උගත්කම මනින ඉහළම සහතික තිබුණත් ප්‍රායෝගික ජීවිතය අවුලක් නම් ඇති වැඩේ මොකක්ද?
එක භෞතික විද්‍යා ප්‍රශ්න පත්‍රයක මෙහෙම ප්‍රශ්නයක් තිබුණලු. බැරෝ මීටරයක ආධාරයෙන් ගොඩනැගිල්ලක උස ගණනය කළ හැක්කෙ කෙසේද? එක සිසුවෙක් මෙහෙම පිළිතුරු ලියලා බැරෝ මීටරය ගොඩනැගිල්ල උඩට රැගෙන ගොස් දිග ලණුවකට බැඳ එය පොළොව මට්ටම දක්වා පහත් කරන්න. ඉන්පසු ලනුවේ දිග මැනීමෙන් ගොඩනැගිල්‍ලේ උස මැනගත හැක. උත්තර පත්තර බලන ගුරුවරයට තරහ ගිහින් ඒ ලියපු ශිෂ්‍යයාව කාර්යාලයට ගෙන්නුවලු.
"ඇයි මෙහෙම මෝඩ උත්තරයක් ලිව්වෙ? ඕන මෝඩයෙකුට ඒ විදිහට බිල්ඩිමක උස මනින්න පුළුවන්. තව එක චාන්ස් එකක් දෙන්නං මට නිසි පිළිතුරක් ඕන. නැත්නම් ලකුණු බින්දුවයි."
"ඒ වුණාට උත්තරේ හරිනෙ සර්.."
"හරි වුණාට ඒක ලේසි උත්තරයක්."
"මට භෞතික විද්‍යා උත්තරයක් ඕන."
"බිල්ඩිමක උස මනින ක්‍රම කීපයක්ම තියනවා. මම ඕන නං ඒව සේරම කියන්නං.." එහෙම කියලා ඒ සිසුවා දිගටම මෙහෙම කියාගෙන ගියාලු.
බැරෝ මීටරය ගොඩනැගිල්ලෙ උඩට අරගන ගිහින් වහලෙ කෙළවර ඉඳල ස්ටොප් වොච් එකකින් වෙලාව බලාගෙන ඒක අත අරින්න. ඒක පොළොවට වැටෙන්න ගිය කාලය හරියටම මැනගෙන මේ සූත්‍රය ආදේශ කරන්න කියලා භෞතික විද්‍යා සමීකරණයක් සඳහන් කළාලු. ඒ සමීකරණය නිවැරදි නිසා සම්පූර්ණ ලකුණු ඔහුට දීල අර පරීක්ෂකවරයා, තව ක්‍රම තියනවා කිව්වෙ මොනවාද ඒ? පරීක්ෂකවරයා නිකමට වගේ ඇහුවලු. අර සිසුවා මේ විදිහට කියාගෙන ගියාලු. බැරෝ මීටරෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? උදාහරණයක් වශයෙන් හොඳට ඉර පායල තියන වෙලාවක බැරෝ මීටරයෙ හෙවනැල්ලෙ උස මැනලා ඊට සාපේක්ෂව ඇති ගොඩනැගිල්ලෙ හෙවනැල්ල මැනලා ඒකෙන් ගොඩනැගිල්ලෙ උස හොයන්න පුළුවන්. තව ක්‍රමයක් තියනවා බැරෝ මීටරය අරගෙන පඩිපෙළ නගිනවා. පඩිපෙළ නගින ගමන් බැරෝමීටරය කෝදුවක් වගේ අරගෙන බිත්තියෙ ලකුණු කරල උඩටම තියන උස දැනගන්න පුළුවන්. තවත් ක්‍රමයක් කියන්නං බැරෝමීටරය ඔරලෝසුවක බට්ටෙක්් වගේ ලණුවක ගැට ගහලා බිල්ඩිමෙ උඩම තට්ටුවේ ඉඳල පොළොව මට්ටමටම බස්සලා බට්ටෙක් වගේ එහාට මෙහාට පද්දලා ඒකෙ ට් අගය පොළොව මට්ටමේදියි ගොඩනැගිල්ල මුදුනෙදියි ගණනය කරගන්නව. මේ ට් අගයේ වෙනස ඇසුරෙන් උස හොයාගන්න පුළුවන්.
ඔය ළමය භෞතික විද්‍යාව ගැන හොඳට දැනගෙනත් ඇයි පිළිතුර නොලිව්වෙ?
භෞතික විද්‍යාව නැතුව කරන්න පුළුවන් දේවලුත් තියනවා සර්. බිල්ඩිමක උස මනින ලේසිම නිවැරදි ක්‍රමය මං ඕන නං කියන්නං.
ඒ කොහොමද?
මේ බිල්ඩිම බලාගෙන ඉන්න පුද්ගලයා ළගට ගිහින් මේ බැරෝ මීටරේ පෙන්නල මෙහෙම කියනවා. මේක හොඳ උසස් මට්ටමේ බැරෝ මීටරයක්. මේ බිල්ඩිමේ උස හරියටම කිව්වොත් මම මේක ඔබට දෙනව කියලා කිව්වොත් හරියටම නිවැරදි උස අපිට ඔහුගෙන් දැනගන්න තිබුණා. එයාගෙ කාර්යාලයේ ඩිල්ඩිමේ දත්ත සේරම තියනවනෙ.
මේ පුංචි කතාව එක්තරා විදිහක විහිළුවක් කියලත් හිතන්න පුළුවන්. ඒ ශිෂය්‍යා දීලා තියන හැම උත්තරයක්ම බැරෝමීටරයක් උදව් කරගෙන බිල්ඩිමේ උස දැනගත හැකි ක්‍රම තමයි බලාගෙන ගියාම. හැබැයි ඒ උත්තර සමහරක් විහිළු සහගත වුණත් උත්තර නිවැරදියි නේද?
මේ පුංචි කතාවෙන් අපිට හිතලා බලන්න අදහස් කීපයක් මතුවෙනව.
1. විද්‍යාත්මකව දැනුම රැස් කරගෙන සිටීම හොඳයි ඒත් වැදගත් වෙන්නේ ප්‍රායෝගිකව ඒව අපි යොදවන්නෙ කොහොමද කියන එකයි.
2. සමහරු උගත්කම තිබුණට ඒක ප්‍රයෝජනයට ගන්නෙ නෑ.
3. සමහරු උගත්කම තිබුණට ඒක ප්‍රදර්ශනය කරන්න දගලන්නෙ නෑ. ඒත් ටිකක් දන්න අය ඒ දැනුම ප්‍රදර්ශනය කරන්න හදන හැටිත් අපි දකිනවා.
4. ඉහළට ඉගෙනගෙන විභාග සමත් නොකළත් ප්‍රායෝගික දැනුම පැත්තෙන් සමහරු ඉතා ඉහළයි.
5. ප්‍රශ්න විසඳන්න තියෙන්නෙ එකම මාර්ගයක් නොවෙන්න පුළුවන්.
ඔය කරුණු පහ ගැනම ටිකක් හිතලා බලන්න. සමහරු හරි උගත්. නොයෙක් විෂයයන් ගැන හදාරලා සහතික අරගෙන තියනව. නමේ කෙළවරට අකුරු වැලක් තියනවා. ඒ දැනුම හෑල්ලු කරනව නෙමේ. ඒ දැනුමෙන් වැඩක් නෑ තියනව නෙමේ. ඒත් සමහරු කොච්චර උසස් විභාග සමත්වෙලා තිබුණත් කොච්චර උසස් නිලතල දැරුවත්, ප්‍රායෝගික ජීවිතේ බලපුවම හරිම අසාර්ථකයි. පුංචි ප්‍රශ්නයක් ගෙදර ප්‍රශ්නයක් විසඳාගන්න ප්‍රායෝගික දැනුමක් නෑ. හිතට සහනයක් නෑ. හැම තිස්සෙම මැසිවිලි කියවනව. ගෙදරත් අඬදබර. මොකක්ද ඉතින් උගත්කමින් ඇති පලේ? උගත්කම වටින්නෙ ප්‍රායෝගික වුණාමයි. ජීවිතේ අර්ථවත් කරගන්න ලස්සන කරගන්න උදව්වක් වෙන්නෙ නැත්නම්, සමාජය ලස්සන තැනක් කරන්න දායක වෙන්නෙ නැත්නම් මොකක්ද ඒ උගත්කමින් ඇති වැඩේ. අනිත් අතට කිසිම උසස් විභාගයක් සමත් නැති විශ්වවිද්‍යාලවලට ගියෙ නැති, ඒ තරම් ලොකු පොත පතේ දැනුමක් නැති, සමහර පුද්ගලයො ජීවිතේ ඉතා සාර්ථක කරගත්තු අවස්ථා තියනව.
අද මේ උසස් අධ්‍යාපන ආයතන වැහි වැහැල තිබුණට මීට දශක තුන හතරකට කලින් එහෙම තිබිල නැ. පොත පතේ උගත්කම හිමිවෙලා තිබුණෙ ටික දෙනෙකුට. ඒත් ඒ තරම් උගත්කම නැති වුණත් ප්‍රායෝගික දැනුම ඉතා ඉහළ මට්ටමක තිබුණ නිසා දෙමවුපියො ලස්සනට පවුල් පසුබිම් හදාගන තිබුණ. හොඳ දරුවන් බිහි කරල හොඳ පූජකවරුන් හොඳ ගුණගරුක වටපිටාවක් හදල තිබුණ. වෛද්‍ය විද්‍යාව හදාරල නැතත් කොත්තමල්ලි කටුවැල්බටු වලින් රෝග නිවාරණය කරගන්න අපේ අම්මලා ආච්චිලා දැනගෙන හිටිය. තණ්හාවෙන් සල්ලි ගොඩගහන එකට වඩා දනට පිනට දෙන එකෙ උතුම්කම පුංචි කාලෙ ඉඳලම දරුවන්ට ප්‍රායෝගිකව පුහුණු කළා. පල්ලියෙ පන්සලේ වෙල් යායෙ ගමේ, කඩමන්ඩියෙ මනුස්සකම ආදරය අවංකකම සුන්දරත්වය වපුරන්න ප්‍රායෝගික දැනුම් සම්භාරයක් ඒ අයට තිබුණ. එත් අද බොහෝ දෙනකුට ගෙදර පුංචි ප්‍රශ්නයක් විසඳාගන්න හැකියාවක් නෑ. දරුවන් හසුරුවා ගන්න හැකියාවක් නෑ. මවුපියන්ට උපස්ථාන කරන්න නැමියාවක් නෑ. වෙන විදිහකට කියනව නම් උගත්කම තිබුණට බුද්ධිය නැති අය අද එමටයි.
ප්‍රශ්නයකට ගැටලුවකට විසඳුම් එකක් නෙමේ කීපයක්ම තියෙන්න පුළුවන්. සමහරු වෙලාවට මහ මිනිස්සු ඔළුව කඩාගෙන විසඳන්න හදන ගැටලුවලට පුංචි දරුවන්ගෙන් පුදුම සරල විසඳුම් ලැඛෙන අවස්ථා තියනව. එක තාත්ත කෙනෙක් වැරදීමකින් එයා ආරක්ෂා කරගෙන තිබුණු පත්තරේක ලිපියක් කෑලි කෑලි වලට ඉරුනලු. ඒක පැය ගාණක් එකතු කරන්න හදල බැරිම තැන දාලා ගිහින්. විනාඩි ගණනකට පස්සේ ඒ කෑලි හරියටම එකතුකරලා එයාගෙ පුංචි පුතා ගෙනත් දුන්නලු. පුදුම වෙලා තාත්ත ඇහුවලු කොහොමද ඒක කළේ කියල. ඒ ලිපියෙ අනිත් පැත්තෙ තිබිල තියෙන්නෙ මිනිස් රූපයක් ඒ කොටස් එකතුකරල මිනිස් රූපය හැදුවම ඉබේම අනිත් පැත්තෙ ලිපියත් හරියට හැදිලා. ජීවිතේ ගොඩක් ඒ වගේ දේවල් වෙනව. මහා උගත්කමකින් විසඳන්න බැරි ගැටලු සරල ප්‍රායෝගික ක්‍රමවලින් ලේසියෙන්ම විසදෙනවා. ඉතින් උගතෙක් වෙන්න. ඒක හොඳ දෙයක්. ඒත් ප්‍රායෝගිකව පී්‍රතිමත් සරල සැහැල්ලු දිවියකට අවශ්‍ය බුද්ධිය ප්‍රගුණ කරගැනීම පොත පතේ දැනුමට වඩා වටින බව අවබෝධ කරගෙන ජීවත් වෙන්න.
මයිකල් ඇන්ජලෝ
උපුටා ගැනීම ලක්බිම පුවත් පතඇසුරෙනි