කඳු ගැටයක තැනූ පුංචි කැදැල්ලක සුන්දරත්වය විඳින්න
පුංචි කඳු ගැටයක ලස්සනම ලස්සන ගේ පොඩ්ඩක් හදාගෙන නිවී සැනසිල්ලේ ඉන්න පුළුවන් නම්... ඒ තරම් සැනසිල්ලක් කොහේද? මෙහෙම සිතන බොහෝ දෙනෙක් ඒ සිහින මාළිගාව සිතේ ගුලිකරගෙන කාලය ගත කරනවා. මේ සිහිනය සැබෑ කරගන්න අපට අපහසුම ඉලක්කයක් නොවෙයි. ඒ සිහින මාළිගාව තැනීමට පුංචි කඳුගැටයක් මත පිහිටි ඉඩමක් ලැබුණොත් එය ආශීර්වාදයක් කරගෙන නිවෙස තැනීමේ කටයුත්තට මුල පුරන්න අප ඔබට අත්වැලක් සපයනවා. ඒ කටයුත්තට මුලින්ම ප්රවේශවීමට පෙර කළ යුත්තේ කුමක්දැයි අපි මෙවර ඔබ සමඟ සාකච්ඡා කරමු.
කඳු මුදුනක ගෙයක් සෑදීමේදී වඩාත් වැදගත් වන්නේ නිවෙසට ප්රවේශවන මාර්ගයයි. නිවෙසක වටිනාකම තක්සේරු කිරීමේදී නිවෙසට රථයකින් පැමිණීමට ඇති හැකියාව වඩාත් වැදගත්ය. ඒ සඳහා වඩා උචිත වන්නේ විශාල ගල් කුලුණු හෝ රූස්ස ගස් පිහිටා නොමැති භූමියකි. එම භූමිය තෝරා ගැනීමේදී විශේෂයෙන්ම සොයා බැලිය යුත්තේ එම පසේ ස්වභාවයයි. නාය යෑමේ අවදානමක් නොමැති තද පසක් සහිත භූමියක් මේ සඳහා වඩාත් සුදුසුය. මෙවැනි ඉඩමක් තෝරා ගත් පසු අපට නිවෙස තනා ගැනීමට වැයවන වියදම හා ශ්‍රමය බොහෝ සෙයින් ඉතිරිකර ගැනීමට හැකිවනු ඇත. මෙවැනි ඉඩමක නිවෙසක් තැනීමේදී වර්තමානයේ සාර්ථකම නිවාස සැලසුම් ක්‍රමය වන්නේ කොලම් මත ඉදිවන නිවෙසක් හෝ විවේක සුවය විඳීමට සුදුසු ගොඩනැගිල්ලක් තැනීමය.
මුලින්ම ඔබ කළ යුත්තේ භූමිය ඉදිරියෙන් ඇති මාර්ගයේ මධ්‍යයේ සිට අඩි 25 ක් හා පිටුපසින් අඩි 10 ක් සීමාකරගෙන මැද කොටසේ නිවෙස තැනීම සඳහා බේස් වලවල් කැපීමයි. කොළම් ඉහළට එසවෙන කොටසේ ඩ් බාර් යොදා නිවෙස තැනීම සඳහා සැකිල්ල සාදා ගැනීමයි. සීමාවේ ඉඩ අනුව කාමර වෙන්කර ගැනීම පළමුව කළ යුතුය.
දෙවෙනුව ඔබ කළ යුත්තේ පාදමට මත සකස් කළ සැකිල්ල මත ලෑලි ඇතිරීම හෝ කොන්ක්‍රීට් තැටි ඇතිරීමයි. මෙය ශක්තිමත්වීම සඳහා ණධඪදබ ඇල්ලීම කළ යුතුය. දැන් තමුන්ට රිසි පරිදි ජනෙල් දොරවල් පාදම මත තනන බිත්ති හෝ ලෑලි බිත්ති මතට යොදා අලංකාරය වැඩිවන ලෙස යොදන්න. මෙමඟින් නිවෙස තුළට හොඳින් ආලෝකය හා වාතාශ්‍රය ලැබීම නිවෙසට සුන්දරත්වයකි. මෙවැනි අලංකාර නිවෙස අප නිරතුරුවම දකින්නේ විදේශ සීත රටවලය. මෙය ලොකුම වාසිය වන්නේ පිරිවැය අඩුවීමය. මෙහි වහළය තැනීමේදී තහඩු හෝ සිවිලි උළු යෙදීමේදී එය ඉතාම ශක්තිමත්ව යෙදීම ඉතා වැදගත්ය. එසේම වැසිකිළි පද්ධතිය සඳහා ද උචිත ක්‍රමවේදයක් යෙදීම වඩාත් වැදගත් වු සාධකයකි.
එසේම විදුලි පද්ධති, ජලනළ පද්ධති ආදියද සුදුසු ලෙස යොදා ගත යුතුය. එලෙසින් තැනූ නිවෙසක සුන්දරත්ය කෙතරම්දැයි මෙහි ඔබ දකින නිවසේ දර්ශනයෙන් කදිමට පෙනේවි.
නිවෙස් අලංකාර කිරීමට යොදාගත හැකි බොහෝ අංග ඇත. ඒ අතුරින් නිරතුරු අවශ්‍ය වන අංගයක් ලෙස තිර රෙදි හැඳින්විය හැකිය. දොර සහ...
පර්චස් 9ක් වැනි ඉඩක් හිමි, මේ ඉඩමේ සැලකිය යුතු ඉඩක් මිදුල සහ පසුපස අවකාශය සඳහා ඉතිරි කර තිබෙනවා. ඒ වගේම එය...
කුඩා ඉඩමක් භාවිත කර අලංකාරවත් ලෙස කුඩා නිවෙස් ඉදිකිරීම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා. නමුත් කුඩා නිවෙසක් තුළ බඩු භාණ්ඩ...
ගොඩක් වෙලාවට අපි මේ ලිපි පෙළින් කතා කරන්නේ අඩු වියදම් කුඩා නිවාස ගැන වගේම කුඩා ඉඩම්වලට ගැළපෙන නිවාස ගැන. ඒ නිසා...
නාගරික පරිසරයක නිවෙසක් තනන බොහෝ අය මුහුණ දෙන ලොකුම ගැටලුව වෙන්නේ තම සිතැඟි අවශ්‍යතා සපිරෙන නිවෙසක් තනන්නට තරම් ඉඩම ප්‍රමාණවත් නොවීමයි....
ඔබට අත්‍යවශ්‍ය ලිපි ලේඛන නිසි පරිදි ගබඩා නොකිරීම නිසා ඔබ අපහසුතාවට පත් වූ අවස්ථාවන් ඕනෑ තරම් ඇති. ඔබට වැදගත් වන ලිපි...