මුහුණේ සම රැලි වැටෙන වැරැදි පුරුදු

මුහුණේ සම රැලි වැටෙන වැරැදි පුරුදු

මුහුණේ මෙන්ම සම මත රැලි ඇති වීම වියපත් වීමත් සමඟම ස්වාභාවිකව සිදුවන්නක්. ඒත් ඔබේ නොසැලකිලිමත්කම හා වැරැදි රූපලාවණ්‍ය ක්‍රමත් මෙයට බලපානවා. 

බඩ යට වන සේ හා එක් ඇලයට නිදා ගැනීම : 

දිනකට පැය 6-7 අතර කාලයක් සුව නින්දක් ලබා ගැනීම ඔබේ ප්‍රබෝධවත් බවට හේතු වෙයි. නමුත් මුහුණේ රැලි ඇති වන නිසා නිදන ඉරියව් ගැනත් සිතිය යුතුමයි. මෘදු කොට්ටයක් තෝරා ගත යුතු අතරම මුහුණ පැත්තට වන සේ එක් ඇලයකට වැඩි වේලාවක් නිදා සිටීමෙන්ද කට වටා, නළල හා කම්මුල් මත සම රැලිගැන්විය හැකියි. 

මුහුණේ ඉරියව් ගැන්වීම : 

මුහුණේ ඉරියව්වලින් ඔබට අන් අය හා හොඳින් සන්නිවේදනය කළ හැකියි. නමුත් රංගනයේ යෙදෙන අයට නම් මෙලෙස නිතර මුහුණින් හැඟීම් දැනවීමට සිදු වීම නිසා කට වටා සම රැලි ස්වභාවයක් ගත හැකියි. මේ නිසා මේකප් ගල්වන විට සම ඇදීමෙන් වළකින්න. සුදුසු රාත්‍රි සත්කාර ආලේපනයක් නින්දට යෑමට පෙර ගැල්වීමෙන් සම පෝෂණය කර ප්‍රබෝධවත් බවක් ගෙන දෙයි. 

මත්පැන් අධිකව පානය කිරීම : 

මත්පැන් නිතර භාවිතය ඔබේ සෞඛ්‍යයට මෙන්ම සමටද හානිකරයි. මත්පැන් පානය වියපත් වීම ඉක්මන් කරවයි. මුත්‍රා පිටවීම වැඩි කර සිරුර විජලනය වීමටද එය හේතු වෙයි. සම වියළීම නිසා රැලි ස්වභාවයක් ඇති විය හැකියි. සිනිඳු නිරෝගී සමක් ලබා ගැනීමට නම් මත්පැන් පානයෙන් අෑත්ව යෝගා වැනි අභ්‍යාසවල යෙදෙන අතරම මනසට සුවයක් ලබා දෙමින් පෝෂණීය ආහාර වේලකට හුරු වන්න. 

දුම්බීම : 

දුම්පානය හා පිළිකා හා හෘද රෝග, මද සරු බව හා රුධිර පීඩනයද වැඩි කරවයි. වයසට වඩා වියපත් බවක් ඇති වීමටද එය හේතු වෙයි. කට වටා සම රැලි වැටීම හා සම එල්ලා වැටීමද මින් සිදුවෙයි.

හිරු කිරණට නිරාවරණය වීම : 

හිරු කිරණට නිරාවරණය වීමෙන් සම මත පිළිකාද ඇති විය හැකියි. සමේ රැලි ඇති වීම වැළැක්වීමට හිරු එළියට යෑමට පෙර හිරු ආවරණ ආලේපනයක් ගල්වන්න. සමට සුදුසු කපු රෙද්දෙන් නිම වුණු ඇඳුම් තෝරා ගන්න. කුඩයක්, අත් වැසෙන කමිසද තෝරා ගන්න. 

මේකප් සමඟ නින්දට යෑම : 

ඇතැම් විට කාන්තාවන් කාර්යබහුල නිසාම මේකප් ඉවත් නොකර නින්දට යන අවස්ථාද ඇත. නමුත් හැම විටම ඒවා සෝදා ඉවත් කර නින්දට යෑමට සිහි තබා ගන්න. පැය 6-7 කාලයක් මේකප් සමඟ නින්දට යෑමෙන් ඔබේ සමට හානි වන බව නම් කිව යුතුමය. එය ඔබේ සම වියපත් වීමට හා රැලි ස්වභාවයක් ගැනීමටද හේතු විය හැකියි. 

අධිකව පොතු ගැලවී යෑම : 

ස්ක්‍රබ් එකකින් මැරුණු සම ඉවත් කර සමට නැවුම් බවක් ලබාදිය හැකියි. නමුත් නිතර සම ස්ක්‍රබ් කිරීම නිසා සමේ ස්වාභාවික තෙල් ගතිය ඉවත්ව සම අධිකව වියළෙයි. එයද සම රැලි ගැන්වීමට හේතුවකි. 

උණු ජලයෙන් ස්නානය : 

වෙහෙසීමෙන් පසුව මඳ රස්නෙ ජලයෙන් ස්නානය කිරීම ශරීරයටද මහත් සැහැල්ලුවක් ගෙන දෙයි. ඒත් වැඩි වේලාවක් උණු ජලයේ ස්නානය කරන විට සමේ තෙල් ගතිය ඉවත්ව සම වියළි වන අතරම සමට ඇති ආරක්ෂාවද අඩු වෙයි. මේ නිසා සමේ තෙතමනය රඳවාගෙන පිරිසුදු වීමට වඩාත් සුදුසු වන්නේ ඇල් ජලයයි. 

දෑස ගැන සැලකිලිමත් නොවීම : 

දෑස් වටා රැලි ඇති වීම වියපත් බව පෙන්වන ලක්ෂණයකි. ඇස් වටා සම සිහින් වීම නිසා හිරු කිරණට නිරාවරණය වන විටද හානි ඇති විය හැකියි. මේ නිසා ඇඟිලිවලින් ඇස් වටා තදින් පිරිමැදීම හා නිදි වැරීම නිසාත් ඇස් වටා අවපැහැ වී රැලි ඇති වෙයි. මේ නිසාත් ඇස් වටා තෙතමනය ආරක්ෂා වන ආලේපයක් ගල්වා මෘදුව ඇඟිල්ලෙන් පිරිමදින්න. 

උපුටා ගැන්ම මව්බිම

Share This Article

ලස්සන වෙනවා නම් දෙහි ලෙල්ලෙනූත් පූළුවන්

ලස්සනට කැමති කවූරු වූණත් ඒ ගැන අමතක කර තියෙන්නේ වෙන කිසිම හේතුවක් නිසා නොවේ ඒ සඳහා විශාල වශයෙන් මූදල් වැයවෙනවාය යන...

වාසි අවාසි දැනගෙන කළ යුතු Unwanted Hair Removal

ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කරගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ඒ වගේම මේ එක එක ක්‍රමවල හොඳ වගේම නරක ප්‍රතිඵලත් තියෙනව. අපි...

හිසේ සිට පාදාන්තය දක්වා ලස්සන කරන ඔලිව් තෙල්

වෙනදා වගේ නිතරම සැලෝන් එකට දුවන්න පුළුවන් කාලයක් නෙවෙයිනෙ මේ ගෙවෙන්නෙ. නමුත් කොයිතරම් අමාරු කාලයක් වුණත් සෑම කාන්තාවක්ම තමන්ගෙ රූපය ගැන...

වියළි සමට ආයුර්වේද ප්‍රතිකාර ඖෂධීය මිරිස් ගුළිය

මිරිස් ගුළිය කියන්නේ ගැමි ගෙදරක කුස්සියේ තිබෙන ජනප්‍රිය ආහාර රසකාරකයක්. රස ආහාර වේලක් වගේම ඖෂධීය ගුණාංග රැසක් මිරිස් ගුළියෙන් ලබාගන්න පුළුවන්....

අත් පා වල රෝම ඉවත් කිරීම සුදුසුද?

ලස්‌සනට ඉන්නට අකමැති කෙනෙක්‌ මෙලොව නැත. එම නිසා තමන්ට උපතින්ම ඇති වී ඇති සුන්දරත්වය තවත් තීsව්‍ර කර ගැනීමට වෙහෙසෙන පිරිස අතර...

සමේ පැහැපත් භාවය සඳහා ආහාර වල බලපෑමක් ඇත

අව්වට පිළිස්සුනු සමක පැහැය ඒකාකාර නොවේ. සමහර තැන් තද පැහැයෙන් ද තවත් කොටසක් ඊට වඩා අඩු පැහැයෙන් ද පිළිස්සී තිබිය හැක....