තවම හඳුනා නොගත් දේශීය රැකියා අවස්ථා
සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අවසන් වු පසුව එම කඩඉමෙන් එහාට අධ්‍යාපනය නොලබන තරුණ ප්‍රජාවට රැකියා හිග ඵීම මෙරට තුළ පවතින රැකියා ගැටලූවේ තවත් පැතිකඩකි. එමෙන්ම ඉදිරියේදී එම පිරිසට කුමන ආකාරයේ රැකියා විවර වේවිද යන අස්ථාවරභාවය නිසාම ඔවුන් විවිධ අවිනිශ්චිත පාඨමාලා පසුපස හඹා යාමද මෙම ගැටලූව උග්‍ර වීමට තවත් හේතුවක් වී තිබෙනවා.
සා.පෙළ හා උසස් පෙළ පමණක් සමත් සිසුන්ට රැකියා හිග වීමට හේතුව
ප්‍රධානතම හේතුව වන්නේ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාග නලින් පසුව වෙනත් සුදුසුකම් සපුරා ගැනීමට උනන්දු නොවීමයි. විශේෂයෙන්ම රැකියා ඉලක්කගත පාඨමාලාවක් වෙත යොමු නොවී සෘජුවම රැකියා සෙවීමට පෙළඹීමයි. දැනට තිඛෙන බොහෝ පාඨමාලා කෙටිකාලීන වන නිසා ඒවායින් අවශ්‍ය පුර්ණ දැනුම නොලැබීමද ගැටලූවකි. එමගින් ලද හැක්කේ හදුන්වාදීමක් වැනි මුලික දැනුමක් පමණි. විශේෂයෙන්ම වසරක් හෝ ඊට වඩා කාල සීමාවකින් ලැබිය හැකි පුර්ණ දැනුමක් සහිත තිරසාර පාඨමාලා මෙරට තුළ අවම වීම, වෘත්තීය දැනුමක් නොලැබීමට ප්‍රධාන හේතුය. ඒ සදහා යෝජනා ලෙස විශ්ව විද්‍යාල වරම් ලැබු සහ නොලැබු සියලූ පිරිසට අවම වශයෙන් වසර දෙකකවත් පුහුණුවක් අවශ්‍ය වෙනවා.
තවද තරුණයන් අතරේ ආකල්පමය වෙනසක්ද ඇති කළ යුතුය. විශේෂයෙන්ම දැනට පහසුවෙන් තරුණයන්ට ලැබිය හැකි රැකියා කෙෂ්ත්‍ර ගැන පවතින අඩු තක්සේරුව දුැ කිරිමට සැලැස්වීමෙන්ද රැකියා කෙෂ්ත්‍ර ගණනාවක්ම විවර වීමට තිෙබි. උදාහරණයක් ලෙස පාවහන් නිෂ්පාදන කර්මාන්තය යනු මෙරට ඉහළ ඉල්ලූමක් පවතින, ඉල්ලූමට සැපයුමක් සලසා ගත නොහැකි විශාල වෙළඳ පොළකි. එසේ බැලූ විට 35 ලක්ෂයේ ඒවා වසරකට එක්කෝටි පනස් ලක්ෂයක් ලෙස පාවහන් භාවිතය සටහන් කළ හැකියි. මේ සදහා ප්‍රමාණවත් වෙළඳ පොළක් තවමත් මෙරට තුළ නොපවතින නිසා වැඩි වශයෙන් සිදුවන්නේ පාවහන් ආනයනය කිරිමයි. මෙම කර්මාන්තය දේශීය ලෙසින් දියුණු කළ හැකි නම් රැකියා අවස්ථා බොහෝමයක් විවර වේ. මෙවැනි තවත් රැකියා අවස්ථා ගණනාවක් මෙරට තුළ තිබේ. ගරුත්වය, පෞරුෂය ගැන සිතන බොහෝ තරුණයන් තමන්ට හානියක් යැයි සිතා යොමු නොවන මෙවැනි රැකියා අවස්ථා හේතුවෙන් රැකියා ගැටලූව තවත් උග්‍ර වී තිබෙනවා. ඒ නිසා මෙවන් රැකියා කෙෂ්ත්‍ර වලට මීට වඩා ක්‍රමවත් පිළිවෙතක් සකසා, අඩු තක්සේරුවකින් යුතු මානසිකත්වය දුරලීමට කි්‍රයා පිළිවතේ වල යෙදිය යුතුය. උදාහරණයක් ලෙස ජපානය වැනි රටවලද මෙවැනි රැකියා තිබු අතර, පසු කලෙක එම බධාරින් විසින් එම රැකියා වලට වැඩි ගරුත්වයක් ලබාදීම හේතුවෙන් ෙමි තත්ත්වයට පිළියම් සපයා ඇත. විශේෂයෙන්ම මාළු, මස් වෙළදාම පිරිසිදු, පිළිවෙළ, ගෞරවනීය රැකියාවක් ලෙෂ එම වෙළදාමේ යෙදෙන පිරිසට ටයි කෝට් පැලඳවීමට සැලැස්වීම වැනි බාහිර හේතු සාදක එකතු කිරම නිසා අදවන විට එම අඩු මානසිකතවය දුරු වී තිබේ. ජපනුන් එය තරුණ පෙළට වඩාත් ආකර්ෂණීය රැකියාවක් බවට පත් කර තිබේ. මෙසේ මෙරට තුළ වැඩි වැටුප් සහිත වැඩි භෞතික පැතිකඩක් සකසමින් පිළිගැනිමට ලක්වන ආකර්ෂණීය රැකියා කෙෂ්ත්‍ර තැනීම තුළින් මේ තත්ත්වය වෙනස් කළ හැකි බව කිව යුතුය. උද: තරුණ පෙළ වැඩි වශයේන නැඹුරුව ඇත්තේ අනුනගෙන් යැපිමටය.ස්වයං රැකියාවකට යොමු විම යන්න අසාර්ථක හෑල්ලූවට ලක් වු රැකියා කෙෂ්ත්‍රයක් බවට පත් වී ඇත. නමුත් විශාල ලෙෂ ධනය උත්පාදනය කළ හැකි සවයං රැකියා හරහා මෙට උසස් පෙළ හා සමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබු තරුණ පෙළට රැකියා කෙෂ්ත්‍ර ගණනාවක් සැකසිය හැකියි. නමුත් ඒ සදහා පෙළඹවීමක්ද තිබිය යුතුය. රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ රැකියාම සොයමින් කල්ගත කිරිමට වඩා මෙවන් කෙෂ්ත්‍රය්ක හරහා ස්වාධීනව වෘත්තීය මාර්ගයක් සකසා ගැනීමට දේශීය ලෙස මුදල් උත්පාදනයට විශාල අත්වැලකි.
තවමත් සැගවුණු දේශීය රැකියා අවස්ථා
මින් ප්‍රධාන එකක් ලෙස තවමත් තොරතුරු තාක්ෂණික දැනුම ලබාගත් පිරිසගේ හිගකමක් මෙරට තුළ දක්නට තිබේ. විශේෂයෙන්ම ලෝක මට්ටමින් ගත් විට නුතන තරුණයන් ලබන දැනුම හා සමාන්තර දැනුමක් මෙරට තරුණ පරපුර තවමත් ලබා නැත. එමෙන්ම මෙරට තුළ තොරතුරු තාක්ෂණය ආශ්‍රයෙන් කළ හැකි බොහෝ දේට තවමත් පියවර තබා නොමැති වීම නිසා රැකියා කෙෂ්ත්‍ර ගණනාවක් වැසී පවතිනවා. ප්‍රාථමික කෘෂිකර්මාන්තය තවමත් ඉතා පහළ මට්ටමක පවතින නිසා ඒ හරහා ලැබිය හැකි රැකියා මාර්ග බොහෝමයක් වැසී පවතී. මෙරට කෘෂිකර්මාන්තය මගින් ලබන ආහාර ප්‍රමාණවත් නොවන නිසා තවමත් ආහාර පාන විදෙස් රටවලින් ආනයනය කරනු ලබයි. නමුත් එසේ ආනයනය නොකර ඒ අතිරික්තය මෙරට කෘෂිකර්මාන්තය මගින්ම සපුරාගත හැකි වන ලෙස දියුණු කළහොත් විශාල රැකියා ප්‍රමාණයක් විවර වීමට නියමිතය. මේ අතර තවත් හදුනා නොගත් කෙෂ්ත්‍රයක් ලෙස ළමුන්ගේ අවශ්‍යතා සැපිරිමට ප්‍රමාණවත් වෙළද පොළක් මෙරට තුළ නොවීමද දැක්විය හැකියි. ඒ අතරම වැඩිහිටි පිරිසට අවශ්‍ය දෑ ප්‍රමාණවත් ලෙස තවමත් දේශීය වෙළද පොළ තුළ නොවීමද වැසී ගිය විශාල වෙළඳපොළකි. ළමුන්ට සහ වැඩිහිටියන්ගේ අවශ්‍යතාවයන්ට අදාල ආහාර පාන, ගෘහ උපකරණ, ඖෂධ, ඇඳුම් ආයිත්තම්, සෙල්ලම් බඩු ආදී බොහෝ දේ භාණ්ඩ තවමත් මෙරටට වැඩි වශයෙන් ආනයනය කිරිම සිදුවන්නේ (අධික මිලකට) මෙරට ඒවා ප්‍රමාණාත්මකව නිෂ්පාදනය වී නොමැතිකම නිසයි. එබැවින් මෙම වෙළඳපොල රැකියා අවස්ථාවන් බහුලව උත්පාදනය කළහැකි කෙෂ්ත්‍රයකි.
අනෙක් වෙළඳ පෙළ ලෙස වෛද්‍ය කෙෂ්ත්‍රය හැඳින්විය හැකිය. අතීතයේ මිනිසුන් වෛද්‍යවරුන් හමුවීමට ගියේ රෝගී තත්ත්වයක් ඇති වුවහොත් පමණයි. නමුත් අද වන විට මේ තත්ත්වය වෙනස් වී රෝගයක් ඇතත් නැතත් ෙවෛද්‍යවරුන් වෙත යන පිරිසේ වර්ධනයක් ඇති වී තිබේ. ඒ නිසා වෛද්‍ය වෘත්තිකයින්ට වැඩි ඉල්ලූමක් පවතී. එයින් අදහස් වන්නේ වෛද්‍ය වෘත්තිය වටා බොහෝ රැකියා ප්‍රමාණයක් විවෘතව පවතින බවයි. ඖෂධවේදීන්, ඖෂධ නිෂ්පාදනය, උපකරණ නිෂ්පාදනය ආදී බොහෝ කෙෂ්ත්‍ර බිහි වී තිබේ. නමුත් තවමත් ප්‍රමාණාත්මක ලෙස මෙ රැැකියා වෙළද පොළ සැකසී නොමැති නිසා රැකියා කෙෂ්ත්‍ර ගණනාවක් සැගවී පවතිනවා.
සාමාන්‍යයෙන් විදෙස්ගත රැකියා බහුල යැයි පවසමින් මෙට බොහෝ පිරිස් විදෙස්ගත රැකියා වෙත යොමුවන්නේ එක්කෝ ගෘහසේවා හෝ වෙනත් බර වැඩ, කර්මාන්ත වැඩ සදහා පමණයි. නමුත් බුද්ධිමතුන්ට, උගතුන්ට විදෙස්ගත රැැකියා බහලුව තිබීමද තවමත් මෙරට තුළ හඳුනා නොගත් රැකියා වෙළද පොලකි. ඒ නිසා මෙරට සිටින බොහෝ උගතුන්ට බුද්ධිමතුන්ට දේශීය වශයෙන් ප්‍රමාණවත් ලෙස රැකියා නොමැති නම්, එවැනි පුද්ගලයන් සදහා විදේශීය වශයෙන් වැඩි ඉල්ලූමක් තිඛෙන බව කිව යුතුයි. එය තවමත් මෙරට පිරිස හදුනාගනෙ නැත. එය බුද්ධිගලනයක් ලෙස වර්තමානයේදී සැලකිය නොහැක. අද වන විට නවීන තාක්ෂණය හරහා (අන්තර්ජාලය) ලොව සියලූම රටවල බුද්ධිය, දැනුම හුවමාරු කරගත හැකි තත්ත්වයකට පත්ව ඇති නිසා එය බුද්ධිගලනයක් ලෙස සැලකිය නොහැක. උදාහරණයක් ලෙස මෙරට සිටින අපටද අද වන විට ලොව ඕනෑම උගතකුගේ දැනුම උපදෙස් විසතර ක්ෂණිකව ලබාගැනීමේ හැකියාව පවතී. දැනට එම ක්‍රම භාවිතයට ගනිමින්ද තිබේ. ඒ නිසා උගතුන්ට විදෙස් රටවලින් වැඩි ඉල්ලූමක් සැකසී ඇති බවද හදුනාගත යුතුය.
සංචාරක කර්මාන්තයේ දියුුණුවක් ගැන කතා කරමින් විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම වැඩි ආදායමක් මෙන්ම වැඩි රැකියා අවස්ථා සැකසෙන කටයුත්තක් යැයි කියයි. නමුත් ඊට වඩා රැකියා අවස්ථා බහල කෙෂ්ත්‍රය් ලෙස දේශීය සංචාරකයින්ට වැඩි පහසුකම් සැපයීමේ කටයුත්ත කිසිවෙකු මෙතෙක් හදුනාගෙන නැත. ඒ නිසා දේශීය සංචාරකයින් සෑම දෙනාම දැන සිටින සුලබ ස්ථාන (නුවරඑළිය, නුවර, අනුරාධපුර, පොළොන්නරුව, නුවර එළිය යනාදී කවුරුත් දන්නා ස්ථාන) වලට වඩා දුලබ ස්ථාන හදුන්වාදීමත්, එම ස්ථාන දියුණු කිරිමත් මෙම කර්මාන්තය තුළින් මීට වඩා රැකියා බහුලව සැකසිය හැකි ක්‍රමෙවිදයකි.
අද බොහෝ දේශිය සංචාරකයන්ට සංචාරය කිරිමට ඇත්තේ වන්දනා ගමන් හෝ අධ්‍යාපන චාරිකා යන ක්‍රම දෙකට අනුව පමණයි. අද වන විට දේශීය සංචාරකයින්ද සංචාරයක් සදහා විශාල පිරිවැයක් දරයි. නමුත් බොහේ සංචාරක ස්ථාන, හෝටල් හා නවාතැන් පහසුකම් පවා විදේශිය සංචාරකයින්ට පමණක් තනාගෙන ආදායම් නොමැතිව ලතැවෙති. එමෙන්ම එවැනි සංචාරකයින් සදහා වෙන් වු ස්තානවලට දේශිය සංචාරකයින් යාමට බියක් දක්වන්නේද ඒවා විදේශිකයනි ්වෙනුවෙන්ම තැනු ඉහළ මිල ගණන්වල ස්ථාන යැයි සිතාය. ඒ නිසා තත්ත්වය මීට වඩා වෙනස් කිරිම තුළින් මෙම කර්මාන්තය දියුණු කළ හැකිවනවා සේම මීට වඩා රැකියා බහුලව විවෘත වීමද සිදුවේ. විශේෂයෙන්ම ඉදහිට පැමිණෙන විදේශීය සංචාරකයින්ට සේම හැම මොහොතකම බහුල වශයෙන් පැමිණෙන දේශිය සංචාරකයින්වද මීට වඩා පහසුකම් සැලසීම තුළින රැකියා බහුලව විවර වන අතරම ඉන් සංචාරක කර්මාන්තයද මීට වඩා දියුණු කළ හැකිය. නමුත් එයද තවමත් හදුනා නොගත් රැකියා ක්ෂේත්‍රයකි.
මෙවැනි හදුනා නොගත් දේශීය රැකියා අවස්ථා මීට වඩා පුළුල් කිරිම තුළින් මෙරට තරුණ පෙළට රැකියා අවස්ථා බහුලව සැකසිය හැකි බව කිය යුතුයි. එමෙන්ම තරුණයින් ලෙස නිතරම අද පවතින සුලබ රැකියා කෙෂ්ත්‍රයන්ට යොමු නොවී මෙසේ වැඩි දෙනෙකු නැඹුරු නොවු තවමත් හදුනා නොගත් රැකියා වෙත යොමු වීමෙන් ඉතා හොද රැකියා අවස්ථාවක් සකසා ගත හැකි බවද කිය යුතුයි.