දුවෙක්ට මේ ලෝකය හොඳ තැනක් නොවෙයි තාත්තෙක්ගෙන් හිතුවක්කාර දුවකුට ලියුමක්
දරුවෙක් ලොකු කාලෙදි වුණත් පොඩි කාලෙදි වුණත් වැරැදි කළොත් එයින් වැඩියෙන්ම කම්පාවන්නේ එයාගෙ අම්මයි තාත්තයි. සමහර වෙලාවට එහෙම දරුවන්ට කැමැති විදියට ඉන්න ඉඩදීලා මවුපියෝ ඒ දරුවන් දාලා යන්නෙත් ඒ දුක දරාගන්න බැරි නිසා. හරියට මේ ලියුම ලියපු තාත්තා වගේ.
ඔයාගේ තාත්තා විදියට පුංචි දුවේ මට කියන්න තියෙනවා හුඟක් දේවල්. මේ ලෝකය ගැහැනු දරුවකුට හුඟක් නරක තැනක්. කිසිම වෙලාවක ලෝකය, ලෝකයේ සිදු වන දේවලට සමාවක් දෙන්න බැහැ. ඒ වගේම විශ්වාස කරන්නත් බැහැ. ඒත් මේ ලෝකේ එක ලස්සන දෙයක් තිබෙනවා. ඒක පුදුමසහගත තෑග්ගක්. ඒ තමයි කාන්තාව. කාන්තාව නිසා ලෝකය ලස්සන වෙනවා. මම ඔයාගේ තාත්තා විදියට කොටට ඇඳුම් අඳින්න එපා කියලා ඔයාට කිව්වේ අහිතකින් නොවෙයි දුවේ. සමහර විට මගේ දුව අඳින ඇඳුම නිසා ලෝකයා වැරැදි විදියට හිතන්න ඉඩ තිබෙනවා. නමුත් මමවත් වෙන කවුරුහරි කෙනෙක්වත් කියපු දෙයක් ඔයා ඇහුවේ නෑ. ඔයා හැමතිස්සෙම ඔයාට ඕන දේ කළා. හැමතිස්සෙම මම හිතුවේ මගේ දුවගේ ගෞරවය ආරක්ෂා කළ යුතුයි නේද කියලා. නමුත් ඔයා එය තේරුම් ගත්තේ නැහැ. ඔයාට ඕන වුණේ කාගෙනුත් අෑත්වෙලා තනියම ජීවත් වෙනවා. හැමදාම රාත්‍රී සාදවලට යන්න දුව අහද්දී, මට එපා කියන්න බැරි වුණා. ඒත් මගේ හිතේ ලොකු වුවමනාවක් තිබුණා ඔයාව නවත්වන්න. ඒත් මමම ඔයා කැමැති තැනකට ඔයාව අරන් ගියා. ඔයා හොඳටම මත්වතුර පානය කරද්දී මම වාහනේ ඇතුළට වෙලා හිටියා. නමුත් මම ඒ කිසිම දෙයක් ගැන තරහා නෑ. ඔයාගේ වැඩකටයුතු හොඳින් කර ගන්න සතුටින් ඉන්න. මම ඔයාගේ දිහා බලාගෙන ඉන්නවා. පුළුවන්තරම් මේ ලෝකය ලස්සන තැනක් කරන්න මහන්සි ගන්න. මම හැමදාමත් ඔයාගේ යහපත ගැන හිතන තාත්තා.
හංසි ආටිගල උපුටා ගැනීම මව්බිම