මානසික ආතතිය දුරු කර වන විනෝදාංශ

මානසික ආතතිය දුරු කර වන විනෝදාංශ

සංගීතය

මියුරු සංගීත නාදයකට මනසේ ඇතිවන විඩාබර බව සමනය කරන්න පුළුවන්. පර්යේෂණවලින් සොයාගෙන ඇති අන්දමට සංගීත ඛණ්ඩයකට සවන් දීම මෙන්ම සංගීත ඛණ්ඩ නිර්මාණය කිරීමෙන්ද ආතතිය අවම වෙනවා. සෞඛ්‍ය තත්ත්වය යහපත් වෙනවා. වේදනාව දුරුවෙනවා. ශක්තිමත් බවක් ඇතිවෙනවා. අධ්‍යයනවලින් සනාථ කර ඇති අයුරින් සමහර රෝගවලට ගොදුරු වූවන්ට සංගීතය චිකිත්සාවක් ලෙස යොදා ගන්නවා.

ගෙවතු වගාව

පරිසරය සමඟ ගැවසීම විනෝදජනක කාර්යයක්. එහි වටාපිටාවේ ඇති ශබ්ද, මීමැස්සන්, කුරුල්ලන්, හිරු එළිය ආදිය ආතතිය අඩු කර මානසිකත්වය වෙනස් කිරීමට හේතු වෙනවා. විද්‍යාඥයන් පවසන පරිදි පසේ ඇති සමහර බැක්ටීරියා. වර්ග මොළයේ සෛලවල ක්‍රියාකාරිත්වයට බලපෑම් කරමින් අධ්‍යයන කටයුතු වැඩිදියුණු කරනවා. වගා කිරීම මානසික සෞඛ්‍යයට පමණක් නොව කායික සෞඛ්‍ය කෙරෙහිද බලපෑම් ඇති කරයි.

සිතුවම් කලාව

විවිධ වර්ණවලට විවිධ අර්ථකථනයක් ඇති නිසා එමඟින් මානසික මට්ටම මුළුමනින්ම වෙනස් කිරීමට හැකියාවක් ඇත. නිල් පැහැයෙන් නැවුම් බව, කොළ පැහැයෙන් ස්වාභාවිකත්වය, දම් පැහැයෙන් ශාන්ත බව සහ නිර්මාණාත්මක බව, කහ පැහැයෙන් සුබවාදී බව, තැඹිලි පැහැයෙන් ජවය, රතු පැහැයෙන් ආශාව ආදිය අර්ථවත් කෙරේ.

මැසීම, ගෙතීම

මැසීම හෝ ගෙතීම් ආදිය සිත යෙදවීමෙන් සිතේ ඇතිවන පීඩාකාරී, අසහනකාරී සිතිවිලි මඟහැරී යයි. මෙයින් ඔබේ හැකියාව පිළිබඳ සුබවාදී සිතිවිලි ඇතිවෙනවා.

ඡායාරූපකරණය

කැමරා කාචය තුළින් ලොව දැකීම ඔබේ සිතිවිලි උද්දීපනය කරන ක්‍රියාවකි. බොහෝ දේ වෙනස් කෝණයකින් දැකීමට මෙමඟින් උපකාරි වෙනවා. ඡායාරූප තුළින් ජීවිතයේ සතුටුදායක මෙන්ම ධනාත්මක ආකල්පයන් මනස තුළ ඇති කර ගැනීමට හැකිවෙනවා.

කියැවීම සහ ලිවීම

විනාඩි හයක් පමණ පොතක්, පත්තරයක් කියැවීමෙන් මානසික ආතතිය 68%ක් පමණ අඩු කර ගත හැකි බව පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා. සිතිවිලි ලේඛනගත කිරීමෙන් එයින් ඇතිවන මානසික පීඩනයෙන් යම් තරමකට හෝ මිදිය හැකිය. නිර්මාණාත්මක අදහස් සුවතාව සහ ශක්තිමත් බව ඇති කරන බව අධ්‍යයනවලින් හෙළි වී ඇත.

ආහාර පිසීම

ඉවීම විනෝදාත්මක බවක් ගෙනඑන ක්‍රියාවක් මෙන්ම ආතතියෙන් මිදීමට හොඳම ක්‍රමයක්. ඉවීමේදී ඇතිවන ශබ්දය, රසය සහ දර්ශනය මනසේ ඇති විඩාබර බව දුරු කරවයි.

සවනි ශේෂාධිමවිබිම

Share This Article

ඉහල වෙළඳ වටිනාකමක් ඇති ඉඟුරු වගාවක් පටන් ගනිමු.

කාර්යබහුල දවසේ විඩාව මොහොතකට සංසිඳුවාලන්නට ඉඟුරු මිශ්‍ර තේ් කෝප්පයකට ඇති හැකියාව මොනතරම් ද? එපමණක් නොව මහවැසි ඇදහැලෙන වෙලාවක ගතට දැනෙන සීතල...

මානසික ආතතිය දුරු කර වන විනෝදාංශ

සංගීතයමියුරු සංගීත නාදයකට මනසේ ඇතිවන විඩාබර බව සමනය කරන්න පුළුවන්. පර්යේෂණවලින් සොයාගෙන ඇති අන්දමට සංගීත ඛණ්ඩයකට සවන් දීම මෙන්ම සංගීත ඛණ්ඩ...

බැරි දේට බැරිය කියන්න ලැජ්ජ වෙන්න එපා...

යම් වැඩක් සැලකිල්ලෙන් නොකිරීමෙන් සිදුවන හානි විශාලයි. එයින් තමන්ට මෙන්ම අනුන්ටත් හානි සිදුවිය හැකියි. සමහරුන් වැඩ කරන්නේ කරන්නන් වා‍ලේ. ඒ කියන්නේ...

පෙම්වතියන් අකමැති පෙම්වතුන් වර්ග ගැනයි මේ....

සමහර පිරිමි අය වෙත කාන්තා පක්ෂය ඇදෙන්නේ හරියට කාන්දම් වගෙයි. ඒත් සමහර පිරිමි දැක්කම ගැහැනු අය පුළුවන් තරම් ඔවුන්ව මගඅරින්න බලනවා....

බොරු රගපෑම්වලට වැඩි ආයුෂක් නැහැ

සුරංග නිතරම හිතන්නෙ ක්‍රියා කරන්නෙ තමන් අන් සැමටම වැඩිය දක්ෂයෙකු ලෙසටයි. දන්නා කියන අයකු ලෙසටයි. කවුරුවත් තමන්ට ඉහළින් යනවාට ඔහු කැමති...

නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ

හදවතට ආදරයේ මිහිරියාව දැනුනු මොහොතක, තනිව සිනාසුනා මතකයි. හතර අතට පෙරලි පෙරලි නිදි නැතිව රැය පහන් කලා මතකයි. හොරෙන් ඉගි බිගි...