අපෙන් අප නොදැන සිදුවන වැරදි හදාගන්නේ කොහොම ද?
සාර්ථක අයෙකු සැමවිටම සමාජයේ කැපී පෙනෙන අයෙකු බවට පත්වෙයි. අන්‍යයන්ගේ අවධානය දිනා ගත් අයෙකු බවට පත්වෙයි. එය එක් දවසකින් සිදුවන දෙයක් නොවේ. සාර්ථකත්වය තුළින් තමන් තුළම ගොඩනගාගත් පෞරුෂය ඊට සාධකය වේ. මේ පෞරුෂය කථාවෙන් රූපයෙන් පමණක් නොව එදිනෙදා ජීවිතයේ අපගේ ක‍්‍රියාවන් හා එම ක‍්‍රියාවන් සඳහා සාර්ථකව මුහුණදෙන ආකාරය අනුව හැඩගැසෙන්නකි. අපි සමාජයේදී මුහුණදෙන එවන් විවිධ අවස්‌ථාවලදී කටයුතු කළ යුතු හොඳම ආකාර පිළිබඳ අවධානය යොමු කරමු.
ඔබ යම්කිසි සභාවක් අමතන්නේ කෙසේද?
අද සමාජයේ බොහෝ කාර්යයන් හා වෘත්තීන් තුළ සභාවක් ඇමතීමට සිදුවීම සාමාන්‍ය
දෙයකි. එහෙත් කී දෙනෙකු මෙය වඩා නිවැරදි ආකාරයට කරන්නේද යන්න ගැටළුවකි.
සභාවක් ඉදිරිපිටට යන ඔබ අතෙහි ලේන්සු එසේත් නොමැතිනම් කටේ "චුයින්ගම්" ආදිය නොතිබිය යුතුය. සමහරු අතෙහි ඇති ලේන්සුව අඹරමින් මුහුණේ දාඩිය
පිසදමමින් සභාව අමතති. එය නුසුදුසු දෙයකි. එසේම සභාවක් තුළ සෘජුව සිටීම
ඉතාමත් වැදගත්වේ. විවිධ ඉරියව්වලට සිටගෙන සිටීම ප‍්‍රියමනාප දෙයක් නොවේ.
සභාවක් තුළ අප ඇමතීම කළ යුත්තේ ප්‍රේක්‌ෂකයින්ගේ සිව් කොන ආවරණය වන
ලෙසටය. ඒ ඉදිරිපස දෙකොන හා පිටුපස දෙකොන වශයෙනි. සැමවිටම සභාව අමතන්නාට ප්‍රේක්‌ෂකාගාරයේ සිටින සැවොම එක් අයෙකු සේ පෙනිය යුතුය. එක් අයෙකුට
විශේෂ අවධානයකින් තොරව තම කථාව තුළ කුමන විෂය ක්‍ෂේත‍්‍රයක් පිළිබඳව කථා
කළද විටින් විට ප‍්‍රසන්න ආකාරයෙන් බැලීම හා මඳ සිනහවක් තිබීමද හොඳ
ලක්‌ෂණයකි. එසේම තම කථාව ඉදිරිපත් කිරීමේදී සමබර හඬ පාලනයක් පවත්වාගෙන යාම
යහපත් ප්‍රේක්‌ෂක ප‍්‍රතිචාර ලැබීමට හේතුවකි. මෙහිදී කථා කිරීමේ වේගය අඩු
වැඩි කිරීම හා ශබ්දය අඩු වැඩි කිරීම තුළින් ඇතිවන විවිධත්වය ප්‍රේක්‌ෂකයන්ගේ සිත්ගන්නා දෙයකි. එසේම "ආංගික අභිනය" නැතහොත් අංග චලනය
මගින් කථාව තිව‍්‍ර කිරීමට ලබාදෙන සහාය අනර්ඝය. තමන් කුමන ක්‍ෂේත‍්‍රයක
පරිනත දැනුමක් තිබෙන අයෙකු වුවත් තමා ඉදිරියේ සිටින ප්‍රේක්‌ෂකයා
අවතක්‌සේරු කිරීම කිසිසේත් නොකළ යුතුය. කරුණාවෙන් හා ඔවුන් වෙත ගෞරවයෙන්
කරන ආමන්ත‍්‍රණ තුළ තමන් යහපත් කථිකයෙක් බව ඔවුන්ට තේරුම් ගැනීමට අවකාශ
දිය යුතුය. ආධුනිකබව නිසා මුල් අවස්‌ථාවලදී ඇගිලි ඇට කැඞීම, උඩ බලාගෙන කතා
කිරීම, අත් නොසෙලවීම වැනි ලක්‌ෂණ තිබුනද පෙර සූදානම් වීම තුළින් යහපත්
කථිකයකුගේ ලක්‌ෂණ ඔබට ආවේණික කර ගැනීම අපහසු නොවේ. යම් කෙනෙකු පිළිබඳ
අදහසක් ඇතිකර ගැනීමේ ප‍්‍රබලම මාධ්‍ය වන්නේ ඔහුගේ ලසන්නිවේදනල කුසලතාවේ
මට්‌ටමයි. එබැවින් නිවසේදී කණ්‌ණාඩියක් ඉදිරිපිටට ගොස් ඉදිරිපත් කිරීම්
පුහුණු වීම් තුළින් මුල් අවධියේ ඇති ආධුනික බව හා චකිතය මගහරවා ගැනීමට
හැකිවේ.
ඔබට දක්‌ෂ ප‍්‍රියමනාප කථිකයෙකු නැතහොත් යමක් සභාවක් ඉදිරියේ ඉදිරිපත්
කරන්නෙකු සේම විටකදී පේ‍්‍රක්‌ෂකයෙක් ලෙසද සිටීමට සිදුවේ. සභාවක්
ඉදිරිපිටදී කරන කාර්යභාර්යය පිළිබඳව වෙහෙසුනද ඔබ බොහෝ විට ප්‍රේක්‌ෂකාගාරයේ ඔබේ භූමිකාව පිළිබඳව සැලකිල්ලක් නොගනී.
ඔබ සභාවක් ඉදිරියේ සිට ඉදිරිපත් කරන්නෙකුට කලින් අනිවාර්යයෙන් ප්‍රේරක්‌ෂකාගාරයේ සිටින්නේ කෙසේදැයි අවබෝධ කරගත යුතුය. සමහරු ප්‍රේක්‌ෂකාගාරයේ සිටින්නේද "චුයින්ගම්" හප හපා, කම්මුලේ අතක් හෝ අත් දෙකම තබාගෙන ආසනයේ හරිහැටි අසුන් නොගෙන ආදී ලෙසටය. එසේම ඈනුම් ඇරීම, වෙනත් පොතක් පත්තරයක් කියවීම, දුරකථනයෙන් ඇමතීම නොකළ යුතුය. බොහෝ වැඩමුළු මෙහෙයවන විට අත්විඳි කරුණක් වන්නේ ප්‍රේක්‌ෂකාගාරයක ඉදිරි පෙළ අසුන්වල අසුන්ගැනීමට සහභාගීවන්නන් මැළිවීමය. ආසන පේළි දෙක තුනක් අතහැර අසුන් ගැනීම බොහෝ දෙනාගේ සිරිතය. විශේෂ අමුත්තන්ට හෝ යම්කිසි වෙන් කිරීමක් නොකර ඇත්නම් ඔබ ප්‍රේක්‌ෂකාගාරයේ ඉදිරියෙන්ම අසුන් ගැනීම කළ යුතුය. හැකි සැමවිටකම ඉදිරිපස වේදිකාවට මධ්‍ය ස්‌ථානයක සිටීම යහපත් ප්‍රේක්‌ෂකයින්ගේ සිරිතයි. ගමන් මලූ, ලිපිගොනු, කුඩ ආදිය ඔඩොක්‌කුව උඩ තබාගැනීම සාර්ථක සන්නිවේදනයට බාධාවකි. ඒවා තමන්ට මේසයක් නොමැතිනම් බිම තබා ගැනීම වඩා නුසුදුසුය. පෑනක් හෝ සටහන් පොතක් අත තබා ගැනීම හොඳ ප්‍රේක්‌ෂකයෙකුගේ ලක්‌ෂණයකි. විශේෂයෙන්ම ජංගම දුරකථනය ක‍්‍රියා විරහිත කිරීම තුළින් සැමටම වන බාධාවන් අවම කරගත හැකිය. එසේම තමන් ළග සිටින අය සමග දේශන අතරතුර කතා කිරීම නුසුදුසුය. ප‍්‍රශ්න ඇසීම සුදුසු අවස්‌ථාවකදී අත ඔසවා හෝ අසුනෙන් නැගිට එය ඉදිරිපත් කිරීම කළ යුතුය. යම්කිසි දේශනයකට සවන්දෙන විට එය කෙබඳු ස්‌වරූපයක් ගත්තත් ඉතා උනන්දුවෙන් සවන් දීම මෙන්ම නිහඬ සංවාදයක නියෑලීම එසේත් නොමැතිනම් නිහඬ ප‍්‍රතිචාර දැක්‌වීම තුළින් දේශකයාද ප‍්‍රබෝදයට පත්වේ. ප්‍රේක්‌ෂකාගාරය අවනත කරගැනීම දක්‌ෂ දේශකයකුගේ ලක්‌ෂණයක් වුවද සක‍්‍රිය ප්‍රේක්‌ෂකයින් නොමැති වූ විට කෙතරම් දක්‌ෂ දේශකයෙක් වුවද මන්දගාමි විය හැකිය. මෙය සැබවින්ම ඔබේ ජීවිතයේ සෑම මොහොතකම "යහපත් සිහියෙන්" ගෙවීම පිළිබඳව යළි යළි සිහිපත් කරන්නකි. ඔබ ගෙවන සෑම තත්ත්පරයකම තමන් කරන කියන දේ ගැන කල්පනාවෙන් හා අවදියෙන් සිටින්නේ නම් එම පුද්ගලයා අනෙක් අය අතරේ ප‍්‍රසන්න හා ගෞරවනීය මෙන්ම කීර්තිමත් පුද්ගලයෙක් වන්නේය. දේශකයෙක් තම ඉදිරිපත් කිරීම කර අවසන් වූ විට ප්‍රේක්‌ෂකයින්ට සහයෝගය දැක්‌වීම පිළිබඳව ස්‌තූති කළ යුතුවා සේම ක‍්‍රමානුකූල අත්පොළසන් හඬකින් කෘතගුණ දැක්‌වීම ප්‍රේක්‌ෂකයන්ගේ සිරිත විය යුතුය. බොහෝ විට ප්‍රේක්‌ෂකයින් ඉතා මන්දගාමී ලෙස අත්පොළසන් ගසති. අත ඉහළට (බෙල්ල දක්‌වා) ඔසවා අත්පුඩි ගැසීම වඩා සුදුසුය. එය ඉතාම භක්‌ති ආදර අත්පුඩි ගැසීමකි. එහෙත් දේශපාලන රැස්‌වීමක විනා වෙනත් දේශන මැදදී අත්පොළසන් ගැසීම දේශනයේ මුඛ්‍ය අරමුණට බාධාවකි. එසේම ඕනෑම දේශනයකදී ප‍්‍රශ්න ඇසීමට ලබා දෙන කාලය තුළදී මිස දේශනයට බාධා සිදුවන අයුරින් ප‍්‍රශ්න ඇසීමද නුසුදුසුය. සමහරු දේශනයකට සවන් දුන්නද එය ඉදිරිපත් කළ දේශකයාගේ නම හෝ අනෙකුත් දැනගත යුතු වතගොත නොදනියි. දේශනයට පෙර හෝ පසු හෝ හඳුන්වාදෙන අවස්‌ථාවේදී ඒ පිළිබඳව වැටහීමක් ඇති කර ගැනීම හොඳ පේ‍්‍රක්‌ෂකයෙක්‌ගේ සිරිතයි. ජීවිතයේ අපට නොපෙනෙන අපේ අඩුපාඩු එමටය. ඒවා පිළිබඳව කිසිවෙකු පෙන්වා දුන් විට සතුටු විය යුත්තේ ඉන් තමාට නිවැරදි වීමට අවස්‌ථාවක් ලැබෙන නිසාවෙනි.
රත්නා පුෂ්ප කුමාරි
උපුටා ගැනීම නවලිය පුවත් පත