සරාගී lipstick


ඉස්සර ගෑනු ළමයින්ගේ තොල් නා දළුවලට සමාන කරල කවි ගී ලියවුණත් දැන් කාලෙ එහෙම නා දළු පැහැති දෙතොල් දැකගන්න පුළුවන් බොහෝදුරට ලිප්ස්ටික්ස් වල පිහිටෙන් තමයි. ඉතින් ඇත්තටම ලිප්ස්ටික් තියන්නෙත් තමන්ට ඕන ඕන පාටකින් තොල් පාට කරගන්න. ඒත් පාට පාට ලිප්ස්ටික් තිබුණ පලියට මේ හැම පාටක්ම ඔයාට ගැළපෙන්නෙ නෑ. හැබැයි ඔයාට ගැළපෙනම පාට අනිවාර්යයෙන් තියෙනවා. ඒ පාට හොයාගන්න මේ ලිපිය කියවල බලලා තමන්ගෙ තොල් ආලේපනය තෝරගන්න වැදගත් වෙන කරුණු ගැන සැලකිලිමත් වන්න.

■ සමේ වර්ණයට ගළපගන්න 

ලිප්ස්ටික් තෝරාගැනීමේදී සලකා බැලිය යුතු පළමු හා ප්‍රධානතම දෙය තමයි වර්ණය. ඔබේ සමේ වර්ණය කුමක් වුවත් ඔබට, ඔබේ විලාසිතාවට සහ ඔබේ පෞරුෂයට ගැළපෙන පරිදි නිර්මාණය කර ඇති ප්‍රශංසනීය ලිප්ස්ටික් වර්ණයක් සෑමවිටම තිබෙන්නට පුළුවන්.

■ තැනට ගැළපන්න 

ඒ වගේම ඔබ තොල් ආලේපන ගල්වා යන ස්ථානය අනුවත් පැහැයන් වෙනස් විය යුතුමයි. උත්සව අවස්ථාවකට තරමක් තද පැහැයෙන් යුතු තොල් ආලේපනයක් ගැල්විය හැකි වුවත් සාමාන්‍ය ගමනකට, කාර්යාලයට පැහැයෙන් තරමක් අඩු තොල් ආලේපනයක් තෝරාගත යුතුයි. නමුත් අපි Nude Lipstick ලෙස හඳුන්වන තොල් ආලේපන ඕනෑම ස්ථානයක ආලේප කර යා යැකියි.

■ ප්‍රධාන ලිප්ස්ටික් වර්ග 

ප්‍රධාන ලිප්ස්ටික් වර්ග හතරක් තියෙනව. ඔබ කැමති විලාසිතාවක්, පෙනුම හෝ හැඟීම් අනුව මේ ක්‍රීම්, ග්ලෙන්සි, සැටින් හා මැට් වැනි හොඳම ලිප්ස්ටික් එකක් තෝරාගත හැකියි. බොහෝ ලිප්ස්ටික් බ්‍රෑන්ඩ්ස් UV ආරක්ෂණය, සජලනය වැනි බලපෑම් වලින් ආරක්ෂාව ලබාදෙනව. මෙම ලිප්ස්ටික් ප්‍රභේද අතරින් තෙත්, දිලිසෙන හෝ වියළි පෙනුමක් ලබාගත හැකි අතර ඔබේ පෙනුම අනුව වර්ගය තෝරාගත හැක.

■ තියෙන දේවල් ගැන සැලකිලිමත් වෙන්න

ඒ වගේම කොකෝවා බටර්, ෂී බටර්, පොල්තෙල්, සුගන්ධ තෙල් සහ ප්‍රතිඔක්සිකාරක වැනි වඩාත් ස්වාභාවික ද්‍රව්‍ය අඩංගු ලිප්ස්ටික් තෝරා ගැනීමටත් මතක තබා ගන්න. මෙම අමුද්‍රව්‍ය ඔබට ආකර්ෂණීය හෝ සමබර පෙනුමක් ලබා දෙනවාට අමතරව ඔබේ තොල් මොයිස්චරයිසින් කිරීමට උපකාරී වෙනව.

■ ආලේප කළ යුතු ආකාරය 

ලිප්ස්ටික් එකක් තෝරාගැනීමේදී ඔබ දිනපතා ලිප්ස්ටික් ආලේප කිරීමට කැමති ආකාරය ගැන සිහිකරගත යුතුයි. ලිප් ග්ලොස් සහ ඇතැම් ලිප්ස්ටික් පවා බුරුසුවක් භාවිතයෙන් ආලේප කළ යුතු අතර බොහෝ ඒවා සාමාන්‍ය විදිහට ආලේප කළ හැකියි.

■ බජට් එක ගැන 

හොඳම තොල් ආලේපන තෝරාගැනීමේදී ඔබේ ජීවන රටාව ගැනත් සැලකිලිමත් වීම ඉතා වැදගත්. ඒ නිසා තොල් ආලේපනයක් මිලදී ගැනීමේදී මිල පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. ඔබ සාමාන්‍ය වැටුපක් ලබන කෙනෙක්නම් බොහෝ කාලයකට භාවිත කළ හැකි හොඳ ගුණාත්මක ලිප්ස්ටික් එකක් වුණත් ඒ වෙනුවෙන් බොහෝ මුදල් නාස්තිය අනවශ්‍යයි.

■ සමේ වර්ණය සහ ලිප්ස්ටික්, Shades 

ඔබට පැහැපත් සමක් තිබේ නම් රෝස, රතු හෝ Nude colors තෝරා ගත හැකියි. මධ්‍යම සමක් තිබේ නම් බෙරී, චෙරි හෝ මෝව් Shades තෝරා ගත හැකියි. දුඹුරු හෝ ගැඹුරු සමේ පැහැයක් තිබේ නම් ඔබ දුඹුරු වර්ණ හැර තද රෝස, රතු සහ වෙනත් වර්ණ සමඟ යා යුතුයි. මීට අමතරව ඔබේ සම රතු, රෝස පැහැයක් ගනීනම් හොඳම ලිප්ස්ටික් Shade colors තමයි චෙරි රතු, වයින් රතු, තද නිල්-රතු, රෝස හෝ Nude Pink. සම රන්වන්, කහ හෝ ඔලිව් පැහැයක් ගනී නම් තද තැඹිලි, ගිනි රතු, ගඩොල් රතු, Hot Rose පැහැයන් ගැළපේ.

උපුටා ගැනීම නවලිය

Share This Article

ඇඟේ shape එකට හරියටම හරියන Sportswear

ක‍්‍රීඩාව සහ ව්‍යායාම නිරෝගීමත් ක‍්‍රියාශීලී ජීවිතයකට අත්‍යවශ්‍ය කොටසක්. ඒ නිසා ලස්සනට ඉන්නත්, සිරුරේ හැඩය නිවැරදිව පවත්වා ගන්නත් වගේම ක‍්‍රීඩාවේ යෙදෙනවිට තමන්ට...

SMART පෙනුමට OFFICE යන්න

ඇඳුමට ගැළපෙන්න පාවහන් තෝරා ගැනීම වැදගත් වුවත් එය රැකියාවේ ස්වභාවය මත වෙනස්වෙන්නත් පුළුවන්. අයෙක් රැකියාවේදී දිගු වෙලාවක් අසුන්ගෙන සිටියත් තවත් කෙනෙක්...

ලී සෙරෙප්පුවෙන් අතීතයට යමු

විවිධ රටවල සිය සම්ප්‍රදායයන්ට අයත් ඇඳුම් තිබෙන්නා සේ පැළඳුම් ද තිබේ. ඒවා බොහොමයක් ඒ ඒ රටවලට ආවේණිකය. මේ කතා කරන්නට යන්නේ...

ආවට ගියාට නොදන්න තැන්වලින් ටැටූ ගහන්න යන්න එපා

එක එක්කෙනාට ලස්සන ගැන තියෙන්නේ විවිධාකාරයේ අදහස්. කෙනෙකුට ලස්සන දෙයක් තවත් කෙනෙකුට ලස්සන නැති වෙන්න පුළුවන්. කොහොම වුණත් තමන්ට ලස්සනයි කියල...

ඇඳුම් පැලඳුම් නිසා සිදුවෙන අසාත්මිකතා

හිරට ඇඳීමේ විපාක : සාමාන්‍යයෙන් ඕනෙම කෙනකුට විවිධ කෑම වර්ග ඇලර්ජි වෙන්න පුළුවන්. ඒ වගේ ඕනෑම කෙනකුට විවිධ ඇඳුම් වර්ගත් ඇලර්ජි වෙන්න...

හිසකෙස් පාට කළාම හැමෝම ලස්සනයිද?

වයසට, පෙනුමට ගැළපෙන්න හිසකෙස් පාට කරන හැටි තරුණ තරුණියන්ගේ හිසකෙස් විලාසිතා අතර හිසකෙස් වර්ණ ගැන්වීම මූලික තැනක් ගන්නවා. එහෙත් හිසකෙස් වර්ණ...