පෙනුම වැඩි කරන විලාසිතා රහස්

පෙනුම වැඩි කරන විලාසිතා රහස්

සුන්දර, සැහැල්ලු නව යොවුන් වියේ පසුවන ඔබ විලාසිතාවලට දක්වනුයේ දැඩි රුචිකත්වයකි. සමාජයේ වැඩි පිරිසක් මෙම කාණ්ඩයට අයත්ය. එහෙයින් මොවුන් සඳහා නිමවෙන විලාසිතාවන් බොහෝය. අන් අය අතරින් කැපී පෙනීමට වර්ණවත්ව දිස්වීමට විලාසිතා ගෙන එන්නේද වැඩි ඔපයකි. 

  • වර්ණවත් විලාසිතාවන්ට යොමුවීම
  • නව විලාසිතාවන් (Design) බැලීම 
  • කෙටි සාය විලාසිතා. මෙවන් විලාසිතා සැහැල්ලු, කෙළිලොල් බව නිරූපණය කරයි. 
  • බටහිර රටවලින් පැමිණෙන වර්ණවත් විලාසිතා මොවුන් අතර ව්‍යාප්ත වේ. නමුත් ලංකාවේ පාසල් වියේ පසුවන යුවතියන් විලාසිතාවන් සීමාසහිතව යොදා ගනියි. 

මැදිවිය පසුකරමින් සිටින අය අතරද විලාසිතාවන් ප්‍රචලිතය. නමුත් තරමක් ශරීරයට පහසු ඇඳුම් තෝරාගැනීමට මොවුන් යොමුවේ. වයස්ගත වීමත් සමඟම පෙනුමට වඩා ශරීරයට සුව පහසු ඇඳුම් ආයිත්තම් කෙරෙහි මොවුහු වැඩි වශයෙන් යොමු වෙති. 

  • ලුන්ගි විලාසිතා 
  • රැපරවුන්ඩ් විලාසිතා 

මොවුන් අතර තරමක් ප්‍රචලිතය. රූපවාහිනිය මගින් දිස්වන දේ මෙන්ම තම පවුල් පසුබිම හා තම ප්‍රතිරූපයද විලාසිතාවන්ට ප්‍රබලවම බලපායි. 

තරුණ වියට :  

  • තම සිරුරේ උස, මහත ගැන සැලකිලිමත් වන්න. 
  • මිටි අය සඳහා කෙටි සාය විලාසිතා උචිතයි. එමගින් පාද නිරාවරණය වූ නිසා යම් උස ස්වභාවයක් දිස්වේ. ශරීරයේ හැඩය මනාව දිස්වීමටද එය ඉවහල් වේ. 
  • වර්ණ ගැළපීමේදී කළු වර්ණය මෙන්ම විවිධ වර්ණ ඇඳුම් ආයිත්තම්වලට යොමුවේ. එමගින් අන් අය අතරින් කැපී පෙනීමට උත්සාහ කරයි. 
  • නොගැළපෙන වර්ණ විලාසිතා තුළින් අන් අයගේ අවධානය දිනා ගැනීමටද සමත් වේ. 

ආභරණ : 

මේ වන විට විවිධ වර්ණ, හැඩතල රැගත් ආයිත්තම් රැසක් යුවතියන් අතර දක්නට ලැබේ. 

  • විශාල මාල පෙති  (Pendent)
  • දිගු ප්‍රමාණයේ වර්ණවත් මාල සාරියට පමණක් නොව සාමාන්‍ය විලාසිතාවන්ටද පැලඳීම. 
  • විවිධ හැඩැති වර්ණවත් ගල් ඇල්ලූ විසිතුරු ආභරණ මේ සමය තුළ වැඩි වශයෙන් දැකිය හැකිය. 
  • විවිධ ප්‍රමාණයේ වළලු වැඩිපුර පැලැඳීම. මෙය සැහැල්ලු දගකාර බවක්ද ඔබට එක් කරයි. 
  • ඩෙනිම් විලාසිතාවට විවිධ වූ බොත්තම් වැනි buttons එක් කිරීම 

පාවහන් විලාසිතා : 

ඔබේ ඇඳුමේ වර්ණයට ගැළපෙන පරිදි පාවහන් තෝරාගත යුතුය. මේ වන විට සරල, සැහැල්ලු විලාසිතා පාවහන් අතරත් දැකිය හැකි වේ. 

  • ෆ්ලැට් ස්ලිපර්ස් (Flat Slippers) කාන්තාවන් අතර වඩා ප්‍රචලිතය. 
  • අඩි උස පාවහන් 
  • බූට්ස් (Boots)

වෙන්ව විවිධ වර්ණයන්ගෙන් හැඩවුණු පාවහන් විලාසිතාවන්ද තාරුණ්‍ය වර්ණවත් කිරීමට සමත් වේ. මේ වන විට සරල, සැහැල්ලු වර්ණවත් විලාසිතා බොහෝදෙනා අතර ප්‍රචලිතය. ශරීරයට පහසු මෙන්ම සිත්ඇදගන්නාසුලු පෙනුමක් මෙයට හේතු වේ. එවැනි සැහැල්ලු විලාසිතාවට කොණ්ඩය නිදහස්ව තැබීම තුළින් සුන්දරත්වයක් ගෙන එයි. ඔබේ සිරුරේ විවිධ අවලක්‍ෂණ අංගයන් සගවමින් සුන්දරත්වය ඉස්මතු කිරීමටද විලාසිතාවන් මනා පිටිවහලකි. මේ එවන් අවස්ථා කිහිපයකි. 

  • දෑස්වල දුර්වලතා (වපරය වැනි තත්ත්ව) මගහරවා ගැනීමට නවීන පන්නයේ උපැස් යුවළ පැලඳීම. 
  • ඇගිලි ඇද ස්වභාවයක් පවතී නම් මුදු පැලඳීම. එවිට අන් අයගේ අවධානයට යොමුවන්නේ මුදුවයි. 
  • HIGH WAIST සාය විලාසිතා තරමක සිහින් සිරුරකට උචිතයි. 

එම විලාසිතා ඔබේ ශරීරයට පිරිපුන් බවක් ගෙන දෙයි. මෙවන් විලාසිතා රහස් ඔබේ පෙනුමට වැඩි ඔපයක් එක් කරමින් ඔබව සුන්දර කිරීමට සමත් වේ.

උපුටා ගැනීම මව්බිම

Share This Article

සරාගී lipstick

ඉස්සර ගෑනු ළමයින්ගේ තොල් නා දළුවලට සමාන කරල කවි ගී ලියවුණත් දැන් කාලෙ එහෙම නා දළු පැහැති දෙතොල් දැකගන්න පුළුවන් බොහෝදුරට...

මහත කෙල්ලන්ට, කෙට්ටුවට පේන්න අදින්න ඕනෙනම් මෙන්න උපදෙස්

1. ඩෙනිමක් අඳිනවා නම් ජැකට් එකක් අඳින්නදැන් ඉතින් කෙල්ලෝ අඳින තරමක් අඳින්නේ ඩෙනිම්. ගිනි ගහන රස්නෙ කාලෙක වගේ නැතුව සාමාන්‍ය දවසක...

අව් කණ්ණාඩි පැලඳීමේදී මේ ගැනත් සිතන්න

අව් කණ්ණාඩි පලඳින්න අපි කවුරුත් කැමැතියි. අද වන විට අපේ බොහෝ තරුණ තරුණියන් මෝස්තරයට, පැෂන් එකට අව් කණ්ණාඩි පලඳින්නත් හුරුවෙලා තිබෙනවා....

අඳින ඇඳුමට ගැලපෙන ආභරණ තෝරාගන්න හැටි

ආභරණ කියන්නෙ ඉතින් ගැහැණු අයට ගැලපෙන මාතෘකාවක් නේ. මේ කතා බහ ඔන්න ගැහැණු කතාවක්. අපි කතා කරන්නෙ ඇඳුමට ගැලපෙන්න අනෙක් ආභරණ...

සාරි නම් ඕනැ තරම්

මොන තරම් විලාසිතා ආවත් සාරිය තමයි අපේ කාන්තාවන්ගේ අංක එකේ ඇඳුම... රැකියාවක් කරන කාන්තාවක් නම් හැම මාසයේ පඩියකටම සාරියක් මිලදී අරගෙන...

SMART පෙනුමට OFFICE යන්න

ඇඳුමට ගැළපෙන්න පාවහන් තෝරා ගැනීම වැදගත් වුවත් එය රැකියාවේ ස්වභාවය මත වෙනස්වෙන්නත් පුළුවන්. අයෙක් රැකියාවේදී දිගු වෙලාවක් අසුන්ගෙන සිටියත් තවත් කෙනෙක්...