වසරකට තොල් ආලේපන කොපමණ කනවද?
කාන්තා පාර්ශ්වය කියන්නේ ඉතිහාසයේ ඉඳලා කවියන්ගේ පවා වර්ණනාවට ලක්වුණු පිරිසක්නේ කොහොම වුණත් ගැහැනු අය සහ පිරිමි අය අතර ලොකු වෙනසක් තිබෙනවා. ඒ වෙනසම තමයි, කාන්තාවත් අනෙක් අයගේ වර්ණනාවට හේතු වුණෙත්.
- දිනපතා තොල් ආලේපන භාවිත කරන කාන්තාවන්, තම ජීවිත කාලය තුළ තොල් ආලේපන කිලෝ 2ක් 3ක් පමණ ආහාරයට ගන්නවා.
- කාන්තාවන් පිරිමින්ට වඩා වේගයෙන් ඇසිපිය ගසනවා.
- කාන්තාවන්ට එක් ආදරණීය වැලඳ ගැනීමකින් වුවත් පුද්ගලයකු පිළිබඳ විශ්වාසය ඇති කරවිය හැකියි.
- 80% ක්ම කාන්තාවන්ගේ සම රැලි වැටීමට හේතුව හිරු එළියට නිරාවරණය වීමයි.
- කාන්තාවන් පිරිමින්ට වඩා තදින් බෙල්ට් එක ගැටගසනවා.
- කාන්තාවෝ, තමන්ගේ අත නිදහසේ තියාගන්න කැමැතිම නැහැ. ඒ නිසා හැමවිටම මුදල් පසුම්බිය, ජංගම දුරකතනය හෝ වෙනත් යමක් ඇගේ අතේ තිබෙනවා.
- ලොව ප්‍රථම පරිගණක කාර්ය සම්පාදකවරිය කාන්තාවක්. ඇය නමින් ඇඩා ලවිලේස්.
- කාන්තාවක් වසරකට පැය 120ක් කණ්ණාඩියකින් තම රූපය දෙස බලා සිටිනවා. එය දිනකට පස් වතාවක් පමණ වන්නත් පුළුවන්.
- පෙම් සබඳතාවක් පටන් ගත්තට පස්සේ කාන්තාවක් නිදාගන්න කැමැති නැහැ. හැම තිස්සෙම ආදරය කරන්නයි, සිප ගන්නයි ඇය සිහින මවනවා.
- කාන්තාවන් හැම විටම දුරකතනයට පිළිතුරු දෙන්නේ හිස පැත්තකට ඇල කරගෙන. ඒ ඔවුන්ට හොඳ නම්‍යශීලී බෙල්ලක් තිබෙන නිසායි.
- ආදරේ කරන්න පටන් ගන්න හැම කාන්තාවක්ම තමන්ගේ රූපයේ අඩුපාඩු ගැන කනගාටු වෙනවා.
- කාන්තාවන් කන් වහගන්නේ ඇඟිලිවලින්. පිරිමි අය නම් අත්දෙකෙන් කන් වසා ගන්නවා.
- කාන්තාවකගෙන් යමක් ඉල්ලූවිට ඔබ නැවත ප්‍රතිචාර දක්වන තුරු නොසිට එය ලබාදෙනවා.
- ගැහැනු අයට ඇස්වලින් කතා කරන්න පුළුවන්. පිරිමින්ට නම් කවදාවත් බැහැ.
හංසි ආටිගල මව්බිම