ලබා උපන් කොණ්ඩය වෙනස් කිරීම හොඳද?
කෙස් ගස් ගැලවෙන්නේ ඇයි?
කෙස් ගසක වැටීම කෙස් ගසක ජීවන චක්‍රයේම කොටසක්. දවසකට සාමාන්‍යයෙන් කෙස් ගස් සීයක් වගේ වැටෙනවා. කෙස් ගස වැටුණත් සම යට ඇති මුලෙන් යළි අලුත් ගසක් මතු වෙනවා.
අස්වාභාවික ලෙස කෙස් වැටීමට හේතු මොනවාද?
දිගු කාලීන හේතු වගේම කෙටි කාලීන හේතු ද මේ කෙරෙහි බලපානවා. විශාල ලෙසින් කෙස් හැලීමේදී හිසෙහි සම පෙනෙන්නට ගන්නවා. පෝෂණ ඌනතාත් යම් තරමකට කෙස්වල නිරෝගීකමට බලපානවා. රෝගවලටත් කෙස් හැලෙනවා. තයිරොයිඩ් හෝර්මෝනයේ අඩුවැඩිකමක් කෙස් ගැලවෙන හේතුවක්. එසේ සෑම තැනකින්ම කෙස් හැලෙන්නේ ආතතිය නිසයි. ආතතිය කායික හෝ මානසික ආතතියක් විය හැකියි. කායික ආතතියට හොඳම උදාහරණයක් උණ. ඩෙංගි වැනි උණක් සෑදී මාස දෙක තුනකට පසු කෙස් හැලීමට පටන් ගන්නවා. දරුවකු ප්‍රසූත කිරීමෙන් මාස දෙක තුනකට පසුව ද කෙස් ගැලවී යාමේ ඉඩකඩක් පවතිනවා. විභාග නිසා ඇතිවන ආතතිය විභාගයෙන් පසු කෙස් අස්වාභාවිකව වැටීමට හේතුවක්. එහෙත් මේ සෑම අවස්ථාවකදීම ක්‍රම ක්‍රමයෙන් යළි කෙස් වැඩෙන්නට ගන්නවා. සුපුරුදු කෙස් වැටියට නැවත උරුමකම් කීමට ලැඛෙනවා. ආතතිය අවම කිරීමට භාවනා කිරීම, සංගීතයට සවන්දීම වැනි ක්‍රියාවන්හි යෙදෙන්න. මාස තුනකින් පමණ යළි කෙස් වැඩීම ඇරැඹෙනවා. මුලින්ම කෙස් තූනීවට එනවා. මුලින් තිබූ මට්ටමට කෙස් එන්න කාලයක් ගතවෙනවා. ඒ වෙනතුරු කලබල නොවී ඉවසීමෙන් සිටින්න.
සරු කෙස් කලඹක් හිමිවීමට හෝ අහිමිවීමට පරම්පරාවත් බලපානවා නේද?
පරම්පරා උරුමය හරිම වැදගත්. තුනී, කෙස් අඩු, පරම්පරා අය අතර ඕනෑ තරම් සිටිනවා. කෙලින් කොණ්ඩා, රැළි කොණ්ඩා හිමිවන්නේත් බොහෝ විට ජානමය උරුමය නිසයි.
ඖෂධවල අතුරු ආබාධ නිසා ද කෙස් ගැලවී යා හැකියි නේද?
පිළිකා රෝගයට දෙන කීමොතෙරපි ප්‍රතිකාරවල අතුරු ආබාධයක් ලෙසත් කෙස් හැලෙනවා. පිළිකාවලට දෙන ප්‍රතිකාර මඟින් කරන්නේ සෛල වේගයෙන් ඛෙදීම නතර කරන එකයි. කෙස්ගස්වල සෛල ද වේගයෙන් ඛෙදෙනවා. ප්‍රතිකාර නිසා සෛල ඛෙදීම අඩුවෙනවා.
යකඩ ඌනතාව කෙස්වල වර්ධනයට බලපාන බව සැබෑවක්ද?
ගැටවර වයසේ (මල්වර වූ පසු වයස අවුරුදු දහනවය දක්වා වූ නවයෞවනියන්ගේ) වැඩි වැඩියෙන් කෙස් හැලීමට, කෙස් වර්ධනය අඩාලවීමට ප්‍රධාන හේතුවක්, යකඩ ඌනතාව. ඔසප් වීමේදී යකඩ අධික ලෙසින් සිරුරින් ඉවත් වෙනවා. සිරුරේ තැන්පත් වී ඇති යකඩ ප්‍රමාණය අඩු වෙනවා. මෙවැනි තත්ත්වයක් ඇති බවට හිතේ සැකයක් ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න. වෛද්‍යවරයා අවශ්‍ය නම් යකඩ පෙති හෝ සිරප් නිර්දේශ කරනවා.
ඉස්හොරි ඇති වන්නේ ඇයි?
ඉස්හොරි ඇති කරන දිලීරය සැමගේම හිස් කබලේ තිඛෙනවා. සමහරුන්ට විතරක් දිලීරය නිසා ‘ඉස්හොරි’ තත්ත්වය ඇති වෙනවා. සම වියළීම මේ තත්ත්වය මතුවීමට ප්‍රධාන හේතුවක්. වෛද්‍ය උපදෙස් පරිදි දිලීර නාශක ගැනීමෙන් පහසුවෙන්ම රෝගය පාලනය කළ හැකියි. රෝගය හඳුනාගෙන කල් ඇතිව ප්‍රතිකාර කිරීමට පටන් ගැනීමෙන් ඉක්මනින්ම පාලනය කළ හැකියි. වයස අවුරුදු 13 වගේ වයස්වල සිට ඉස්හොරි තත්ත්වය දකින්න ලැඛෙනවා.
ගැහැනු පිරිමි හෝර්මෝනත් කෙස්වල සෞඛ්‍ය තත්ත්වයට බලපානවා නේද?
ටෙස්ටොස්ටෙරෝන් හෝර්මෝනය ගැහැනු හා පිරිමි දෙපිරිසටම තිඛෙනවා. සමහරවිට ඒ හෝර්මෝනයට හිසකෙස් සංවේදී වෙනවා. කෙස් තුනී වෙනවා. කෙටි වෙනවා. ගැලවී යාම වැඩිවෙනවා. මේ තත්ත්වය ගෑනු පිරිමි දෙපිරිසටම පොදුයි. වයස අවුරුදු හතළිස් පහක් පමණ වූ පසු පිරිමින්ගේ නළල දෙපැත්තෙන් හිසේ පිටුපසට වන්නට කෙස් යන්න ගන්නවා. හිස් මුදුනේ ද කෙස් හැලී යනවා. අවසානයේදී පිටුපස කෙස් පමණක් ඉතිරි වෙනවා. සාමාන්‍යයෙන් මැදි වයසේ දී මේ තත්ත්වය ඇරැඹෙන නමුත් වයස අවුරුදු 18 වැනි තරුණ වයසේදීත් කෙස් තුනීවෙන, හැලෙන, කෙටියට වැඩෙන අය සිටිනවා. කාන්තාවන්ගේ වැඩිපුරම තට්ටය පෑදෙන්නට ගන්නේ ඊස්ට්‍රජන් අඩුවීම නිසයි. ආර්තවහරණයෙන් පසු හිසේ කෙස් ගණන අඩුවෙනවා. පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් වැනි තත්ත්ව ඇතිවිට තරුණ වියේදීම කෙස් අඩුවීමට ගන්නවා. කාන්තාවන්ගේ හිසේ මැදින් ඛෙදුණු තැනින් දෙපැත්තට වන්නට කෙස් තුනීවීමට ගන්නවා. ක්‍රම ක්‍රමයෙන් ඛෙදුම් රේඛාව පළල් වෙනවා. මුලින් හඳුනාගෙන ප්‍රතිකාර නො කළොත් කෙස් ගැලවීයාම වැඩි වෙනවා. මෙයට ඖෂධීය ප්‍රතිකාර තිඛෙනවා.
කෙස් පැළ කිරීම හෙවත් හෙයා ප්ලාන්ට් තට්ටය මට්ටු කළ හැකි ප්‍රතිකර්මයක් නේද?
ඔව්. හැබැයි මේ ප්‍රතිකර්මය භාවිත කළ යුත්තේ කෙස් මුල් නැති අය පමණයි. කෙස් මුල් ඇත්නම් අලුත් කෙස් වර්ධනය වෙනවා. අමුතුවෙන් කෙස් පැළ කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. කෙස් පැළ කිරීමට පෙර වෛද්‍ය උපදෙස් පතන්න ඕන ඒ නිසයි.
ලබා උපන් කොණ්ඩයෙහි ස්වාභාවය කෘත්‍රිම ලෙස වෙනස් කිරීම කොණ්ඩයට හානිකරයි නේද?
පර්ම් කිරීම. ස්ට්‍රේට් කිරීම, ටින්ට් කිරීම ආදී විවිධ දේ කිරීමට යාමෙන් කොණ්ඩයෙහි ස්වාභාවිකත්වයට හානි වෙනවා. මෙහිදී කෙස් ගස්වල ප්‍රෝටීන් අතර ඇති සල්ෆර් බන්ධන කැඩෙනවා. කෙස් ගස දුර්වල වෙනවා. ඇතැම් අයගේ කෙස් අධික ලෙස ගැලවී යාමටත් මෙය හේතුවක්. මෙවැනි ක්‍රියාවලීන් කිරීමේදී හිස් කබල අධික ලෙස තාපයට නිරාවරණය වීමෙන් හිස් කබලේ සමට ද හානි සිදුවෙන්න පුළුවන්. ඩයිවල අඩංගු පැරාෆීනයිල් ඩයි ඇමීන් (පීපීඩී) ඇතැමුන්ට අසාත්මිකයි. පීපීඩී කියන්නේ කළු පැහැය ලබා දෙන වර්ණයක්. එනිසා එවැනි අය කළු පැහැති ඩයි වෙනුවට තද දුඹුරු වැනි වෙනත් වර්ණයක පැහැයන් තෝරාගන්න. අසාත්මිකතාවක් ඇතිවූ විට හිස කසනවා. සිරුරෙහි පලු ඇතිවෙනවා. අසාත්මිකතාවට හේතුව ‘පැච් ටෙස්ටිං’ පරීක්ෂණයෙන් තහවුරු කරගත හැකියි.
ස්නානය කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
නෑමෙන් හිසකෙස් හොඳින් පිරිසුදු වෙනවා. එහෙත් හිසේ වියළි සමක් ඇත්නම් දිනපතා නෑම සුදුසු නැහැ. එයින් වියළි බව වැඩි වෙනවා. වියළි සමක් ඇති අය සබන් ගා හිස සේදීම ද සුදුසු නැහැ. සබන්වලට සම වියළෙනවා වැඩියි. ෂැම්පු භාවිත කර, කන්ඩිෂනර් ද දැමිය යුතු නමුත් කන්ඩිෂනර් දැමිය යුත්තේ හිසකෙස්වලට පමණයි. හිස් කබලේ ගෑවෙන සේ කන්ඩිෂනර් දැමීමෙන් වියළිභාවය වැඩිවෙනවා.
උපදෙස් - චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සමන්ති වාසනා පරණවිතාන
තරුණී