ඉතාලියේ දී හමු වූ හොඳ තාත්තා කෙනෙක්
අවුරුදු හැටක් පමණ වන ෆරැන්කෝ බස් නැවතුම ඉදිරිපිට ඇති කුඩා මල් කඩයක් පවත්වාගෙන යයි. ඉතා කාර්යබහුල ජීවිතයක් ගත කළ ද සිය වෙළෙඳසලට පැමිණෙන සියල්ලන්ටම කාරුණිකව සුහදශීලීව සේවය සලසා දෙන ඔහු අතැම් විටක සිය කඩය වෙතට හරි හැටි දෑත් දෙපාවත් ක්‍රියා නොකරන ආබාධිත තරුණයන් දෙදෙනෙක්ද රැගෙන එනු මම දැක ඇත්තෙමි. මොවුන් දෙදෙනා රැගෙන එන අවස්ථාවලදී කෙතරම් කාර්යබහුල වුවද ෆරැන්කෝ ඔවුන්ගේ අවශ්‍යතාවයන් සඳහා කැප වන්නට ද අමතක කරන්නේ නැත. සිත තුළ කුතුහලය නිසාම දිනක් මෙම තරුණයන් කාගේ කවුදැයි මම විමසා දැන ගත්තෙමි. ඉන් පසු ෆරැන්කෝ ඔහුගේ ජීවිත කතාව ඔහු විවේක ඇති විටක මා සමගින් පැවැසුවේ කැමැත්තෙනි. “ඒ ඉන්නේ මගේ පුතාලා දෙන්නා. ඒ දෙන්නම දැන් තරුණ වයසේ. එක්කෙනෙක්ට විසිහයක්, අනික් එක්කෙනාට විසිදෙකක්. මෙයාලා දෙන්නම උපතින්ම ආබාධිතයි. ඒත් මම ජීවත් වෙන්නේ ලොකු දුකකින් නම් නමෛයි. මම එයාලට මට පුළුවන් උපරිමෙන් සලකනවා. මම කුඩා කාලයේ ජීවත් වුණේ මිලානෝ ඉඳලා ගොඩක් ඈත. ඒක ඉතාලියේ එක කෙළවරක්. අපි හරිම දිළිඳු අය. මගේ දෙමව්පියෝ කළේ ගොවිතැන්. අපි එළවළු, පලතුරු වැව්වා. මමත් පාසල් අධ්‍යාපනයෙන් පස්සේ දෙමව්පියෝ එක්ක එකතුවෙලා ගොවිතැන් කළා. මට ඉහළට ඉගෙන ගන්න පුළුවන් වුණේ නෑ. අනික මගේ පවුලේ සාමාජිකයෝ වැඩි හින්දා අපිට වියදම් කරන්න දෙමව්පියන්ට සල්ලි තිබුණෙත් නෑ. මගේ පියා තදින්ම බිමට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්. ඒක නිසා අපේ ළමා කාලය ගෙවුණේ සුන්දර විදියට නමෛයි. මට සහෝදර සහෝදරියෝ අට දෙනෙක් හිටියා. අපි ගොවිතැනින් හොයන මුදල් වියදමට සෑහුණේ නෑ. අපි ගොඩක් දවස්වල කුසගින්නේ ඉඳලා තියෙනවා. දැන් වගේ නමෛයි ඒ කාලේ රජයෙන් උනත් දිළිඳු අයට මේ විදියට ආධාර කළේ නෑ. පස්සේ තමයි රජයේ සමාජ සුබ සාධන වැඩසටහන් මේ විදිහට දියුණු වුණේ. ඇත්තෙන්ම මම මගේ පියා ගැන හිටියේ ලොකු කලකිරීමකින්. අපි එකතු වෙලා දුක් මහන්සි වෙලා ගොවිතැන් කරලා හම්බ කරන සල්ලි ඔහු කිසිම දුකක් නැතිව මත්පැන්වලට වියදම් කරනවා දැක්කම මට දැනුණේ වේදනාවක් වගේම වෛරයක්. එක දවසක් අපේ ගොවිපළේ එළවළු විකුණලා සල්ලි අරන් තාත්තා එනකන් අපි හැමෝම බලන් හිටියා. එදා අපිට කන්න කිසිම දෙයක් තිබ්බේ නෑ. තැලිලා පොඩිවුණු එළවළු ටිකක් ඇරෙන්න. අපි ගොඩක් රෑ වෙනකන් හිටියත් තාත්තා ආවේ නෑ. අම්මා අපිට කන්න වට්ටක්කා තම්බලා දුන්නා. මම හිටියෙ කෝපයෙන් දැවෙමින්. ඒ වෙනකොට මගේ වයස අවුරුදු විසි හතරක්. තාත්තා හොඳටම රෑ වෙලා ගෙදර ආවා කෙලින් කටින් ඉන්න බැරි වෙන තරමට බිමතින්. අම්මා ඇහුවා කෝ එළවළු විකුණපු සල්ලි කියලා. එහෙම ඇහුවම තාත්තා අම්මට පාරවල් කීපයක් ගැහුවා. මට කේන්තිය ඉවස ගන්න බැරි වුණා. මමත් තාත්තත් එක්ක වාද කළා. තාත්තා මට ගහන්න පැන්නා. එතකොට මට හිතුණ මගේ අතින් මහ බරපතළ දෙයක් වෙන්න යන බව මම ඒ වෙලේම මගේ රෙදි ටිකත් අරන් ගෙදරින් පිටවුණා. පස්සේ මම යාළුවෙක් ළඟ නැවතිලා ඉඳලා සතියකට පස්සේ මිලානෝවලට ආවා. මම ගෙදරින් ආවට පස්සේ ගමට ගියේ බොහෝම කලාතුරකින්. ඒ පළාත දකින කොටත් දරාගන්න බැරි කනගාටුවකුත් පසුතැවීමකුත් එනවා. මගේ අම්මත් ඊට ටික කාලෙකට පස්සේ මියගියා. තාත්තා ගැන හොයන්න මම ගියේ නෑ. මම මිලානෝ නගරයට ඇවිත් කුඩා රැකියාවක් හොයා ගත්තා. මම ගොඩක් කාලයක් තනියෙම රස්සාව කරගෙන හිටියා. මට ඒ තනිකම දරා ගන්න බැරි වුණා. ඒ වෙනකොට මට අවුරුදු හතළිහත් ඉවර වෙලා. එහෙම ඉන්න කොට අඳුන ගත්ත තරුණියක් එක්ක මම විවාහ වුණා. මගේ බිරිඳ රැකියාවක් කළේ නෑ. අපි ගොඩක් සතුටින් තමයි ජීවත් වුණේ. අපේ කුළුඳුල් දරුවා ලැබෙන්න ආවම අපි ගොඩක් සතුටු වුණා. මම මගේ බිරිඳ ආසා කරන හැමදෙයක්ම එයාට දීලා එයාව ආදරෙන් බලා ගත්තා. අපේ පළමුවෙනි දරුවා පුතෙක්. පුතා ඉපදීලා මාස කීපයක් යද්දී එයාගේ ආසාමන්‍ය තත්ත්වයක් නිසා අපි පුතාව වෛද්‍යවරුන්ට පෙන්නුවම ඔවුන් කීවා පුතා උපතින්ම මන්ද මානසික ආබාධිත කෙනෙක් කියලා. අපි ගෙදර ඇවිත් පුතාව තුරුලු කරන් හොඳටම හඬා වැළපුණා. ඒත් මොනව කරන්නද මේ අපේ දරුවා. අපි එයාව අපිට පුළුවන් විදියට ඇති දැඩි කළා. එහෙම කාලයක් යනකොට අපිට තව දරුවෙක් ලැබෙන්න ආවා. අපි දෙන්නම හැම පල්ලියකටම ගිහින් දෙවියන්ගෙන් ඉල්ලුවා මේ දරුවාවත් නිරෝගී කරන්න කියලා. දරුවා ලැබුණා. ඔහුත් පුතෙක්. මුලදී නම් හොඳ නිරෝගී දරුවෙක්. ඒත් කාලයක් යද්දී ඔහුත් අසාමාන්‍ය තත්ත්වයක් පෙන්නපු නිසා ඔහුවත් වෛද්‍යවරුන්ට පෙන්නුවම කිව්වේ කලින් කතාවමයි. දෙවියන් අපිට ඒ වෙලෙත් පිටුපාලා. ආබාධිත දරුවෝ දෙන්නෙක්ම ලැබුණම දෙමව්පියන්ට මොනව හිතෙනවද? ඒත් අපිට ඔවුන් අහක දාන්න පුළුවන්කමක් නැහැ. අපි මේ අපේ ෙදෙවය කියලා හිතාගෙන මේ දරුවන්ව හදන්න තීරණය කළා. දරුවෝ ටිකක් ලොකු වෙනකොට තමයි මගේ ජීවිතේ අවාසනාවන්තම සිදුවීම වුණේ. මගෙ බිරිඳ හීනෙන්වත් නොහිතපු විදිහට මියගියා. ඇය මියගියේ මොළයේ රුධිර නාලයක් පුපුරලා. ඇත්තෙන්ම ඇය නිතරම දරුණු හිසේ කැක්කුමක් ගැන කිව්වත් අපේ දරුවන්ගේ වැඩ නිසා නියමිත ප්‍රතිකාරයක් එයාට කරන්න මට බැරි වුණා. මම මේ දරුවෝ එක්ක මේ ලෝකේ තනිවුණා. දරුවන්ව විශේෂිත පාසලකට ඇතුළත් කළත් එයාලා ගොඩක් අසාමාන්‍යයි. එයාලගේ කිසිම වැඩක් එයාලට කරගන්න බෑ. දෙපා පණ නෑ දෙන්නගෙම. හිස කෙලින් තියා ගන්නත් බෑ. හැම දෙයක්ම කරන්න ඕනේ මම තමයි. ජීවිතේ කිසිම දවසක සැනසීමෙන් ඉන්න මට ෙදෙවය ඉඩදීලා නෑ. බිරිඳගේ මරණය. මේ ආබාධිත දරුවෝ දෙන්නා. මම ජීවත් වෙන්නේ ගිනි කන්දක් උඩ. මම නැති දවසකට මේ දරුවන්ගේ ඉරණම ගැන මට දුකයි. රජයෙන් සමාජ සේවා ආයතනයකට ඔවුන් යොමු කරයි. ඒත් එයාලට කාත් කවුරුවත් නැති වෙනවා නේද කියලා හිතද්දී මට දුකයි. නමුත් මම ජීවත් වෙන්නේ හිනාවෙලා. ඒ හිනාව තමයි මාව ජීවත් කරන්නේ, අඬන්න ඕනේ වෙලාවට හිනා වෙන්න තරම් ආත්ම ශක්තියක් තිබුණොත් මේ ජීවිතේ ඔබට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තාත්තා කෙනෙක්ගේ ආදරය කවදාවත් හරියට විඳින්න මට බැරි වුණා. ඒත් මම මේ දරුවන්ට පියෙකුගෙන් වෙන්න ඕන හැමදෙයක්ම කළා විතරක් නමෛයි මට පුළුවන් උපරිමෙන් ආදරය කළා. ඒ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. මම හොඳ තාත්තා කෙනෙක් වුණා. ඒ නිසා මගේ ජීවිතේ ලොකු පසුතැවීමක් නම් නෑ. ෆරැන්කෝ සැනසුම් සුසුම් හෙලමින් එසේ කියන විට පිය සෙනෙහස මව් සෙනෙහස තරම්ම බලගතු නොවේදැයි මට ද සිතුණි.
උපුටා ගැනීම ලක්බිම