මූහූණේ කුරුළෑ ලප, හිසකෙස් තැනින් තැන සූදු වෙලා
ප්‍රශ්නය :
මම පාසල් යන යූවතියක්මි. මගේ මූහූණේ කුරුළෑ ලප සහ තැනින් තැන කුරුළෑ ඇත. මේ සඳහා නිවසේදී කළ හැකි ප්‍රතිකාර මොනවාද?
පිළිතුර :
සාමාන්‍යයෙන් ගැහැණූ දරුවෙකු වැඩිවියට පත් වූණාම හෝමෝන ක්‍රියාකාරත්වය වෙනස් වෙනවා. මේ නිසා කුරුළෑ වැනි තත්ත්ව තෙල් සහිත සමේ ඇති වීම ස්වභාවිකයි. අවූරුදු දහසය විතර වෙන දරුවෙක් තමන්ගේ පිරිසිදුකම ගැන සැළකිලිමත් වීම වැදගත්. දිනපතාම උදේට සහ සවසට ෆේස් වොෂ් එකක් හෝ ක්ලෙන්සර් එකක් පාවිච්චි කරන්න. දිනපතාම හොඳට වතුර බොන්න. පෝෂ්‍යදායි ආහාර වේලක් ආහාරයට ගන්න. පලා වර්ග, හාල් මැස්සන් අලුත් එළවළු වැඩි වශයෙන් ආහාරයට එකතු කරගන්න. කුරුළෑ හට ගැනීම වැඩිනම් සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමූවී ප්‍රතිකාර ගන්න. එක එක්කෙනා කියන පලියට ප්‍රතිකාර කරන්න යන්න එපා. අතේ නියපොතු වලින් කුරුළෑ කඩන්නත්, ෆේෂල් කරන්නත් යන්න එපා. නිතරම මූහූණ පිරිසිදුව තබා ගැනීමයි වැදගත් වෙන්නේ.
---------------------------------------------------------------------------------------
ප්‍රශ්නය :
මම අවූරුදු තිස් දෙකක කාන්තාවකි. මට පීනස වැනි රෝග නැතිවූවත් හිසකෙස් තැනින් තැන සූදුවී ඇත. ඒ තත්ත්වය නවතා ගැනීම සඳහා සූදුසූ ප්‍රතිකාර ක්‍රම තිබේද?
පිළිතුර :
ඔබේ වයස ගැන සළකා බැලීමේදී ඔබේ කොණ්ඩය සූදුවීමට කිසිදු විශේෂ හේතුවක් සඳහන් කළ නොහැකිය. නමූත් නිතර නිතර වායූ සමීකරණ තුළ සිටී නම් ඔබ නිතර නිතර අව්වේ යන කෙනෙක් නම් කොණ්ඩයට හානි විය හැකියි. කොණ්ඩය අකලට පැසීම වැළකීමට පූංචි ප්‍රතිකාරයක් තමයි මේ.
අවශ්‍ය ද්‍රව්‍ය :
- පොකුරු වද ඉස්ම අඬූ කෝප්ප 1 යි
- දෙහි ඉස්ම අඬූ කෝ්ප්ප 1 යි
- ඔලිව් තෙල් අඬූ කෝප්ප 1
මේ සියලු දේ ලොකු බෝතලයක දමා දවස් 2 ක් හිරු එළිය වැටෙන ලෙස තබා හොඳින් කලවම් කරගන්න. ස්නානයට විනාඩි පහළොවකට පෙර සාදාගත් මිශ්‍රණය ඔලුවේ ගාන්න. විනාඩි තිහක් මිශ්‍රණය ඔළුවේ තියා සෝදා හරින්න. මෙය එක දිගට දවස් විසි එකක් කරන්න. මෙයින් සූදු වූ කෙස් කළු පැහැවීමක් නොවූණත් අනෙක් හිස කෙස් සූදු පැහැවීම මඟ හරවා ගන්න පූළුවන්.
උපදෙස් රූපලාවන්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම්
සාහිත්‍යකරුවන් කොයි කවුරුත් වගේ දෙතොල් සමාන කළේ නාදලුවලට. එහෙත් නාදලු වැනි පැහැයෙන් යුත් දෙතොල් ඇත්තේ කීයෙන් කී දෙනකුටද?දක්ෂ රූපලාවණ්‍ය ශිල්පියකුට ඇස්...
රුව ලස්සන කර ගැනීම සදහා අප සියලු දෙනා වැඩි සැලකිල්ලක් දක්වනවා. නමුත් කාර්යබහුල බව නිසා බොහෝ විට රුපලාවන්‍යගාරයක් වෙත යෑම ඔබට...
කාන්තා රුව පිළිබඳව කතා කිරීමේදී රන් රිදී මුතු ගැන අනිවාර්යයෙන්ම කියැවෙයි. ඒ තරමටම කාන්තා රුව ඔප කිරීමට මේවා උපයෝගී වේ. ලස්සන...
ඔයාගෙ සමේ, මුහුණෙ, හිසකෙස්වල විවිධ විපර්යාසයන් දූවිලි, වාහන දුම, හිරු එළිය වැනි පාරිසරික තත්ත්වයන්ට, දිනපතා නිරාවරණය වෙනවනම් සිදු විය හැකියි. මේ...
අව්වට පිළිස්සුනු සමක පැහැය ඒකාකාර නොවේ. සමහර තැන් තද පැහැයෙන් ද තවත් කොටසක් ඊට වඩා අඩු පැහැයෙන් ද පිළිස්සී තිබිය හැක....
යුවතියකගේ රූ සපුව ගැන කතා කරද්දී හිස කෙස් කියන්නේ අමතක කරන්නම බැරි සාධකයක්. කාන්තාවන් විතරක් නෙවේ තමන්ගේ බිරියට පෙම්වතියට දිග කෙස්...