සාර්ථකව රෝස වවන්නේ කොහොමද?


රෝස වගා කරන්නට උනන්දු වන ඔබ මූලික වශයෙන් කරුණු රාශියක් දැනගත යුතුය. එසේ නොදැන වගා කිරීමෙන් සිදුවන්නේ වගාව අසාර්ථක වීමය. රෝස ගස්වලට වැළඳෙන රෝග, ‍පොහොර යෙදීම, පස සකස් කිරීම හා කප්පාදු කිරීම ඔබ විශේෂයෙන් දැනගත යුතු කරුණු අතර වේ.

1. පස සකස් කිරීම

වැලි පස රෝස වගාව සඳහා සුදුසු නැත. එහි ප්‍රධාන ගැටලුව ජලය රඳා නොසිටීමයි. එබැවින් පස් වියළී යයි. නමුත් මැටි පසද සුදුසු නොවේ. එහි ජලය බැස නොයන බැවිනි. මෙහිදී සිදු වන්නේ පැළ සිටුවීමෙන් පසු ‍පොහොර යෙදීම නිසා දින කිහිපයකින් ‍පොහොර පසට උරා ගන්නා විට ජලය වැඩිවීම හෝ ජලය නොරැදීම නිසා ශාකය මැරී යාමය. නැතිනම් වියළී යනු ඇත. මේ සඳහා ගෙවත්තේ තෝරා ගත් බිම් අඩි 1 1/2ක් පළලට හා අඩි 1 ක් ගැඹුරට කපා පස ඉවත් කරගෙන ඉන්පසු ඇතුළට තණකොළ පිඩලි, ‍පොහොර, කොම්‍පෝස්ට් ‍පොහොර සහ වැලි මිශ්‍ර කර අඟල් 6 සිටින සේ පළමුව මිශ්‍රණය යොදන්න. ඉන්පසු පැළය සිටුවා පසුව ඉතිරි පස් මිශ්‍රණය වටේම පුරවා දැමිම කළ යුතුය. දිනකට දෙවරක් ජලය යෙදීම අවශ්‍යවේ.

2. පැළ සිටුවීම


ගෙවත්තේ රෝස වගා කිරීමේදී සුදුසු පරිදි පාත්ති සකස් කර පසුව රෝස ගස් සිටුවීමේදී පරතරය පිළිබඳව සැලකිලිමත් වන්න. පැළ අතර පරතරය අඩි තුනක් විය යුතුය. වැල් රෝස හෝ උසට වැවෙන රෝස අතර පරතරය අඩි හයක් පමණ වීම අවශ්‍යවේ.

3. ‍පොහොර යෙදීම

පළමු ‍පොහොර යෙදීම පැළය සිටුවන දිනයේදී සිදු කළ යුතුය. දෙවන ‍පොහොර යෙදීම මසකට පසුව කරන්න. ඇමෝනියම් සල්ෆේට්, සුපර් සල්ෆේට්, ‍පොටෑෂ් මිශ්‍රණයක් ගසේ මුලට යොදන්න. මල් ලබා ගැනීම සඳහා හෝමෝන සහිත රසායනික ‍පොහොර යෙදීමට අමතරව ‍පොටෑසියම් වැඩිපුර අඩංගු ‍පොහොර යෙදීම සුදුසුය. මීට අමතරව ගසට ගොම ‍පොහොරද යොදන්න.

4. රෝස ශාක කප්පාදුව


රෝස ගස් කප්පාදුව සඳහා හොඳම කාලය අප්‍රේල් මාසයයි. කප්පාදු කිරීම සඳහා දැඩි කප්පාදුව යොදන්නේ නම් ‍පොළවේ සිට අඟල් පහක් ඉහළින් ඇති සියලුම අතු කපා දමන්න. එහිදී අංකුර එන ස්ථාන ඉතිරි කරගන්න. කැපූ කිනිති කුණු වීම වැළැක්වීම සඳහා දිලීර නාශකයක් කැපූ ස්ථානවල ආ‍ලේප කරන්න.

5. රෝග හා පළිබෝධ

රෝස ගසට වැළඳෙන ප්‍රධාන රෝග අතරින් කළු පුල්ලි රෝගය වැදගත්ය. පත්‍ර කහ පාට වීම, කළු පුල්ලි ඇතිවීම ප්‍රධාන රෝග ලක්ෂණයයි. වර්ෂාව සමග රෝග බහුලව පැතිර යයි. මේ සඳහා ‍ප්‍රොපීනොබ් අඩංගු දිලීර නාශකයක් හෝ බිනොවිල් අඩංගු නාශකයක් යෙදීමෙන් එය පාලනය කර ගත හැකිය. කඳ මැරීමේ රෝගයද රෝස ගසට වැළඳෙන තවත් රෝගයකි. මුල සිට ඉහළට කළු පැහැ ගැන්වෙන මෙහිදී තෙතමනය අධිකවීම නිසා මෙය ඇතිවේ. මෙලෙස කළු පැහැ ගැන්වූ අතු කපා ඉවත් කිරීම සුදුසුය.

සුදු පුස් රෝගය, කූඹිත්තන්ගෙන් වන හානිය, පිටි මකුණා, කොර ‍පොතු කෘමියා, කද විදින පණුවා වැනි රෝග සඳහා බිනොමල් අඩංගු පලිබෝධ යොදන්න. ගෙඋයන වර්ණවත් කරන සොඳුරු රෝස වගාවන් මගින් අමතර ආදායමක්ද උපයා ගැනීමට පුළුවන.


උපදෙස් සෙඩ්‍රික් ප්‍රනාන්දුපුල්‍ලේ
සටහන - අකිලා නදිශානි බණ්ඩාර

Share This Article

වැඩි මිලකට අලෙවි වන කළු පාට ඇන්තූරියම්

වැඩි පැළ ප්‍රමාණයත් ලබාගත හැකි ක්‍රම දෙකක් ගැන ඔබ දැන් දැනුවත්. පැළ බෝකර ගැනීමේ ක්‍රමවලට විරාමයක් තබා අද අපි කතා කරන්න...

කොම්පෝස්ට් සෑදීම කුඩා ගෙවත්තකට සුදුසුම ක්‍රමයයි

ඔබ සෑම උදෑසනකම මිදුල අතුගාලා කුණු ඉවත දානවා ඇති. ඔබ නොදන්නවා වුණාට ඒ ඉවත දාන්නෙ ඔබේම ගෙවත්තට අවශ්‍ය වන පොහොර ය....

මල් වගා කරන ගෘහණියන්ට නැතිවම බැරි ඇග්ලෝනිමා

ඇග්ලොනිමා වර්ග : මෙම ඇග්ලොනිමා පැළ විවිධ වර්ණවලින් දැකිය හැකිය. මේවායේ ඉතාම විසිතුරු වර්ණ අද වන විට ලෝකයේ විවිධ රටවල නිපදවා...

උද්‍යාන අලංකරණයට කෙටි පියවර නවයක්

සුන්දර ගෙවත්තක්, එහෙමත් නැත්නම් තමන්ගේම සුන්දර උද්‍යානයක අසිරිය විඳින්න අකමැති කවුද? මේ මිහිමඩල යට එවන් පුද්ගලයන් ඇතැයි අනුමාන කරන්නටත් අපහසුයි. නිහඬ...

ලස්සන නිවෙසක් සහ මිදුලක්

නිවෙසක පිරිසුදුකම යනු බොහෝදෙනා සිතනවාට වඩා වැදගත්කොට තැකිය යුත්තකි. ඊට ප්‍රධානතම හේතුවක් වන්නේ පිරිසුදුකම නිවැසියන්ගේ නිරෝගිතාවටද එකසේ බලපෑමයි. සතියකට එක් වතාවක්...

සාර්ථකව තණ පලසක් වවා ගන්නේ මෙහෙමයි.

මහා ඝන කැලෑවක් මැද ඉළුක් හෝ මානා හෙවිල්ලපු කටු මැටියෙන් හදපු අසපුවක තියෙන සුන්දරත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි අපි...