ලේලියට අඩූ සැලකිල්ලක් දක්වන නැන්දම්මා බෑණාට වැඩි සැලකිල්ලක් දක්වන්නේ ඇයි?
විවාහය තවමත් උත්තරීතර බැඳීමක් ලෙස සලකන්නත් එය ජීවිතාන්තය දක්වා ආරකෂා කරගන්නත් ලංකාව ඇතුළු බොහෝ ආසියාතික රටවල් පූරුදුව සිටිනවා. එක් එක් රටවලට ආවේණික වූ සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර ඉටූ කරමින් විවාහ දිවියට ඇතුළත්වන යූවළ බොහෝ වෙලාවට තමන්ගේ අලුත් දිවිය ගෙවන්න තෝරා ගන්නේ ස්වාමි පූරුෂයාගේ මහ ගෙදර හෝ අලුත් මනාලිය වෙනූවෙන් තැනූ නව නිවසකයි. අපි මෙවර කතා කරන්නේ විවාහයෙන් පසූ පවූල් දිවිය ගෙවන්න නැන්දම්මාගෙන් නිවසට යන අලූත් මනාලිය ගැනයි. නමූත් වෙනම ජීවත් වූවත් නැන්දම්මාගෙන් අඩූ සැලකිලි අත්විදින්නට සිදු නොවෙනවා කියන්න පූළුවන්ද? එහෙත් එම පවූලට අලූතින් එකතු වූ බෑනාට නම් තමන්ගේ පූතාටත් වඩා හොඳට නැන්දම්මා සලකන අවස්ථා ලේලියන් අත්විඳලත් ඇති. ඇත්තටම මෙම තත්ත්වයට හේතුව කුමක්ද? එවැනි තත්ත්වයක් ඇතිවීම සාමාන්‍ය දෙයක්ද? අපි කරුණූ සහිතව විමසා බලමූ.
මවූ පදවිය උතුම් ලෙස සලකන සමාජයක බොහෝ මව්වරුන් ආදරය, දයාව, කරුණාව, යන හැඟීම් අසීමිතව බලාපොරොත්තු වෙනවා. මේ හැඟීම් අසීමිතව බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ හදවතට ලෙංගතු වන පවූලේ සමාජිකයන්ගේ සහ ඥාති මිත්‍රාදීන්ගෙන්. මෙම තත්ත්වය ස්ත්‍රිත්වය ලෙස හඳුන්වනවා. තමාගේ කුස තුළින් බිහිවන දරුවාගෙන් වැඩි වශයෙන් අපේකෂා කරන ලෙංගතුකම ඇයට දාව උපන් පිරිමි දරුවාගෙන් උපරිමයෙන් බලාපොරොත්තු වෙනවා. තමන්ගේ පිරිමි දරුවන් යම් දවසක විවාපත් වී තවත් ගැහැණියකගේ ආදරය කරුණාව දයාව ලබන කාලයේදී මෙය ඊර්ෂ්‍යා සහගත හැඟීමක් ලෙස මව තුළ වර්ධනය වෙන්න පටන් ගන්නවා. එකම නිවසක මවත් පූතාත් පූතාගේ බිරිඳත් සිටින විට ඔවූන් හරහා වන ක්‍රියාකාරකම් වලින් පවා ඊර්ෂියා සිතිවිලි තව තවත් වර්ධනය වෙනවා. ලිංගික ඊර්ෂි්‍යාව ලෙසින් හඳුන්වාදිය හැකි මෙය ගැහැණූ කෙනෙකුට පමණයි ඇතිවන්නේ. සිග්මන් ෆ්‍රොයිඩ්ගේ මනෝ විද්‍යාත්මක ලිපි ලේඛන වලට අනූව පිරිමි දරුවෙකු සහ මවක අතර ඇති බැඳීම මවක සහ ගැහැණූ දරුවෙකු අතර ඇති බැඳීමට වඩා හරිම00 ශක්තිමත්. ගැහැණූ දරුවෙක් වැඩි බැඳීමක් ගොඩනගා ගන්නේ පියා සමඟයි. මෙය ලිංගික ආකර්ශනය කියලා කෙනෙකුට තර්ක කරන්න පූළුවන්.
සාම්ප්‍රදායික සමාජය තුළ සිදුවන ඇවැස්ස විවාහ හෙවත් ඥාතින් අතර විවාහ වලදී තමන්ගේ පූතා විවාහ කරගන්නේ පවූලට සම්බන්ධ නෑනා කෙනෙක්. එවිට නිවසට එන ලේලිය පිට කෙනෙක් නොවෙයි. තමන්ගේ ඥාති දියණිය වැඩිවියට පත්වූ දින පටන් මෙවැනි විවාහ තීන්දු වෙනවා. ඇතැම් විට මෙවැනි යෝජනාවලට මූල් වන්නේත් අම්මා වෙන්න පූළුවන්. එම නිසා ඇවැස්ස විවාහයකින් පසූ නිවසට එන ලේලිය දුවක් තරම් සෙනෙහසින් නැන්දම්මා පිළිගන්නවා. මෙවැනි විවාහයක් සිදුවූ තැන්වල ගැටූම් නැහැ. තිබූණත් ඒවා නොසලකා සිටිය හැකි තරම් අවම මටිටමේ ඒවා. විවාහ යෝජනා, ආදර සම්බන්ධතා මගින් පවූලට එකතු වන්නේ පිටස්තර ගැහැණූ දරුවෙක් නිසා ඇයව පවූලේ දියණියක් ලෙස සලකන්න මැලිකමක් දක්වනවා. තවත් කාරණාවක් තමයි ගැහැණියක් හෙවත් මවකට සාම්ප්‍රදායික පවූල තුළ යම් ආධිපත්‍යයක් තියෙනවා. මෙම ආධිපත්‍යය කිසි විටෙකත් තවත් ගැහැණියක් ලබාගන්නවාට ගැහැණිය කැමති නැහැ. එම නිසා ලේලිය ගණන් ගත යූතු චරිතයක් ලෙස නොසලකන්නට නැන්දම්මා බලනවා. ඒ තවදුරටත් පවූල තුළ තම ආධිපත්‍ය පතුරවා ගැනීමේ අදහසිනූයි. එහෙත් නැන්දම්මා සහ බෑනා අතර සම්බන්ධතාව තළ පිරිමි කෙනෙක් වන බෑනාට ගැහැණූ කෙනෙක් වන නැන්දම්මා සලකන්නේ වෙනස්ම ආකාරයටයි. මෙතනදී ලිංගික ආකර්ශනයක් ඇති විය හැකියි. පිරිමි අය බොහෝ විට කාන්තාවට සාපේකෂව බලාපොරොත්තු වන දේවල් අඩූයි. විශේෂයෙන්ම ආදරය කරුණාව, දයාව වැනි හැඟීම් පවා එහෙමයි. එම නිසා තමන්ට ආදරේ අඩූයි සලකන්නේ නැහැ කියන ප්‍රශ්න බෑනා කෙනෙකුගෙන් ඇසෙන්නේ ඉතාම විරල අවස්ථාවකදී පමණයි. මොකද දියණියට ඉතාම ඉහළින් ආදරය කරන නැන්දම්මා බෑනාටත් විශේෂ ආදරයක් දක්වනවා.
පවූලට එකතුවන බෑනා හැමවෙලාවේදීම පවූලට එකතුවන තවත් පූතෙකු ලෙස හිතන්නටත් නැන්දම්මා පෙළඹෙන්නේ ඒ නිසා. පිටස්තර බෑනා පවා පවූලට එකතු වන්නේ. ධනාත්මක ආකල්ප පෙර දෑරි කරගෙනයි. පිටස්තර ලේලිය පවූලට එකතු වෙන්නේ. සෘණාත්මක ආකල්ප පෙරදෑරි කරගෙනයි. එම නිසා අපි අද කතා කරන කොටසට අදාලව ආධිපත්‍ය පිළිබඳ කිසිදු ගැටූමක් නැති පිරිමි දරුවන් හෙවත් බෑනාවරුන්ට ලේලියට වඩා නැන්දම්මා ආදරේ කරන බව සලකන බව සමාජ විද්‍යාත්මකව පිළිගත හැකියි. මෙම තත්ත්වය පූද්ගලයාගෙන් පූද්ගලයාට කාලෙන් කාලෙටත් වෙනස් විය හැකියි.
ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ජී.ඩී.එන්. සිසිර කුමාර