ඇඳුමක් ඇන්දත් ලස්සන නෑ කොයිතරම් කෑවත් මහත් වෙන්නේ නෑ...
ශරීරයේ ඇති අධික කෘශබව රූප සොබාව හීන කරන සාධකයකි. එවන් කෘශ ශරීර හිමි තරුණියන් ශරීරය කෘශබවින් මුදවා ගැනීමට විවිධ ප්‍රතිකාර ක්‍රම වෙත යොමුවීම දක්නට ලැබේ. එහෙත් මොනවා කළත් කිසිදු පලක් නැතැයි පවසන තරුණියෝ ද අප අතර සටිති. මෙසේ කෙනෙකුගේ පෞරුෂයට බලපාන මනා සිත් ඇදගන්නා සුලු සිරුරක් හිමිකර ගන්නට නම් ඔබත් පහත සඳහන් ආයුර්වේද ප්‍රතිකර්ම වෙත යොමුවන්න.
අධික කෘශ බවට බලපාන හේතු :- මනා පෝෂණයක් නොමැතිවීම
- සිරුරේ ඇති අධික උෂ්ණාධිකබව
- සිරුරේ පිත අධිකවීම
- නිධන්ගත රෝගාබාධ තිබීම
- අධික ලෙස වෙහෙසට පත්වන රැකියාවක නිරතවීම
- මානසික අතෘප්තිය
- අවිවේකීබව
- නිතර ඖෂධ වර්ග භාවිතය
- වැරදි ඇවතුම් පැවතුම්
- ආහාරයට ගන්නා කෑම බීම නිසි ලෙස නොදිරවීම
- ප්‍රධාන කෑම වේල්වලට අමතරව නිතර නිතර විවිධ කෑම වර්ග ආහාරයට ගැනීම
- රළු ආහාරපාන නිතර ගැනීම
- ආහාර නොගෙන සිටීම
- නිදිවැරීම
- කාලයක් යම් රෝගයකින් පීඩා විඳීම
ආයුර්වේදයට අනුව මෙවැනි කෘශ අයට ආකාර තුනකට ප්‍රතිකාර සහ සත්කාර සිදු කළ හැකි ය. මෙහිදී සාකච්ඡාවට බඳුන් වන්නේ සත්කාර ක්‍රම 03 ක් පිළිබඳවය.
- ආහාර ද්‍රව්‍ය
- විහරණ ක්‍රමය
- ඖෂධ
ආහාර ක්‍රමය :මෙයින් අදහස් වන්නේ සුදුසු ආහාර ගැනීමය. එළකිරි, අලුත් හාලේ බත්, ගිතෙල්, මුදවපු කිරි, උඳුපිටි, රටඉඳි, උක් පැණි, උක් පැණි යොදා සකසන ආහාර ද්‍රව්‍ය, ධාන්‍ය වර්ග, මුං කිරිබත් වැනි ආහාර ඉතා වැදගත් වේ.
එමෙන්ම කොපමණ ආහාර ගත්ත ද සිරුර නොවැඩෙන කාන්තාවන්ට මඳ උණුසුම් කිරි වීදුරුවකට ගිතෙල් තේ හැන්දක් මිශ්‍ර කර උදෑසන පානය කළ හැකි ය. මෙමඟින් ශරීරය පෘෂ්ඨිමත් වේ. මෙයට අමුක්කරා තේ හැන්දක් හෝ හාතාවාරිය අල තේ හැන්දක ප්‍රමාණයක් එකතු කිරීම මඟින් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය. සතියකට දින තුනක්වත් කොළ කැඳ පානය කිරීම සුදුසුය.
විහරණ ක්‍රමය :විහරණ ක්‍රමය ලෙස හඳුන්වන්නේ ඇවතුම් පැවතුම් ය. එනම් සුව පහසු ලෙස යහන්වල නිදා ගැනීම, සිත සැහැල්ලු අරමුණුවල තබා ගැනීම, මනසට හොඳ විවේකයක් ලැබෙන සේ ගහ කොළ හා ඇළ දොළ ආශ්‍රිතව කාලය ගත කිරීම, සුදු හෝ ළා පැහැති වස්ත්‍ර ඇඳීම, ප්‍රියයන් දැකීම, ස්වාභාවික මල්වල සුවඳ ආඝ්‍රාණය වැනි දේ හා සිතට කලකිරීම, වෛර ක්‍රෝධ සිතිවිලි නොපැමිණෙන සේ ක්‍රියා කිරීම ආදියයි.
රටඉඳිවල ඇට ඉවත් කර එතුළට එළඟිතෙල් පුරවා මී පැණි මිශ්‍රිත බඳුනකට දමා උදෑසන එම රටඉඳි මදුළු 2-3 ක් ආහාරයට ගන්න. (මෙහිදී දියවැඩියාව වැනි රෝග පිළිබඳ සැලකිලිමත් විය යුතුය.)
හාතාවාරිය කැඳ පානය කරන්න. අළු පුහුල්, අළු කෙසෙල්, කොස් වැනි දේ ආහාරයට ගන්න. එළකිරි පානය කරන්න. නෙල්ලි රසකිඳ තම්බා පානය කරන්න.
උපුටා ගැනීම sirikatha.lk
හිරු එළියෙන් උඍ කිරණ දෙයාකාරයකට පතිත වෙයි. UV-ඒ හා UV- ඕ කිරණ එම දෙවර්ගයයි. සම තුළට ගමන් කර සම වියපත් වීම...
නෙතු බඳනා රූසපුවක් හිමි ඔබ ඔසරියකින් හැඩවූවොත් ඒ සුන්දර බව දෙගුණ තෙගුණ වන බව නම් නිසැකයි. කාන්තා ලාලිත්‍ය මනාව ඔප්නංවන හොඳම...
කාන්තාවක් සැමදාම අලුත් විය යුතුය. යට එලෙස අලුත් වීම සදහා විවිධ උපක්‍රම භාවිතා කල හැකිය. සාම දවසකම ගතවෙන පැය ගණනින් විනාඩි...
මෙවර අපගේ අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වන්නේ කුරුලෑ ඇතිවීමට පුළුවන් විවිධ ආකාර කිහිපයක් පිළිබඳයි. ඔබ ඔබගේ මුහුණ දෙස කණ්ණාඩියෙන් බැලු විට කුරුලෑ...
ඇසට කිසියම් දෝෂයක් නොමැතිව තිබියදී ඇසේ ආරක්ෂාව පරිස්සම වෙනුවෙන් ඔබ කුමක්ද කර තිබෙන්නේ කියා මදකට හෝ සිතා බැලූවද? අපි යමක් පිළිබඳ...
ස්ක්‍රබ් එකක් කියන්නෙ සමේ ඇති මැරුණු සෛල ඉවත් කර සම පිරිසිදු කරගන්න භාවිත කරන රූපලාවන්‍ය සත්කාර අතර තිබෙන වැදගත්ම ක්‍රමයක්. Body...