ලස්සන නිවෙසක් සහ මිදුලක්

ලස්සන නිවෙසක් සහ මිදුලක්

නිවෙසක පිරිසුදුකම යනු බොහෝදෙනා සිතනවාට වඩා වැදගත්කොට තැකිය යුත්තකි. ඊට ප්‍රධානතම හේතුවක් වන්නේ පිරිසුදුකම නිවැසියන්ගේ නිරෝගිතාවටද එකසේ බලපෑමයි. සතියකට එක් වතාවක් නිවෙස සහ මිදුල පිරිසුදු කිරීම ප්‍රමාණවත් යැයි සිතන බොහෝදෙනා එය එසේ නොවන බව සිහි තබාගත යුතුයි. මේ නිසාම නිවෙස, මිදුල නිවැරැදි ආකාරයට පිරිසුදුව තබා ගැනීමට ඔබ දැනුම්වත්ව සිටිනවා නම් එය ඔබේ නිවෙසේ අලංකාරය පවත්වාගෙන යෑමටත් අනිවාර්යයෙන්ම වැදගත් වේවි.

නිවැරැදිව බිම පිරිසුදු කිරීමේදී : 

ඔබ නිතරම ඉහළ සිට පහළට පිරිසුදු කිරීමයි කළ යුත්තේ. එසේ කිරීමෙන් ඔබට මකුළුදැල් කඩන විට සහ පිරිසුදු කරන විට වැටෙන කුණු දූවිලි පහසුවෙන්ම ඉවත් කරගත හැකියි.

කොස්ස තෝරා ගැනීමේදී : 

අභ්‍යන්තර පිරිසුදු කිරීම සඳහා මෘදු කෙඳි සහිත කොස්සක් තෝරාගත යුතුයි. එහිදී ඔබ වඩාත් සැලකිලිමත් විය යුත්තේ කුඩා කුණු දූවිලි පවා ඉවත් කිරීමට ඔබ තෝරාගන්නා කොස්සට හැකියාව තිබේද යන්න පිළිබඳවයි. එමෙන්ම බාහිර ප්‍රදේශය පිරිසුදු කිරීමට නම් ශක්තිමත් සිහින් කූරු සහිත ඉදලක් යොදාගැනීමයි වඩාත් වැදගත්.

නිවැරැදිව කොස්ස අල්ලා ගන්න : 

බිම සම්පූර්ණයෙන්ම පිරිසුදු වීමට නම් කොස්ස හෝ ඉදල නිවැරැදි ආකාරයට අල්ලාගත යුතුයි. එක අතක් ඉහළට සහ අනෙක් අත මැදට සිටින සේ ඔරුවක හබල් ගාන ආකාරයටයි මෙය කළ යුත්තේ.

අතුගෑමේ උපරිම ප්‍රයෝජන ගැනීමට : 

අතුගෑම කරන්නන් වාලේ කිරීමෙන් වන්නේ ඔබගේ කාලය හා ශ්‍රමය වැය වීම පමණයි. මේ නිසා ඔබට ලැබෙන සුළු වේලාව උපරිම පලදායී කරගැනීමට ඔබ වගබලාගත යුතුයි. එහිදී ඔබ සිටින දිසාවට විරුද්ධව අතුගෑමෙන් කුණු බින්දුවක්වත් ඉතිරි නොවන ලෙස නිවෙස පිරිසුදු කරගත හැකියි.

කුණු ඉවත දැමීම : 

මෙහිදී කාමරයේ හෝ අතුගාන ප්‍රදේශයේ මැදට කුණු සියල්ල එකතු කරගෙන එය කුණු ඉවතලන භාජන හා උපකරණ යොදාගෙන ඉවත් කිරීමෙන් සියලුම කුණු දූවිලි ඔබට ඉවත් කරගත හැකියි. එසේත් නොමැති නම් අතුගෑ ප්‍රදේශයට වඩා පහළින් පිහිටි ස්ථානයකට එම භාජන තැබීමෙනුත් ඔබේ රාජකාරිය පහසු කරගත හැකියි. එමෙන්ම රබර් දාර සහිත කුණු ඉවත් කිරීමේ උපකරණ භාවිත කිරීමයි වඩාත් සුදුසු.

ගබඩා කාමරය : 

ගබඩා කාමරයේ සැකැස්ම ඔබ සිතන්නේ වැදගත් නොවන්නක් කියාද? එය කිසිසේත්ම එසේ නොසිතිය යුත්තකි. ඔබ භාවිතයට ගන්නා බඩු බාහිරාදිය නැවැත නැවැත පාවිච්චියේදී ගබඩා කරන ස්ථානයේ පිළිවෙළ පිරිසුදුකම පහසුවක් ගෙන දෙන්නේ ඔබටමයි.

භාණ්ඩ ඇසිරීමේදී : 

ඔබ ගබඩා කාමරය තුළ භාණ්ඩ ඇසිරීමේදී රාජකාරි අවශ්‍යතාවන්ට අනුව එය පෙළ ගැස්විය යුතුය. උදාහරණයක් වශයෙන් කියන්නේ නම් වත්ත පිටියේ කටයුතු සඳහා අවශ්‍ය දෑ එක් පැත්තකටත්, ගෙදර‍ෙදාර අවශ්‍යතා සඳහා ගන්නා දේ තවත් පැත්තකටත් ඇසිරිය යුතුයි. එසේම ඔබ සැලකිලිමත් නොවන තවත් දෙයක් තිබෙනවා. ඒ තමයි විවිධ කෘමිනාශක ද්‍රව්‍ය ඔබගේ බඩු බාහිරාදිය සමඟ එකට තැබීම. එය කිසිම විටෙකත් නොකළ යුත්තක්. ඇතැම් විටෙක ඔබ එසේ කළහොත් බොහෝ වෙලාවට දමා තිබෙන ඔබේ ගබඩා කාමරය තුළ ඒවා ක්‍රියාකාරී වී හෝ විසිරී පැතිරී ඔබගේ ජීවිතයට පවා හානි ගෙනදිය හැකියි.

කොසු ඉදල් ගබඩා කිරීමේදී : 

මෙහිදී කොසු, ඉදල්වල මිට පහතට සිටින ආකාරයටයි ඒවා ගබඩා කළ යුත්තේ. එහිදී ඒවායේ කෙඳි, කූරු විනාශ වීම වළක්වාගත හැකියි. එසේම ගබඩා කාමරය තුළ විවිධ කෘමීන් බෝවීමටත් මෙය හේතුවක් බව නොසිතන්නට පුළුවන්. කුණු, දූවිලි රැඳුණු කොසු කෙඳි ඔවුන්ට රාජධානියක් බව ඔබ අමතක කළ යුතුයි. එය බිමට සිටින ලෙස තැබුවොත් ඔවුන්ට ඔබගේ ගබඩා කාමරයේ පදිංචි වීමට උදව් සැපයීමකුයි සිදු වන්නේ.

පුංචි පුංචි උපකරණ ගබඩා කිරීමේදී : 

මෙහිදී ඒවා බිම මුළුවල තබනවාට වඩා බිත්තියේ හෝ ගබඩා කාමරය තුළ සකස් කළ ලෑලි පටියක සවිකළ ඇණවල එල්ලීමයි වඩා සුදුසු. එවිට ඒවා ඉක්මනින් මලබැඳීම වළක්වාගත හැකියි.

චාමිකා මුණසිංහ
උපුටා ගැනීම මව්බිම

Share This Article

කොම්පෝස්ට් සෑදීම කුඩා ගෙවත්තකට සුදුසුම ක්‍රමයයි

ඔබ සෑම උදෑසනකම මිදුල අතුගාලා කුණු ඉවත දානවා ඇති. ඔබ නොදන්නවා වුණාට ඒ ඉවත දාන්නෙ ඔබේම ගෙවත්තට අවශ්‍ය වන පොහොර ය....

ගාඩ්නියා මල් වවමු.

ගාඩ්නියා ශාකය මිහිරි සුගන්ධයකින් යුත් සුදු පැහැ පොකුරු වශයෙන් පිහිටන මල් විශේෂයකි. කලක් ගෙවතු වගා මල් අතරින් ඉවත් වී තිබුනද වර්තමානය...

දවස් විස්සෙන් අස්වැන්න නෙළාගත හැකි මුගුණුවැන්න පාත්තියක්

ස්ථානය අනුව වගා බිම : ඔබට වගා කිරීමට ඇතැම් විට ඉඩකඩ ඇති ගෙවත්තක් නොතිබීමට පුළුවන. නමුත් මෙවැනි වගාවකට ඔබට එය බාධාවක් නොවනු...

වැඩි මිලකට අලෙවි වන කළු පාට ඇන්තූරියම්

වැඩි පැළ ප්‍රමාණයත් ලබාගත හැකි ක්‍රම දෙකක් ගැන ඔබ දැන් දැනුවත්. පැළ බෝකර ගැනීමේ ක්‍රමවලට විරාමයක් තබා අද අපි කතා කරන්න...

උද්‍යාන නිර්මාණයේ දී සැලකිලිමත් විය යුතු පෞද්ගලික අවශ්‍යතා.

සොඳුරු ගෙමිදුලක් ඔබ වෙත තිළිණ කරන මේ ගෙඋයන් කලාව සහ පෞද්ගලික අවශ්‍යතා එකිනෙක බැඳී ඇතිබව ඇතැම්විට ඔබ නොදන්නවා විය හැකියි. එහෙත්...

බිම්පණුවාගෙන් දියර පොහොර හදා ගනිමු

රසායනික පොහොර භාවිතය ක්‍රමයෙන් අතහරිමින් කාබනික පෝෂක ප්‍රභවයන් භාවිතයට සමස්ත ලෝකයම මේවන විට නැඹුරු වෙමින් සිටින්නේ මේ අහිතකර බලපෑම් යම් තරමකට...