ස්නානයේදී මේ ගැනත් සැලකිලිමත් වන්න
ස්නානයේදී මේ ගැනත් සැලකිලිමත් වන්න
- ස්නානයට සුදුසුම වෙලාව දහවල් කාලයයි. (විශේෂයෙන් සෙම රෝගීන් සදහා)
- ගල් හා රළු බුරුසු යොදා සම ඇතිල්ලීමෙන් වළකින්න. මෙමගින් සම මතුපිට කුණු ඉවත් වන්නා සේ දුටුවද එමගින් සිදුවන්නේ ඒ මතුපිට ඇති සියුම් සම හම යාමක් බව දැනගන්න. ඒ සදහා මෘදු යමක් භාවිතා කරන්න.
- හිසට යොදන ෂැම්පු සහ කන්ඩිෂනර් මුහුණට හෝ සිරුරට නොතැවරෙන සේ ගෙල පහළට කර හිසකෙස්ද පහළට කර ගල්වා සෝදා හරින්න. නැතහොත් ඔබේ මුහුණේ , නළලේ,සිරුරේ සම මතුපිට ,පිටේ වැනි ස්ථානවල මේවා රැදීමෙන් සියුමි බිබිලි ලප කැලැල් මතුවේ.
- හොදින් ෂැම්පු හා සබන් යනතුරු ඇල් ජලයෙන් සිරුර සෝදාගත් පසුව ස්නානය අවසන් කරන්න. ඒ නිසා සබන් ගෑමට පෙර ඇල් ජලය දොවා ගත්තාට වඩා සබන් ගැමෙන් පසුව ඇල් ජලය දොවාගත යුතු බව මතක තබාගන්න.
- කිසිම අවස්ථාවක හිසකෙස් පිස දමන විට හිස තද කර තුවායෙන් හිස පිරිමැදිම නොකරන්න. එවිට තෙත් ගතියට බුරුල් වී කෙස් ගස තව තව ගැලවී යාම සිදු වේ. එමෙන්ම හිස පහළට දමා හිසකෙස් අගට තුවායෙන් ගසමින් ජලය ඉත් කිරිම නොකරන්න. එමගින් ඔබේ හිස කෙස් අග කලක් යනවිට පැලි යාවි.
- සිරුර පිසදමන විටද තුවායෙන් සම තද කර අතුල්ලමින් පිරිමැදිම නොකරන්න. විශේෂයෙන්ම ඔබේ මුහුණ ස්නානයෙන් පසු හැකි තරම් සිරුර සහ මුහුණ තෙත මාත්තු වන ලෙස පමණක් පිස දමන්න. සිරුරේ ජලය රදා පවතින්නට නොදි හිසේ සිට පාදාන්තය දක්වාම ජලය හොදින් පිස දමා හරින්න. නැතිනම් ජලය රැදුණු ස්ථානවල සම පසුකලෙක වියළි ස්වභාවයක් ගනී. විශේෂයෙන්ම දෙපා.
- හැකි නම් ස්නානයෙන් පසුව සිරුර පුරා බොඩිලෝෂන් වර්ගයක් ආලේප කරන්න. එමගින් සම වියළිම වැළකී සම සිනිදු වේ.
අප හැමවිටම ප්‍රාර්ථනා කරන්නේ ජිවිතයේ නීරෝගිමත් බවයි. නීරෝගීමත් බව උදෙසා කළ හැකි සෑම දෙයක්ම කිරීමට අප පසුබට නොවන්නේ එම නිසාමයි. නිරෝගිමත්...
අපේ ශරීරයේ හැම ක්‍රියාවක්ම පාලනය වෙන්නේ හෝමෝන මඟින්. අනවශ්‍ය රෝම කියන්නෙත් හෝමෝනවල අහිතකර බලපෑමක්. අපේ ඇඟේ ස්ත්‍රී හෝමෝන වගේම පුරුෂ හෝමෝනත්...
• දෙහි ගැට ටිකක්, උළුහාල් ටිකකුත් එකතු කරලා හොඳින් තම්බා ගන්න. එය හොඳට පොඩි කරගෙන හිසේ ආලේප කරන්න. පැය 1/2කට පමණ...
තේ බෑගයකින් (Tea Bag) තේ පානයක රස විඳිනවාට අමතරව එලෙස භාවිතා කරන ලද තේ බෑගයකින් ලබා ගත හැකි තවත් සැඟවුණු වාසි...
සාහිත්‍යකරුවන් කොයි කවුරුත් වගේ දෙතොල් සමාන කළේ නාදලුවලට. එහෙත් නාදලු වැනි පැහැයෙන් යුත් දෙතොල් ඇත්තේ කීයෙන් කී දෙනකුටද?දක්ෂ රූපලාවණ්‍ය ශිල්පියකුට ඇස්...
අපේ විශේෂ අවධානය යොමු වෙන්නේ ඇස් දෙෙක් බාහිර අලංකරණය සඳහා ඔබ පාවිච්චි කරන නොයෙකුත් අලංකරණ දේ සම්බන්ධවයි. බොහෝ විට තරුණියන් තමන්ට...