මේ වගේ දේවල්වලට වැඩිපූරම අහූවෙන්නේ ගැහැනූ අපිම තමයි
මම විවාහ වෙද්දි අවූරුදු දහසයයි. ගමේ ගොයම් කපන්න ගිහින් තමයි මහත්තයා මට මූණ ගැසූණේ. ඒත් ගෙදරින් කැමති වූණේ නැහැ. මම හොරෙන් බැන්ඳා. ඒත් ඒකට හේතු ගොඩක් තිබූණා. පූංචි කාලෙ ඉඳලා මම ජීවිතේ සෑහෙන්න අත්දෑකීම් ලැබූවා. මගේ පවූලේ සහෝදර සහෝදරියන් පස් දෙනෙක්. මම හතරවෙනියා පාසල් යන්න තරම්වත් වාසනාවක් තිබූණේ නැහැ. මොකද මගේ උප්පැන්න සහතිකය ගන්න අම්මලාට බැරිවෙලා. අනිත් අය පාසල් යද්දි මම ගෙදරට වෙලා හිටියා. ඒ වගේ දේවල් නිසා මම හිටියේ හරිම දුකෙන්. ඒත් මම ගමේ එක එක වැඩවලට ගියා.
අපි විවාහවෙලා හිටියේ ගමේම ගෙයක් කුලියට අරගෙන. ප්‍රශ්න ගොඩක් තිබූණත් අපි හිතේ සතුටෙන් හිටියා. අපේ අක්කා රට ඉඳලා ආවේ මේ කාලයේදී. එයා විතරක් නෙවෙයි දරුවෙකුත් හදාගෙනයි එයා ආවේ. ගෙදරට බාර ගත්තේ නැති නිසා එයා මගේ ළඟට ආවා. මොනව වූණත් මගේ අක්කා නිසා මම එයාව නවත්ව ගත්තා. ඒ වෙද්දි මගේ ලොකු දුව ලැබෙන්නයි හිටියේ. කොහොම නමූත් දුව ලැබිලා ගෙදර ඇවිත් දවස් තුන හතරක් ගත වෙද්දි මට ඒ දෙන්නගේ ලොකු වෙනසක් දෑනූණා. මම හිතුව විදිය හරි. ඒ දෙන්නා අතරෙ සම්බන්ධයක් තිබෙන බව මගේ අතටම අහූවූණා. මම පොලිසියට ගිහින් පැමිණිලි කරලා අම්මා ළඟට ගියා. අම්මා මාව බාරගත්තා. පොලිසිය මේ ප්‍රශ්නය සමාදාන කරලා මාව නැවත එයාට බාර දුන්නා. අක්කා ගෙදරින් ගියා. දරුවා නිසා මම ඉවසගෙන හිටියා.
ඊටපස්සේ අපි ඉස්සර වගේ හොඳින් හිටියා. පූතාත් ලැබූණා මට ඒ කාලයේදී. මහත්තයා යාළුවෙක්ගේ බයිසිකලයක් සල්ලිවලට ගත්තා. එයා දෑනගෙන හිටියේ නැහැ ඒක හොරකම් කරපූ එකක් කියලා. මේ හොරකම අහූවෙලා එයා මාස හයකට හිරේ ගියා. ඒ කාලෙ දරුවො දෙන්නයි මමයි සෑහෙන්න දුක් වින්ඳා. මගේ ඉඩම උකස් කරලා එයාව බේර ගත්තා. නමූත් එයා ආව දවසෙම ගිහින් තියෙන්නේ අක්කා බලන්න. මම එදා තමයි දෑනගත්තේ මේ තරම් දවසක් මාව රවට්ටලා කියලා. මට එපා වූණා ජීවිතයම. ආයෙත් මම අම්මා ළඟට ගියා. මගේ දරුවන් මට දුන්නේ නැහැ. ආයෙත් මම ගෙදරට එද්දි ඒ දෙන්නා කුලියට ගෙයක් බලන්න ගිහින්. මම ඒ මොහොතෙම හැරිලා ආවා.
කොළඹට ඇවිත් ගෙදරක වැඩ කළා. එහෙම කාලයක් ගත වෙද්දි මට තවත් කෙනෙක් හමූ වූණා. මගේ විස්තර සේරම දෑනගෙන එයා මාව බාර ගන්න කැමති වූණා. මාස හයක් හතක් විතර අපි හොඳින් හිටියා. එයා මට ඇත්තටම ආදරෙන් සැලකුවා. ඒත් දෛවය කියන්නේ හරි පූදුම දෙයක්. සතුට කියන දේ මගේ ළඟ රඳවා ගන්න තරම් වාසනාවක් මට තිබූණේ නැහැ. මහත්තයාගේ යාළුවො දෙන්නෙක් රත්තරන් බඩූ වගයක් අරගෙන ඇවිත් උකස් කරන්න. ඒ දේනනා එක්ක අපි දෙන්නටත් එන්න කිව්වා. යාළුවො නිසා අපි වැඩිදුර හිතුවේ නැහැ. ඒවා උකස් කරලා සල්ලිත් අරගෙන ආවා. ඊට සතියකට විතර පස්සේ තමයි පොලිසියෙන් අපිව අල්ලා ගත්තේ. මූලින්ම මහත්තයා අරගෙන ගියා. ඊට පස්සේ මාවත් අල්ල ගත්තා. අනෙක් දෙන්නත් පොලීසියට අල්ලගෙන තිබූණා. අපි දෙන්නා දෑනගෙන හිටියේ නැහැ. ඒ බඩූ හොරකම් කරපූ ඒවා කියලා. කොහොම වූණත් දෑන් මෙහෙට ඇවිත් මාස දෙකක් විතර වෙනවා. මහත්තයාත් හිරේ. අපි දෙන්නා රැවටූණා. කිසිම දෙයක් හොඳින් නොදෑන කිසි කෙනෙකුට උදවූ කරන්න යන්න නරකයි. අපි එහෙම නොහිතුව නිසා තමයි අපි අද මේ දුක් වෙන්නේ. ඒ වගේම තමයි අපි හොඳ පාඩමක් ඉගෙන ගත්තා. ඕනම කෙනෙක් බලන්නේ තව කෙනෙක්ව රවට්ටලා මොනවා හරි වැඩක් කරවා ගන්න. ඒ කෙනාගේ ජීවිතය ගැන හිතන්න අවශ්‍යතාවයක් ඔවූන්ට නැහැ. මේ වගේ දේවල්වලට වැඩිපූරම අහූවෙන්නේ ගැහැනූ අපිම තමයි"
තරංගා ගුණවර්ධන