ජීවිතය දිනන්න ඉංග්‍රීසි පන්තියයි පරිගණකයයි විතරක් මදි
යොවුන් විය කියන්නේ තමන්ගේ පසුකාලීන ජීවිතයට පදනම සකස්කරන අවධිය නිසා කුසලතා කියන දේ ඉතාම වටිනවා. පසුකාලීන කටයුතුවල පදනම සකස් කරන්නේ කුසලතා. විධිමත් අධ්‍යාපනය හා සමාජ අත්දැකීම්වලින් ශක්තිමත් වන යොවුන් වියේදී පසුව එන අර්බුදවලට ශක්තිමත්ව මුහුණ දෙන්න මේ කුසලතා අවශ්‍යයි. වැඩිහිටි වියේදී අපට ඇතිවන ගැටලු දැන්ම තීන්දු කරන්න බෑ. සමාජය ඉක්මනින් වෙනස් වෙනවා. ඔබ රැකියාව කරන්නේ ඔබ ඉපදුණු සමාජයේ නෙවෙයි. ඔබ මියයන්නේ ඔබ රැකියාව කළ සමාජයේ නෙවෙයි. මේ වේගවත් බවට සරිලන පදනම යොවුන් වියේදී දමාගන්න ඕනේ. පසුකාලෙදි ඇතිවන ගැටලුවලට ශක්තිමත් මූලාරම්භයක්, අධ්‍යයනයක් කරන්න ඕනේ මේ කාලෙදි. යොවුන් අවධියේදී අවශ්‍ය වන්නේ ඉංග්‍රීසි හා පරිගණක වගේ පේන්න තිඛෙන අංශවල දැනුමම පමණක් නෙවෙයි. සාමාන්‍ය පෙළ, උසස් පෙළ අවසන් වුණු ගමන් මවුපියෝ දරුවන්ව ඉංග්‍රීසි, පරිගණක පන්ති යවන්නේ ඒකයි. ඒත් අනාගතයේ ඇතිවන අභියෝගවලට වර්ධනය කරන්න ඕනේ වෙනම කුසලතා වර්ගයක්. කිරීමේ ශක්තිය මෙතෙන්දි වැදගත්ම දේ තමන්ට ජීවිතයේ ගැටලු නිරාකරණය, තීරණ ගැනීම, විශ්ලේෂණය වගේ වැදගත් කරුණු ගැන අවධානය යොමු කරන එක. එතකොට තමන් තුළ තිඛෙන කළහැකි බව (ශක්‍යතාව) අවබෝධ වෙනවා. හැම කෙනෙක්ම ශක්තිමත්. ඒක තේරුම් ගැනීමයි වැදගත් තමන් තුළ තිඛෙන හැකියාවන් හඳුනාගැනීම වෙනුවට සමාජයෙන් දෙන දේ විතරක් භාරගෙන ඉන්න එක ඔබේ අඩුවක්. ඔබ විචාරය කරන්නේ නෑ. සමාජය කිව්වොත් හොඳයි, මේක හොඳයි කියලා ඔබ ඒ දේ විතරක් ළං කරගන්නවා. විභාගය සමත් වෙලා මදි මේ තත්ත්වයට අවශ්‍ය මූලික කුසලතා විදියට ඔබ හොඳ සන්නිවේදනයක් වගේම තමන් ගැන අවබෝධයක් ඇතිකරගන්න. යොවුන් විය කියන්නේ ළමා විය හා තරුණ විය අතර අවස්ථාවක් නිසා ඔබ යම් ආකෘතියකට අනුව හැඩගැහිලා ඉන්නේ. මේ වෙලාවේ පාසල් යායුතුයි, මේ වෙලාවේ පාඩම් කළ යුතුයි, මේ දේ කළ යුතුයි කියලා. ඔබ කැමැති වුවත්, අකැමැති වුවත් ඔබට ඒක කරන්න වෙනවා. මේ නිසා විභාගය සමත් වුණාම ඇතියි කියලා ඒ රාමුවේ පටු තැන්වලට සීමා වෙලා යොවුන් වියේදී තිඛෙන අවස්ථා අහිමි කරගන්නවා. ඒක මැඬගන්න පුළුවන් අවස්ථා හඳුනාගැනීම ඔබට ඉතා වැදගත්. යෞවනයේදී ඔබ යෞවනයෙක් සේ සිතන්න අවස්ථා ඇති කරගන්න. ඔබ ඔබට දැනෙන ශාරීරික මානසික සිතුවිලි ඔබටම සුවිශේෂී බව හඳුනාගෙන ක්‍රියාකරන්න. වැඩිහිටියන් වගේ නිදහසේ සිතුවිලි හා තීරණ ගන්න හුරුකරන්න. එවිට ඔබට නිදහස් සිතුවිලි ඇති වෙනවා. විවේකය ඵලදායී ලෙස සකස් කරගන්න.
ඔබේ විවේකය කාටුන් බලන්න යොදවන්න එපා. ඒ වෙනුවට නිර්මාණශීලී චින්තනය අවදි කරගන්න. පොත්පත් කියැවීම, ගවේෂණය, චාරිකා, විවිධ නිර්මාණවලට ඔබේ විවේකය යොදවන්න. සමස්ත පෞරුෂ වර්ධනයක් කරගන්න. පෞරුෂ වර්ධනය කියන්නේ ඔබ යම් සමාජ අවස්ථාවකට, තත්ත්වයකට ප්‍රතිචාර දක්වනකොට ඔබ ආත්මීය වශයෙන් ප්‍රදර්ශනය කරන කායික මානසික ප්‍රතික්‍රියාවන්. ඒකට ඔබේ හැසිරීම්, තීරණ ගැනීම්, ප්‍රතිචාර දැක්වීම, බාහිර පෙනුම කියන ඔක්කොම අයිතියි. පෞරුෂය කියන්නේ පුළුල් දෙයක්. දැනුම, විභාගය හෝ බාහිර පෙනුම පමණක් නෙවෙයි සියලුම දේ ඊට අයිතියි. අභියෝගවලට මුහුණ දෙන්න මේක අනාගතයේ කරන්න ඕනේ දෙයක් කියලා හිතලා ඔබට එන අභියෝග කල් දාන්න එපා. ඔබට පිරිසක් ඉදිරියේ කතාවක් කරන්න ලැබුණොත්, ක්‍රීඩාවක්, කණ්ඩායම් වැඩක් කරන්න තිබුණොත් මේක අනාගතයේ කරන්න තිඛෙන වැඩක් කියලා ඔබ කල් දමනවානම් ඒක පසුබෑමේ ලක්‍ෂණයක්. මවුපියොත් කරන්නේ ඒ දේමයි. ඒත් අධ්‍යාපනය වගේම බාහිර වැඩත් මේ කාලෙදිම කරන්න. වැඩිහිටියෙක් වෙලා පරිසරය රකින්න නම් පරිසරය විඳින්න පුළුවන් කෙනෙක් යොවුන් අවධියේදී බිහිවෙන්න ඕනේ. ඔබට තිඛෙන අයිතීන්, අපයෝජන ගැන ඔබේ දැනුම වැඩිකරගන්න ඔබ ඔබේ අයිතීන් හා යුතුකම් ගැන දැනගන්න. අධ්‍යාපනය ඔබේ අයිතියක් වගේම ඔබට ඉගෙනගන්න යුතුකමක් තිඛෙන බවත් දැනගන්න. අපයෝජනයෙන් බේරෙන්න ඔබට අයිතිය තිඛෙනවා වගේම ඉන් බේරෙන්න හැකියාවත් දැනුමත් ඔබට තිබිය යුතුයි. හැමවිටම මවුපියන්ට ඔබ පිටුපස ඉන්න හැකියාවක් නැහැ. සමාජ සංසද වගේ යොවුන් වියේදි එකමුතුකම් ඇතිකර ගන්න, සංගීතය, ක්‍රීඩාව, පරිසරය වගේ ක්‍ෂේත්‍රවල එකමුතුකම් ඔබ මේ කාලෙදි ඇති කරගන්න ඕනේ. ලෝකයේ විවිධ ගවේෂණ ඇතිවෙන්නේ එහෙමයි. මේක ඉතාම වැදගත්. ඒත් අද සමාජයේ ඒ ඔක්කොම ඉවත් කරලා වැදගත් කියන රැකියා දෙක තුනක් පසුපස හැමදෙනාම හඹා යනවා. තමන්ගේ ගම, රට ගැන අවධානය හා අභිමානය ගොඩනඟා ගන්න, තමන්ගේ ගම, රට, සංස්කෘතිය, කලාව, උරුමය ගැන නොසිතන, ඒ ගැන අභිමානයක් නැති කෙනකුට අනාගතයේ හොඳ පුරවැසියකු වන්න බැහැ. ඒ නිසා ප්‍රචණ්ඩත්වය වෙනුවට නිර්මාණශීලීව ගැටලුවලට පිළිතුරු සොයන්න. එවිට ඔබේ යොවුන් වියේ සාර්ථකත්වය වැඩිහිටියෙක් වුණාම විඳින්න පුළුවන්.
රජිත තාමර උපුටා ගැනීම මව්බිම පුවත් පත