කාන්තාවන්ගේ සිරුරේ පිරිමි හෝමෝන වැඩිවෙන්නේ ඇයි?
කාන්තාවන්ගේ හා පුරුෂයන්ගේ සිරුරු නිර්මාණය වී ඇත්තේ දෙආකාරයකටයි. දරුවකු බිහි කිරීමට සුදුසු වන ලෙස ස්වභාවදහමින් නිර්මාණය කරන කාන්තාවගේ සිරුර තුළත් පිරිමි හෝමෝන යම් ප්‍රමාණයකට හෝ අන්තර්ගත වෙයි. නමුත් මෙම හෝමෝනවල සමතුලිත බව නැතිව ගිය විට කාන්තාවන්ගේ ශරීරයේ පිරිමි ගති ලක්ෂණ ඇතිවිය හැකියි. කාන්තාවන්ගේ සිරුරේ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන ප්‍රධාන වශයෙන්ම අන්තර්ගතයි. ටෙස්ටස්ටෙරෝන් යන හෝමෝනයද පුරුෂයන්ගේ ශරීරයේ වැඩි වශයෙන් ඇති වුවද කාන්තාවන්ගේ ශරීරය තුළද යම් පමණකට පවතියි. නමුත් කාන්තාවන්ගේ සිරුරේ එම හෝමෝන පිහිටා ඇත්තේ පුරුෂයන්ට වඩා අඩුවෙනි. කාන්තාවගේ ශරීරයේ මෙම ටෙස්ටස්ටෙරෝන් හෝමෝනය අවශ්‍ය පමණට වඩා වැඩිවී අසමතුලිත වීමෙන් ඇයගේ ශරීරයෙන් පිරිමියකුගේ ශරීර ලක්ෂණ මතුවිය හැකියි.
ලක්ෂණ මතුවීම
* එලෙස හෝමෝන අසමතුලිත වීම නිසා මුහුණේ, පපුවේ ආදී ස්ථානවල රෝම ගනව වැවීම.
* ආර්තව චක්‍රය අක්‍රමවත්වීම. (මාස කිහිපයකට වරක් හෝ දිගටම නැතිව යෑම)
* කටහඬ පිරිමින්ගේ මෙන් රළුවීම.
* පිරිමින්ගේ මෙන් මාංස පේශි වර්ධනය.
* පියයුරු වර්ධනය අඩුවීම වැනි ලක්ෂණ පෙන්විය හැකියි.
හේතු :
හෝමෝන අසමතුලිතතාව නිසා මෙවැනි ලක්ෂණ පෙන්වයි නම් එයට පිළියම් සෙවීමට ඔබ සුදුසු වෛද්‍යවරයකු වෙත ගොස් පරීක්ෂණ කර ගැනීම වැදගත්ය. ඇතැම් විට ඩිම්බ කෝෂ හෝ අධි වෘක්ක ග්‍රන්ථියේ ඇතිවන ගෙඩියක් වැනි තත්ත්වයක් හේතු කරගෙන මෙම හෝමෝන වැඩිපුර ශ්‍රාවය විය හැකියි. එවිට එම ගෙඩිය ඉවත් කිරීමට සිදුවනු ඇත. නමුත් මෙය එම පුද්ගලයාගේ තත්ත්වය පරීක්ෂාකර බලා ගත යුතු තීරණයකි. ඒ බැව් තහවුරු කරනුයේ නිසි පරීක්ෂණයකින් පසුව වෛද්‍යවරයා විසිනි.
ශාලිකා රංගනී සමරදිවාකර
මව්බිම
ඔබ කිසිවිටකත් තවත් අයෙකුගෙන් ප්‍රශංසා පිළිගැනීම අවශ්‍ය යැයි සිතන්නට එපා. ඔබ මෙලොවට පැමිණ ඇත්තේ කාගෙන්වත් ප්‍රශංසා ලැබීමට නොවේ. ඔබ පැමිණ ඇත්තේ...
රැකියාවේ ඉදිරියට යන්න නම් ඔබගේ ක්‍රියාපටිපාටිය ඉතාම වැදගත් වනවා. මේ කරුණු 8 අපි ඔබට කියන්නේ අන්න ඒ නිසයි. අනුගමනය කර බලන්න....
පුංචි පැටියගේ හඬ මට ඇහෙද්දි මම කුස්සියට ගියා විතරයි. ඒත් එක්කම වගේ මට අංජුලගේ කටහඬත් ඇහුණා. ගිය වැඩේ පැත්තක තියලා මම...
යොවුන් වියේ පසුවන ගැහැනු ළමයෙක් විදියට ඔබ සැබෑ ජීවිත පදනම් සකස්කර ගන්න ඉගෙන ගන්න ඕනේ මොනවද? ඔබ ඔබේ අර්බුදවලට පිළිතුරු සොයාගත...
සොඳුරු ඇන්තුරියම් මලක සුන්දරත්වයට ඇත්තේ ඉහළම වටිනාකමක්. ඇන්තුරියම් නිවෙසට අපූරු එළියක්, ලස්සනක් ලබා දීම මේ ඉහළම වටිනාකම ලැබීමේ රස රහසයි. ඇන්තුරියම්...
ආදරවන්තයන් තුළ ඇතිවිය හැකි ඊර්ෂ්‍යාව ගැන අපි ගිය සතියෙ කතා කළා. ඇත්තෙන්ම ඊර්ෂ්‍යාව කියන්නෙ මහා විනාශකාරී බලවේගයක්. ඊර්ෂ්යාවන්ත පෙම්වතෙක් පෙම්වතියක් එක්ක...