කොම්පෝස්ට් සෑදීම කුඩා ගෙවත්තකට සුදුසුම ක්‍රමයයි

compost

ඔබ සෑම උදෑසනකම මිදුල අතුගාලා කුණු ඉවත දානවා ඇති. ඔබ නොදන්නවා වුණාට ඒ ඉවත දාන්නෙ ඔබේම ගෙවත්තට අවශ්‍ය වන පොහොර ය. මින් පසු කුණු රොඩු ගෙවත්තෙන් ඉවත් කරන්න එපා. ඔබට කොම්පෝස්ට් නිෂ්පාදනයට මේ ඉවත දමන කුණු රොඩු උපකාරී වනු ඇත. පොහොර නිපදවීම පිළිබඳ අවබෝධයක් ඔබට තිබුණත් නැතත් කුණු හොඳ පෝෂණ කොටසක් වන බව දැනටමත් දන්නවා ඇති.

කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රම මේවායි.

  1. ගොඩ ක්‍රමය
  2. වල ක්‍රමය
  3. බැරල් ක්‍රමය
  4. කෝටු රාමු ක්‍රමය

ගොඩ ක්‍රමය :

වාණිජ අරමුණින් කොම්පෝස්ට් නිපදවාලීමට බලාපොරොත්තුවේ නම් වඩාත් සුදුසු වන්නේ ගොඩ ක‍්‍රමය යයි. අඩු ශ්‍රමයක් වැය වන ගොඩ ක්‍රමය ය, අනෙකුත් ක්‍රම සමග සැසදීමේ දී වඩාත් වාසි දායි ක‍්‍රමය වේ. ඉක්මනින් දිරාපත් වන ක්‍රමය එයයි. නිෂ්පාදනය කරනු ලබන කොම්පෝස්ට් වලට පස් හෝ වැලි මිශ්‍රවීම අවම වීම, දිරාපත්වීම සාර්ථක මෙන් ම ඒකාකාරීවීම, මැස්සන් ඇතිවීම හෝ දුගඳ හැමීම යන ගැටලුව ඇති නොවීම යන වාසි නිසා ගොඩ ක්‍රමය ජනප්‍රිය වේ. ගොඩ ක්‍රමයේදී ගොඩේ පළල වැඩිකර ගත යුතු නැත. එමෙන් ම උස වැඩි කර ගැනීමෙන් ද ගොඩේ විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමේ අපහසුතා ඇතිවේ. එහෙත් අමුද්‍රව්‍ය වැඩියෙන් ඇත්නම් ගොඩේ දිග වැඩි කර ගැනීමට හැකි ය.

වල ක්‍රමය :

වැඩි ශ්‍රමයක් වැයවෙන වල ක්‍රමය කුඩා පරිමාණයෙ නිෂ්පාදන සඳහා සුදුසු ය. වර්ෂා කාලයේදී ගැටලු ඇති කරන අතර පෙරළීමට අපහසු ය. මේ ක්‍රමයේදී ගැටලු මතු වුවත් බොහෝ ගෙවතුවල ව්‍යාප්තව පවතී. වලක් සැකසීමට අධික ශ්‍රමයක් වැය වීමත්, හොඳින් වාතාශ්‍රය නොලැබීමත්, දිරාපත් වීමට වැඩි කාලයක් ගතවීමත් වර්ෂා කාලයේදී වලේ අධික ලෙස ජලය රදා පැවැතීමත් ගැටලු සහගත වේ. ප්‍රශස්ථව තෙතමනයක් පවත්වාගෙන යාමට මේ ක්‍රමයේදී අපහසු ය. එමෙන් ම වැඩි කොම්පෝස්ට් ප්‍රමාණයක් නිපදවීමට නොහැකි ය. ඇතැම් අවස්ථාවල හොඳින් දිරාපත් නොවීම ද ගැටලුවක් වේ. දුගඳක් හැමීමත්, මැස්සන් බෝවීමත් මින් ඇතිවෙන තවත් අවාසි සහගත තත්ත්වයකි.

කෝටු රාමු ක්‍රමය : 

කුඩාවට සැලසුම් කළත් සාර්ථක ක්‍රමයක් ලෙස කෝටු රාමු ක්‍රමය හැඳින්විය හැකි ය. දිනපතා අපද්‍රව්‍ය එකතු වන කුඩා ගෙවතු වල කෝටු රාමු ක්‍රමය කදිමට ගැලපේ. හොඳින් වාතාශ්‍රය ලැබීමත්, දුගඳක් ඇති නොවීමත්, මැස්සන් බෝ නොවීමත් මෙහි වාසියකි. කෙතරම් වාසි සහගත තත්ත්වයන් තිබුණ ද කෝටු රාමු ක්‍රමයෙන් වැඩි කොම්පෝස්ට් පොහොර ප්‍රමාණයක් නිෂ්පාදනය කර ගැනීමට නොහැකි ය. මෙයට අමතර කෝටු රාමු ක‍්‍රමයේ දැකිය හැකි අඩු පාඩු කීපයකි.

  • එනම් ක්‍රමානුකූලව තට්ටු තැන්පත් නොකිරීම නිසා දිරාපත්වීම හොඳින් සිදු නොවේ.
  • වාතයට හා වර්ෂාවට නිරාවරණය වීම නිසා කොම්පෝස්ට් පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණය අපතේ යයි.
  • කාලය ගතවීමෙන් කෝටු දිරාපත්වී නිෂ්පාදනය කළ පොහොර පිටතට ගැනීමට අපහසුවේ.
  • එමෙන් ම කෝටු රාමු ක්‍රමයට සාදා ගැනීම ඉතාමත් අපහසු ය.

බැරල් ක්‍රමය :

කුඩා පරිමාණයේ පුංචි මිදුලක් තිඛෙන කෙනෙකුට නම් බැරල් ක්‍රමය ඉතාම යෝග්‍ය ය. විශේෂයෙන් නාගරික පරිසරයක සීමිත අමුද්‍රව්‍ය ප්‍රමාණයක් හා ඉඩකඩ ප්‍රමාණයක් යෝග්‍ය වේ. කොම්පෝස්ට් නිපදවීමට යෝග්‍ය ක්‍රමයක් ලෙස මෙය හඳුන්වනු නොලබයි. බැරලයට වාතාශ්‍රය ලැබීමට බැරලයේ බදේ සිදුරු ඇති කරනු ලබයි. මේ මගින් දිරාපත්වීම ඉක්මනින් කළ හැකි ය. ගේ දොර නිතර එකතු වන අපද්‍රව්‍ය දිනපතා මෙවැනි ආකාරයකට බැරලයකට දැමීමෙන් කසල කළමනාකරණය විධිමත් වේ. තෙතමනය ආරක්ෂා කර ගැනීමට මේ ක්‍රමය වඩාත් සුදුසු ය. එහෙත් සීමිත අමුද්‍රව්‍ය ඇති ගෙවත්තකට නම් මේ ක්‍රමය කිරීමේ වරදක් නැත. බැරලය සඳහා වියදමක් දැරිය යුතු නමුත් ඔබේ ගෙවත්තට අවශ්‍ය පොහොර ප්‍රමාණය ඔබට නිපදවාගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයකි.

කොම්පෝස් නිෂ්පාදනය වේගවත් කිරීමට නම් මුලින් නිපදවා ගත් කොම්පෝස්ට් ස්වල්පයක් මිශ්‍ර කිරීම ඉතාමත් වැදගත් ය. කොළ වර්ග, බෝග අවශේෂ, ජලජ ශාක, සත්ව අපද්‍රව්‍ය වල් පැළෑටි, කුණු රොඩු ආදිය කොම්පෝස්ට් වල අමුද්‍රව්‍ය ලෙස යොදා ගනියි. කොම්පෝස්ට් සඳහා යොදා ගත්තද ඉක්මනින් දිරාපත්වන අමුද්‍රව්‍ය මෙන් දිරාපත් නොවන අමුද්‍රව්‍ය ද තිබේ. කොළ පැහැති ළපටි කොළ සත්ව අපද්‍රව්‍ය, ජලජ ශාක ඉක්මනින් දිරාපත් වන අතර දහයියා, වියළි වල් පැළෑටි, වියළි කොළ ලී කුඩු, පිදුරු වෙනත් වියළි ගිය අවශේෂ බෝග දිරාපත් වීම අපහසු වේ. කෙසේ වුවත් කොම්පෝස්ට් නිෂ්පාදන කි්‍රයාවලියට බලපාන සාධක කොම්පෝස්ට් දිරාපත් වීමට ඉතාමත් වැදගත්වේ. උෂ්ණත්වය තෙතමනය වාතය ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරිත්වය, අමුද්‍රව්‍ය කැබැලි වල ප්‍රමාණය, අමුද්‍රව්‍ය වල කාබන් හා නයිට්‍රජන් අනුපාතය කොම්පෝස්ට් ජීරණය වීමට වඩාත් වැදගත් බව ඔබ මතක තබාගත යුතු ය. කොම්පෝස්ට් ගොඩක් ගොඩ ගසා තිබීම යෝග්‍ය නොවේ. ගොඩ ඇතුළට වාතය සැපයීමට නම් නිරන්තර පෙරළීමක් කළ යුතු ය. දිරාපත් නොවූ අමුද්‍රව්‍ය ක්ෂුද්‍ර ජීවීන්ට නිරාවරණය වන්නේ මෙවිට ය. පෙරළීම මගින් කලවම් වීම වැඩිවේ. පෙරළීමේ උපරිම වාර ගණන 3 කි. වැඩි තෙතමනය වියළීමටත් මෙමගින් අවස්ථාව උදාවේ. කොම්පෝස්ට් නිෂ්පාදනයකදී ඔබ මතක තබා ගත යුතු වැදගත්ම කරුණ නම් හොඳ වාතාශ්‍රයක්, හිරු එළියක්, කොම්පෝස්ට් නිෂ්පාදනයට වැදගත් බව ය.

Share This Article

කොම්පෝස්ට් සෑදීම කුඩා ගෙවත්තකට සුදුසුම ක්‍රමයයි

ඔබ සෑම උදෑසනකම මිදුල අතුගාලා කුණු ඉවත දානවා ඇති. ඔබ නොදන්නවා වුණාට ඒ ඉවත දාන්නෙ ඔබේම ගෙවත්තට අවශ්‍ය වන පොහොර ය....

වැඩි මිලකට අලෙවි වන කළු පාට ඇන්තූරියම්

වැඩි පැළ ප්‍රමාණයත් ලබාගත හැකි ක්‍රම දෙකක් ගැන ඔබ දැන් දැනුවත්. පැළ බෝකර ගැනීමේ ක්‍රමවලට විරාමයක් තබා අද අපි කතා කරන්න...

සාර්ථකව රෝස වවන්නේ කොහොමද?

රෝස වගා කරන්නට උනන්දු වන ඔබ මූලික වශයෙන් කරුණු රාශියක් දැනගත යුතුය. එසේ නොදැන වගා කිරීමෙන් සිදුවන්නේ වගාව අසාර්ථක වීමය. රෝස...

වැව්වොත් සපල වේ කැපුවොත් අපල වේ

ඉන්දියාවේ පැට්නා ප්‍රදේශවාසීහු මිනිසා හා ගස වෙන් කළ නොහැකි ආත්මයක් ලෙස සලකති. ගසට ද ප්‍රාණයක් ඇත. පොරවක් රැගෙන ගස කපන්නට යන...

මල් ලස්සනයි හොඳ හොඳ පාටයි  විෂ සහිතයි ජීවිතයට අනතුරයි

ලස්සන මල් නම් දැකුමත් ප්‍රියයි. ඒත් අද කාලයේ මල් පවා තෝරා ගත යුත්තේ පරෙස්සමිනුයි. එපමණක් නොවේ නොයෙක් විසිතුරු පැළ පවා එහෙමයි....

ගාඩ්නියා මල් වවමු.

ගාඩ්නියා ශාකය මිහිරි සුගන්ධයකින් යුත් සුදු පැහැ පොකුරු වශයෙන් පිහිටන මල් විශේෂයකි. කලක් ගෙවතු වගා මල් අතරින් ඉවත් වී තිබුනද වර්තමානය...