ විනිමය උපයන ප්‍රධාන ව්‍යාපාරය බවට පත්වන්නේ සංචාරක කර්මාන්තයයි.
මිල්ටන් ගලප්පත්ති තමන්ට වූ අසාධාරණයක් ගැන ද අප සමග කීමට අමතක කළේ නැත. සුනාමි දළ රළ පහරට හසු වීමෙන් මොහුගේ හෝටලයට දැඩි ලෙස හානි සිදු විය. තම බිරිඳ ද මොහුට අහිමි විය. සුනාමි රළ පහරින් රුපියල් විසි පන්කෝටියක් විතර මට පාඩු වුණා. සුනාමිය වෙලා වසර හතක් වෙනවා රජයෙන් අලාභ වශයෙන් ශත පහක මුදලක්‌වත් මට දුන්නේ නැහැ. බැංකු ණයක්‌වත් ගන්න බැහැ මිල්ටන් ගලප්පත්ති කීවේය. කොග්ගල ද විදෙස් සංචාරකයන්ගේ පාරාදීසයකි. කොග්ගල වෙරළ තීරය ආකර්ශනීය වූ වෙරළ තීරයකි. කොග්ගල කලපුව මෙන්ම ඒ අවට ඇති පරිසරයට විදේශිකයන් වශීවී ඇත්තාහ. කොග්ගල කලපුව හා ඒ අවටින් විදේශිකයන් ඉඩම් මිලදී ගත්තේ ද මේ නිසාය. මේ ගැන අහංගමදී අපට හමුවූ සංචාරක හෝටල් හිමියකු වන ලයනල් ඉප්පලවත්ත කීවේ මෙවැනි කතාවකි. කොග්ගල ඔය අවටින් හා හබරාදූව වෙරළ තීරයේ ඉඩම් විදේශිකයන් කෝටි ප්‍රකෝටි ගණන්වලට මිලදී ගන්නවා විදේශීය ව්‍යාපාරිකයන් විසින් මෙරට සංචාරක ව්‍යාපාරය බිලි ගන්නා තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. කෙසේ වුවද මෙවර විදෙස් සංචාරකයන් විශාල පිරිසක් පැමිණ ඇති බව ඔහු කීවේය. විදෙස් සංචාරකයන් විශාල වශයෙන් පැමි”ම නිසා සමහරක් නිවාසවල බිමට මෙට්‌ට දමලා ඔවුන්ට දීලා තියෙනවා. නමුත් දැන් මෙරටට එන සංචාරකයන් ඩොලර් විසි කරන්නේ නැත. වෙනදා රිටිපන්න ධීවරයන් රිට උඩ නග්ගලා ඡායාරූප අරගෙන ඩෝලර් දහයක් දෙනවා දැන් ශත පහක්‌වත් දෙන්නේ නැත. මොවුන් සුඛෝපභෝගි වාහන ගමන් බිමන් යාම සඳහා යොදා ගන්නේ නැහැ. නමුත් මෙවර සංචාරකයෝ වෙනදාට වඩා ගමට ගිහින් තියෙනවා. ලයනල් ඉප්පලවත්ත කියන්නේය. සංචාරක කර්මාන්තයේ නිරත වන අයට බැංකු ණය ක්‍රමයක් නැත. සුනාමි ෙ€දවාචකයේදී මගේ හෝටලයට රුපියල් කෝටියක් විතර පාඩු වුණා. නමුත් රජයෙන් ශත පහක්‌වත් ලැබුණේ නැත. අනික වතුර බිල විදුලි බිල වැඩිවීම නිසා ව්‍යාපාරයෙන් ලැඛෙන ලාභය අඩුයි. රුපියල අව ප්‍රමාණය වීමත් ඒ සඳහා බලපාලා තියෙනවා ලයනල් ඉප්පලවත්ත චෝදනාවක් ද එල්ල කළේය. කෙසේ වුවද, මෙවර අන් කවරදාටත් වඩා සංචාරකයන් පැමිණ ඇති බව නම් සැබෑය. දකුණු පළාත තුළ සංචාරකයන්ගේ පැමි”ම වැඩිවීම සඳහා දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය ද බලපා තිබේ. දැන් විදෙස් සංචාරකයන් දකුණු පළාතට පැමිණෙන්නේ අධිවේගී මාර්ගය දිගේය. ඇතැම් විදෙස් සංචාරකයන් පැමිණෙන්නේ අධිවේගී බස් රථවලය. දකුණේ හෝටල්වල කාමර සියල්ල විදේශිකයන්ගෙන් පිරිලා. ගිය සිකුරාදා රුසියානු ජාතික විදේශිකයන් පිරිසකට දකුණු පළාතට එන්න අවශ්‍ය වෙලා තිබුණා. නමුත් ඔවුන්ට දකුණට ඇවිත් නතර වෙන තැනක් තිබුණේ නැත. පසුව ඒ අය නතර වුණේ අනුරාධපුරයේ හා පොළොන්නරුවේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මෙසේ කීවේ දකුණු පළාත් ආණ්‌ඩුකාර කුමාරි බාලසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ගාල්ලෙ පැවැති රැස්‌වීමකදීය. මේ සියල්ලටම හේතුව තිස් වසරක් තිස්‌සේ පැවැති යුද්ධය අවසන්වී රටට සාම උදාවීමයි. ඉදිරියේදී අපේ රටේ ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ගය සංචාරක ව්‍යාපාරය බවට පත්වීමට තිඛෙන ඉඩකඩ ද වැඩිය. අපේ ඇත්තන්ගේ අතමිට තව තවත් සරුවීමට නම් හිඟන සුද්දන්ට වඩා යමක් කමක් ඇති යුරෝපීය රටවල් විදේශිකයන් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට කටයුතු කිරීම බලධාරීන්ගේ වගකීමකි.
ලලිත් චාමින්ද
උපුටා ගැනීම දිවයින