පැසුණු හිස කෙස් කළු කරන ගෙදරදී සාදා ගතහැකි මානෙල් මල් සත්කාරයක් මෙන්න
නිල් මානෙල් මල අපේ රටේ ජාතික පුෂ්පයයි. එය විවිධ දේ සඳහා භාවිත කෙරේ. විශේෂයෙන්ම දේශීය වෙදකමේ දී මානෙල් මල් ඖෂධ සඳහා යොදා ගනී. නමුත් මානෙල් මල් වලින් පැසුණු හිස කෙස් කළු කල හැකි බව ඔබ දැන සිටියේ නැහැ නේද ? මේ කියන්නට යන්නේ ඒ ගැනයි. මෙය නිවසේදීම සකස් කර ගත හැකි එකකි.
අවශ්‍ය ද්‍රව්‍ය :
- අවශ්‍ය ප්‍රමාණයට මානෙල් මල්
- අලුත් මැටි මුට්ටි දෙකක්.
- නැවුම් එළ කිරි.
සාදා ගන්නා ආකාරය :
මුලින්ම අවශ්‍ය මානෙල් මල් ප්‍රමාණය දඬු ඉවත් කර මල් පමණක් ගන්න. අලුත් මැටි මුට්ටි දෙකක් ගන්න. එක් මුට්ටියකට මානෙල් මල් පෙති කඩා එක් කරන්න. දැන් ඒ මුට්ටියේ මානෙල් මල් වැසෙන සේ නැවුම් එළ කිරි එකතු කරන්න. දැන් මේ මුට්ටියේ කටට අනිත් මුට්ටියේ කට පැත්ත තබා වසා ඒ අතර මැටි ආලේප කර සීල් කර ගන්න. ඉන්පසුව ඒ මැටි ආලේපය නොගැලවෙන සේ සීරුවට ගෙන වත්තේ තැනක වලක් කපා එහි තැන්පත් කර පස් වලින් වසා තබන්න. පයට නිතර නොපෑගෙන තැනක් ඒ සඳහා තෝරා ගන්න. මාසයක් පමණ මෙසේ තබා එම මුට්ටි ගොඩට ගෙන ඇතුලත ඇති මිශ්‍රණය හිසකෙස් මත ආලේප කරන්න. ඉන්පසු මිනිත්තු 30 කට පසුව හිස සෝදා හරින්න. පීනස් රෝගීන්ට මෙය එතරම් සුදුසු නැත.
දහදිය දැමීම ස්වභාවිකය. එහෙත් අසාමාන්‍ය ලෙස දහදිය දැමීම හා එම දහදියෙන් දුර්ගන්ධයක් හමයි නම් ඔබ සැබැවින්ම මානසිකව ඇද වැටෙනු ඇත. මෙවැන්නක්...
මනාලිය වන ඔබ සූදානම් කරගත යුතු දේවල් මෙන්ම සිතිය යුතු සැලකිලිමත් විය යුතු දේවල් ද බොහොමයක් තිබෙනවා. අප දැන් කතා කරන්නට...
ඩබල් චින් තියෙන්නේ කාටද? මට.......හොඳම විසඳුමක්... ලස්සනට ඉන්න ඒ වාගේම නිරෝගීව ඉන්න අප කවුරුත් වගේ කැමැතියි. ඒත් ඇතැම්විට අපේ රුව ලස්සනට බාධා...
සොඳුරු රුවකින් අගතැන්පත් යුවතියකගේ වරලස ඇගේ සුන්දරත්වය වඩාත් ඉස්මතු කරන්නකි. එනිසාම ඔබ හිසකෙස් පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන බවත් නොරහසකි. මේ කෙසේ...
මම ඉස්සර හිටියට වඩා කළුවෙලා. මට ටික දවසකට කලින් එහෙම හිතුණා. ඒත මම ඒක එච්චර ගණන් ගත්තේ නෑ. කාලෙකින් මට හම්බවූණූ...
කෙස් ගස් ගැලවෙන්නේ ඇයි? කෙස් ගසක වැටීම කෙස් ගසක ජීවන චක්‍රයේම කොටසක්. දවසකට සාමාන්‍යයෙන් කෙස් ගස් සීයක් වගේ වැටෙනවා. කෙස් ගස වැටුණත්...