ළමා අපචාර වළක්වන මඟ
පිපෙන්නට කලින් තැලී පොඩිවී මිලින වී යන, සමාජය තුළ අසරණ වූ පුංචි මල් කැකුළු ගැන මාතෘකා ගොන්නක් ගොනුකරනු ලැබුවේ හිතක් පපුවක් ඇති කෙනෙකුට සිතන්නටවත් බැරි තරමේ නින්දිත ක‍්‍රියා සිදුවීම් මාලාවක් පසුගිය කාලය පුරාවටම සිදුවූ නිසාවෙනි. පියා තම දියණිය දුෂණය කරයි, සීයා මිණිබිරිය දුෂණය කරයි, මස්සිනා නෑනා දුෂණය කරයි, මාමා දුව දුෂණය කරයි, බාප්පා දුව දුෂණය කරයි. මේවා අපට වාර්තා වූයේ ශිෂ්ඨත්වය, සදාචාරය, සංස්කෘතිය ආදී වටිනාකම් පිළිබඳ මහා ඉහළින් කතා කරන සමාජ වටපිටාවකදීය. එය එසේ වූයේ කෙසේද? හිතක් පපුවක් ඇති අයෙකුට සිතන්නටවත් බැරි මෙවැනි අපරාධ වළක්වාගන්නේ කෙසේද?
කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, සමාජ විද්‍යාඥ ජගත් වැල්ලවත්ත මහතාගෙන් අපි ඒ පිළිබඳව විමසීමක් කළෙමු.
අප මෙපමණ කාලයක් ලංකාව හඳුන්වා දෙනු ලැබුවේ දෙදහස් හයසිය වසරක ඉතිහාසයකට උරුමකම් කියන සමාජ සාරධර්ම පිළිබඳ මහ ඉහළින් කතා කරන, සංස්කෘතික වටිනාකම් වලින් පරිපූර්ණ, ශිෂ්ටසම්පන්න සමාජයක් ඇති රටක් ලෙසය. එය සැබෑය. මෙම සංස්කෘතික හැදියාව සමාජයේ ප‍්‍රායෝගිකව ගත් කළ, සමාජය තුළ ජීවත්වන සැමටම අදාළ වන්නේද යන්න ගැටලූ සහගතය. මනෝ විද්‍යාඥ සිග්මන් ෆ්‍රොයිඞ් පෙන්වා දෙන ආකාරයට සිත කොටස් තුනකින් යුක්ත වේ.
ඉන් පළමුවැන්න වනුයේ ඉඞ් සංස්කාරයයි. අනෙක් ඒවා වනුයේ ඉගෝ, සහ සුපර් ඉගෝය. ඉඞ් සංස්කාරය තුළ (සිතෙහි ස්වභාවය) දිග හැරෙනුයේ මිනිසාගේ ප‍්‍රාථමික අවශ්‍යතා පිළිබඳවය. මනුෂ්‍ය වර්ගයා ආරම්භ වූ අවදියේදී මිනිසා තුළ තිබූ මූලික අවශ්‍යතා වූ කුසගින්න, පිපාසය, චණ්ඩභාවය, ලිංගික අවශ්‍යතාවන් සහ නිදිමත යන ඒවා සපුරා ගන්නේ කෙසේද යන්න මෙම සිත තුළින් සිදුවේ. මෙම සියලූ අවශ්‍යතා සතුන් තුළද දක්නට ලැඛෙන්නේය. ඉඞ් සංස්කාරය තුළදී සිදුවනුයේ මිනිසා මෙම සීමිත අවශ්‍යතා සඳහාම පමණක් පෙළඹීමය. මනෝවිද්‍යාඥ ෆ්‍රොයිඞ් පෙන්වා දෙන ආකාරයට ඉගෝ පද්ධතිය තුළ ඇත්තේ, ඒ ඒ සමාජ සංස්කෘතිය තුළින් මිනිසුන් ඉගෙන ගන්නා දෙයය. හැසිරිය යුත්තේ කෙසේද, නොහැසිරිය යුත්තේ කෙසේද යන්න මෙමගින් හැඳින්වේ. චර්යාත්මක සංස්කෘතියේ ආරම්භය සනිටුහන් වන්නේ එලෙසය. ඔබ මෙසේ කළ යුතුයි. මෙසේ නොකළ යුතුයි යන්නය. හොඳ නරක හඳුනා ගන්නේ එලෙසය. බොහෝ මිනිස්සු මෙම කාරණාව හොඳින්ම ඉගෙන ගනිති. එසේ ඉගෙන ගත් මිනිසුන්ට සමාජයට පොදු ලෙස ජීවත්වීම අසීරු වන්නේ නැත. නමුත් ඇතැම් පිරිසකට මෙම කරුණු මෙලෙසම ඉගෙනීමේ හැකියාවක් ඇත්තේ නැත. එනම් සමාජගත වීමේ හැකියාවක් ඇතැමෙකුට නොමැති වීමය.
සිග්මන් ෆ්‍රොයිඞ් සිතේ ස්වභාවය පිළිබඳ අධ්‍යනය කිරීමේදී තෙවැනි සිත ලෙසට විස්තර කරනුයේ සුපහන් සිත පිළිබඳවය. යම් ආකාරයේ ඉඞ් සංස්කාරයේ මූලික අවශ්‍යතා ඉටු කිරීමේ පෙළඹවීමක් පරාජයට පත්කර ගත නොහැකි වුවහොත් පහන් සිතක් ඇතිවේ. ඒ මොහොතේදී හදවතට දැනෙන පසුතැවිල්ලකි. අපරාදේ මට ඉවසන්න තිබුණා. මට ඒ දේ නොකර ඉන්න තිබුණා යැයි යම් සිදුවීමකට පසුතැවිලි වෙති. එය හෘද සාක්ෂිය ලෙස හැඳින්වේ. සමාජය තුළ ඇතිවන ඇතැම් අපරාධ ඇසූ විට, දුටු විට අපට එකවර කියැවනුයේ හිතක් පපුවක් තිඛෙන පුද්ගලයෙකු එසේ කරන්නේ කොහොමද කියාය. බොහෝ අපරාධ වල සුලමුල වන්නේ එයයි. සමාජය තුළ මිනිසා සංස්කෘතික ගත නොවන්නේ නම් හිතක් පපුවක් ඇති මිනිසුන් සමාජය තුළ ජීවත් වීමට ඉඩක් ලැඛෙන්නේ නැත. එය පොදුවේ සමාජයටම බලපාන බරපතළම කරුණකි. මෙම තත්ත්වය ඇත්තේ සමාජය තුළ ජීවත්වෙන සමස්ථ ජනකායෙන් දශම එකකට හෝ දශම එකකට වඩා අඩු ප‍්‍රමාණයකින් පමණි. අපරාධකාරිත්වය සහ ළමා අපචාරය පැමිණෙනුයේ මෙම සියයට 1 හෝ දශම එකේ සමාජ රටාව තුළින්ය. නමුත් එවැනි සිද්ධීන් තුළින් හෘද සාක්ෂියක් ඇති අපට දෙන කම්පනය අති විශාලය.
විවිධ අපයෝජන, ලිංගික අපචාර පිළිබඳ කතා කිරීමේදී ලොව පිලිගත් මතයක් වනුයේ ලේ ඥාතීන් අතර ලිංගික සම්බන්ධතා නොපැවැත්විය යුතුය යන්නය. එය ලොවපුරා පාරාවෝ රජවරුන්ගෙන් පසුව පොදු සංස්කෘතියකින් දිග හැරෙන කතාවකි. නමුත් අවාසනාවට මේ පුංචි රට තුළ, නොදියුණු ග‍්‍රාමීයන් තුළ ගස ඉන්දා, පල පැමිණි මුල් පලය තමා භුක්ති විඳිය යුතු නි්‍යායයේ සිට පියවරුන් තමාට දාව මෙලොවට බිහිකරන දියණිවරුන් වැඩිවිය පැමි”මෙන් පසුව තම ලිංගික ආශාවන් ඉෂ්ඨ කර ගැනීමට යොදවා ගන්නා බව සත්‍යයකි. එම සමාජ පද්ධතිය තුළ තම ආදර”ය වැඩිමල් දියණියගේ කන්‍යාභාවය අහිමි කරනුයේ තම පියා විසිනි. මෙවැනි සිදුවීම් වාර්තා වන්නේ දෙදහස් පන්සියයක සංස්කෘතික උරුමය, කියාපාන පුංචි ධර්මද්වීපය තුළය. එම නිසා විවිධ සංස්කෘතීන් තුළ විශ්ව තහංචි පවා කැඞී බිඳී යන බව අපි සිතිය යුතු වන්නෙමු. එසේ වීමට මූලිකම හේතුව වන්නේ පුද්ගලයා සමාජගත නොවීමය. කෙසේ නමුත් දින දින සමාජය තුළ අපරාධ වැඩිවනවාත් සමග, මේවා වැරැදි, මේවා අපචාර ක‍්‍රියා කියා සමාජයට දැනෙන්නට පටන් ගත් පසු, පැමිණිලි කරනා තත්ත්වයකට පත් විය. එහි ප‍්‍රතිඵලයක් ලෙසට ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස දෙපාර්තමේන්තුව, පළාත් පරිවාස දෙපාර්තමේන්තු, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය වැනි රාජ්‍ය ආයතන බොහොමයක් අපයෝජනය පිළිබඳ දැනුම්වත් කිරීම ආරම්භ කරන ලදී. අපයෝජන වැඩිවීමේ රැල්ලක් ඇති වී ඇති කාරණාව, අඳුනින් නිර්මාණය වූ විශේෂ රැල්ලක් වන්නේ නැත. සිදුවී ඇත්තේ වාර්තාකරණය වැඩිවී දැනුවත් වීමේ අවස්ථා වැඩිවීම සහ පියවර ගැනීමේ අවස්ථා වැඩිවී තිබීමය. රටේ පවතින නීතියට අනුව, අවුරුදු දාහතරට වඩා අඩු දැරියක් තම කැමැත්තෙන් ලිංගික සේවනයක යෙදුනද, අනිවාර්යයෙන්ම, එය සලකනුයේ ස්ත‍්‍රී දුෂණයක් ලෙසය. මෙවැනි නීති රට තුළ නිර්මාණය වූයේ දරුවන් අඩු වයසින් විවාහවීම වැළැක්වීමටය. ඊට මූලිකම හේතුව වන්නේ අඩු වයසේ දරුවෙකුට මවක් වීමට ඇති සුදුසුකම කුමක්ද යන්න පැනයට පිළිතුරක් නොවීමය. මෙම ජීව විද්‍යාත්මක කරුණට සාධාරණයක් ඉටු කිරීමටය. සංස්කෘතියේ මොනවා ලියවී තිබුණද, ප‍්‍රායෝගිකව ක‍්‍රියා කරන්නේ කෙසේද යන්න අප සොයා බැලිය යුතුය.
අප බොහෝවිට සමාජය තුළ කතිකා කරනුයේ ගැහැනු දරුවන් අපයෝජනයට ලක්කිරීම පිළිබඳ පමණි. නමුත් ඒ හා සමානවම පිරිමි දරුවන්ද අපයෝජනයට ලක්වෙන බව සත්‍යයකි. ඒ පිළිබඳව දෙමාපියන් සැලකිලිමත් විය යුතුය.1977 පසුව මෙරට ඇති වන ගෝලීය ආර්ථික රටාව තුළ, අප රට තුළ ඇතිවන සංස්කෘතික පෙරළිය සුළුපටු වූයේ නැත. මෙහි එක් ප‍්‍රතිඵලයක් ලෙසට ලිංගිකත්වය සමාජීය වටිනාකමකින් එහාට ගිය ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. රට තුළ අපයෝජන වැඩි වීමට තවත් එක් ප‍්‍රධාන හේතුවක් වී ඇත්තේ සමාජයේ ඇතැම් පුද්ගලයින් අඳිනා සළු බර වැඩි වීමය. බොහෝ මිනිසුන් සිල් රෙද්දට ජාතික ඇඳුමට මුවාවී සිත ඇවිස්සුනු විට, තමන්ගේ ලිංගික ආශාවන් උද්දීපනය වූ විට තමාගේ භාර්යාව සමග ලිංගිකව හැසිරෙන්න යන්නේ නැත. ඇතැම් විට වයස ද එයට බලපානු ලබන්නේය. ඇතැම් විට දරුවන් කසාඳ බැඳ දීගතල ගොස් ඇත්නම්, සිතක ඇති වන ලිංගික ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට, සිතන තරම් පහසු වන්නේ නැත. එවන් විටක සිදුවන්නේ, ලිංගික ආශාවට පත්වූ මිනිසා එය කෙසේ හෝ පිටකර ගැනීමට උත්සහ ගැනීමය. මෙවැනි පුද්ගලයන් දරුවන් ලිංගික අපයෝජනයන් සඳහා යොදා ගනු ලබනුයේ බලහත්කාරයෙන් නොවේ. ඔවුන් බොහෝ විට එය සිදුකරනුයේ හුරු කිරීමක් ලෙසටය. උදාහරණයක් ලෙසට, ඔඩොක්කුවේ තබා ගැනීම, ස්පර්ශ කිරීම, ලිංගික අවයවයන්ට ආසන්න තැන් සිප ගැනීම, ආදී දෑ, පිටස්තරයන්ටද නොදැනෙන්නට සිදුකරති. මේ තුළින් ලිංගික ආශාවෙන් පෙළෙන පුද්ගලයා ආශ්වාදයක් ලබන අතර, එය දරුවා හෝ දකින අයෙකුටද සැක සිතෙන්නේ නැත.
රට තුළ ළමුන් අපයෝජන ක‍්‍රියා වැඩි වීමට මූලික හේතුවක් වී තිඛෙන්නේ කුඩා දරුවෙකුට සිදුවුණ දෙයක් ඒ අයුරින්ම විස්තර කිරීමේ හැකියාවක් නොමැති වීමය. තවත් විටක නොදන්නා කමට දරුවා සිදුවූ සියලූ දේ රහසක්ව තබා ගනී කියන විශ්වාසයත් ඒ තුළින් තමන් හෙළිදරවු නොවනා කියන අපයෝජකයා තුළ ඇති නිසාය. එම නිසාම පවුලේ සමීපතමයන්ම තෝරා ගැනීමට හේතු වී තිබේ. මව්වරුන් විදේශගත වීමද දරුවන් අතර ළමා අපයෝජනය වැඩිවීමට එක් හේතුවක් වී ඇත. බීමත්කමින් වල්මත් වී නිවසට එන පියාට, තමා තුළ ඇති වන ඇවිස්සුණු ලිංගික ආශාවන් ඉටුකර ගැනීමට අවස්ථාවක් නොවන අතර, ඔහුගේ ගොදුර බවට පත් වන්නේ තමාගේම ලෙයින් උපන් දියණියය. එවැනි දරුවන්ට පවුල තුළ වෙනත් විකල්පයක් ඇති වන්නේ නැත. මෙවැනි දේවල් අඩුවක් නොමැතිව අප රට තුළ සිදුවන්නේය.
සත්‍ය වශයෙන්ම අප සංස්කෘතික රටාව ගොඩ නැගී ඇත්තේ එදා සිට අද දක්වාම නිර්මාණය වී ඇති දරුවෝ මත්තේ හැප්පෙන සමාජයක් ලෙසටය. දෙමාපියන්ට දරුවන්ගෙන් තොර ලෝකයක් ඇත්තේ නැත. අද වන විටත් සියයට අනූපහක් පමණම සිටින්නේ දරුවෝ නිසාම හැපෙන, දරුවෝ නිසාම විඳවන මව්පියන්ය. නමුත් වරදක් කරන සුළු පිරිස හේතුවෙන්, අසරණ දෙමාපියන්ටද නරක නාමයක් ලබා ගැනීමට සිදුව තිබේ. ආදරබර දෙමාපියන්, ආදරබර ඥාතීන් අප පවුල් තුළ ඕනෑ තරම් ඇත. වරදක් වාර්තා වූ සැනින් ඒ සියලූදෙනාම සැක කිරීමට අප කිසිවකුට අවශ්‍ය වන්නේ නැත. එසේ විය යුතුද නැත. කළ යුත්තේ වරද නිවැරැදිව හඳුනා, එය එසේ නොවන්නට වග බලා ගැනීම පමණි. සමාජය තුළ එක් සිදුවීමක් වූ විට අප සියලූදෙනාම විශ්වාස කරනුයේ එවැනි දෙයක් මගේ දරුවාටත් සිදුවේදෝ යන සැකයයි. මෙවැනි තත්ත්වයක් උඩ අප බොහෝ දෙනෙකු පියා හෝ ආදරයෙන් දරුවනට ලංවන විට බිය වන්නේය. ගුරුවරයාට බාරදී පැය කිහිපයක් හෝ තබන්නේ කෙසේද, මාමා, බාප්පා, සීයා, දරුවාට ආදරය කරන්නේ සැබෑවටමද යන්න අපි කිහිපවරක් සිතන්නට ගන්නේ සමාජ තුළ සිදුවන සිද්ධි මාලාවත් සමගය. කෙසේ නමුත් සමාජය තුළ ළමා අපයොජනයක්, අපචාරයක් සිදුවූ විට අපට මුලින්ම සිහියට නැගෙන්නේ ආණ්ඩුව මෙයට යමක් කළ යුතුයි කියාය. ළමා ආරක්ෂක අධිකාරිය, පොලීසිය මෙයට පියවර ගත යුතුයි කියාය. එය එසේ සිදුවිය යුතුමය යැයි අපි සිතමු. ආණ්ඩුව රැකිය යුතු රටේ දරුවන් සංඛ්‍යාව ලක්ෂ හතළිහකි. නමුත් පවුලක අම්මටත්, තාත්තටත් ඇත්තේ දරුවන් කී දෙනෙක්ද? එක්කෙනෙක්, දෙන්නෙක් හෝ තුන්දෙනෙක් පමණි. මේ ටික රැකීමේ වගකීම පැහැර හැරිය දෙමාපියන් ඇඟිල්ල දිගුකරනුයේ සමාජයේ විවිධ පාර්ශවයන්ටය. දරුවන් සුරැුකීමේ මූලික කාර්යය පැවරෙනුයේ දෙමාපියන්ට, වැඩහිටියන්ට විනා වෙනත් පාර්ශ්වයකට නොවේ. දරුවන් දෙමාපියන් තුළ සුහදතාවය පවත්වාගෙන යන්නේ නම් දරුවන් ආරක්ෂා කිරීම ගැටලූවක් වන්නේ නැත.
දරුවන් වරදට පෙළඹෙන තවත් අවස්ථාවක් වන්නේ අපේ දරුවන් හොඳයි කියන මතයේ සිට කටයුතු කිරීමය. දෙමාපියන් අතින් සිදුවන අනෙක් වරද වන්නේ නිවස සුරක්ෂිතයි කියා සිතීමය. එතැනද අනතුරක් තිබිය හැක. නිවසත්, සමාජයත් දෙකම ආරක්ෂාව සහ අනාරක්ෂාව යන විෂයන් දෙකම ඇති දෙයක් ලෙසට සිතිය යුතුය. දෙමාපියන් ලෙසට දරුවාට රැකවරණය සැලසිය යුත්තේ කයට පමණක් නොවේ. කන්න දෙනවා, අඳින්න දෙනවා නමුත් දරුවාගේ පෞරෂය ගොඩනගන්නට යමක් කරන්නේ නැහැ. ආදරය, පවුල, ජීවිතය ශක්තිමත් කර ගැනීමද අවශ්‍ය වේ. එය සිදුකිරීම ආදර”ය අම්මේ, සෙනෙහේ බර තාත්තා ඔබට බැරිකමක් නැත. පුංචි පවුල ශක්තිමත් කිරීමේ කාර්යෙත් නියමුවා ඔබ මිසක රජය නොවේ.
කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත.
සටහන - අසුන්තා එදිරිසූරිය
තරුණි