සුන්දර දෙතොල් අවලස්සන වන හේතු

සුන්දර දෙතොල් අවලස්සන වන හේතු

මෙහිදී අප විශේෂයෙන් ම අවධාරණය කළ කරුණ වන්නේ උපතින් කෙනෙකුට උරුමවන තොල්වල හැඩය වෙනස් කළ නොහැකි බවයි. එහෙත් අපි පෙන්වා දුන්නා දෙතොල්වල හැඩය ඔබට අවශ්‍ය ආකාරයෙන් මේක් අප් කිරීමෙන් වෙනස්කර ගත හැකි ආකාරය පිළිබඳව‍. අද අපගේ විශේෂ අවධානය යොමුවන්නේ දෙතොල් කළුවීම, දෙතොල් හම යෑම. කට දෙපැත්ත පැලීම, සැරව බිබිලි ඇති වීම, තොල් පැලීම ඉරි තැලීම, වියළීම ආදිය පිළිබඳයි. මෙවැනි තත්වයන් අපි පෙර කීවාක් මෙන් උත්පත්තියෙන් හෝ ජාන වලින් හෝ පරම්පරාවෙන් ඇති වන්නක් නොවේ. මෙවැනි තත්ත්වයන් ඇතිවන්නට හේතු වනුයේ කුමන සාධක ද යන්න ගැන අපි අද සාකච්ඡා කරමු.

බොහෝ විට මෙවැනි තත්ත්වයන් ඇතිවීමට හේතු වන්නේ එදිනෙදා ජීවිතයේදී ඔබ අනුගමනය කරන වැරැදි චර්යා රටා, වැරැදි ජීවන පුරුදු, වැරැදි ආහාර පුරුදු ආදිය නිසයි. අපේ රටේ කාන්තා පාර්ශ්වය බහුල වශයෙන් දුම් පානයට ඇබ්බැහි වී නොමැති නමුත් පිරිමි පාර්ශ්වය මේ තත්ත්වයට දැඩි ලෙස ගොදුරු වී ඇත. දෙතොල් කළු පැහැ ගැන්වීම, අවපැහැ ගැනීම, දෙතොල් පැලීම ආදිය සඳහා දුම් පානය බොහෝ විට හේතු වේ.‍ එසේ ම ඔබ හොඳින් නිරීක්ෂණය කර බලන්න අධික ලෙස මත්පැන් සඳහා ඇබ්බැහි වූවන්ගේ දෙතොල් දිහා. ඒවායෙහි පිරිසුදු, නිරෝගී පෙනුමක් කිසි‍විටෙකත් දක්නට නොලැබේ. කළුපැහැ වුණු, වියළී ඉරිතලා ගිය දෙතොල් තමයි ඔවුන්ට හිමි වන්නේ. ඒ නිසා එවැනි තත්ත්වයන් ඇති කිරීමට මත්පැන් දැඩි ලෙස ම බලපාන බව ඔබ අවබෝධ කරගත යුතුයි. අපේ කාන්තා පාර්ශ්වය තමන්ට උපතින් හිමි වුණු දෙතොල තව තවත් අලංකාර කර ගැනීම සඳහා‍ විවිධ වර්ගයේ ආලේපන ගල්වනවා. ලිප් ලයිනර්, ලිප්ස්ටික්, ග්ලොස් වර්ග ආදිය මේ සඳහා උදාහරණ. මේවා තෝරා ගැනීමේදී නිසි ප්‍රමිතියකින් යුතු ඒවා තෝරා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතුයි. ප්‍රමිතියෙන් තොර ලිප් බාම් වර්ග ලිප්ස්ටික් ආදිය ඔබ දිගින් දිගට පාවිච්චි කළොත් ඒවා නිතර නිතර ඔබේ දෙතොල් මත ආලේපකර තැබීම නිසාවෙන් දෙතොල්වලට අහිතකර ලෙස බලපායි. මේ නිසාත් දෙතොල් කළුවීම, දෙතොල් පැලීම, හම යාම ආදිය සිද්ධ විය හැකියි. අනෙක් සුවිශේෂි කාරණය වන්නේ ලිප්ස්ටික් ආලේප කිරීමේදී ඔබ අනුගමනය කරන ක්‍රමවේදය ද දෙතොලේ ආරක්ෂාව සඳහා ඛෙහෙවින් බලපායි. සැමවිටම මතක තබා ගත යුතු කාරණය වන්නේ ‘ලිප්ස්ටික්’ ආලේප කිරීමට ප්‍රථම ලිප්බාම් වර්ගයක් ආලේප කිරීම අනිවාර්යය බවයි. ලිප් බාම් ආලේප නොකොට ඍජුවම දෙතොල් මත ලිප්ස්ටික් ආලේප කිරීමත් දෙතොල් අවපැහැ වීමට හා හමයාම, පැලීම් ආදිය ඇතිවීමට හේතු වේ. මෙවැනි තත්ත්ව ඇතිවීමට තවත් හේතුවක් වන්නේ අධික ඌෂ්ණ සහිත ආහාර ගැනීමයි. විශේෂයෙන් තක්කාලි, අච්චාරු, මස්, ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ, අන්නාසි වැනි ඌෂ්ණාධික ආහාර ගැනීම දෙතොලේ ආරක්ෂාවට තර්ජනයක් බව ඔබ හොඳින් මතක තබා ගන්න. 

උපුටා ගැනීම සිළුමිණ

Share This Article

සුන්දර දෙතොල් අවලස්සන වන හේතු

මෙහිදී අප විශේෂයෙන් ම අවධාරණය කළ කරුණ වන්නේ උපතින් කෙනෙකුට උරුමවන තොල්වල හැඩය වෙනස් කළ නොහැකි බවයි. එහෙත් අපි පෙන්වා දුන්නා...

ලස්සන රූ සපූවක් සඳහා රුව රකින විට මේ ගැනත් සිතන්න

රූපය රැක ගැනීමේ කටයූතුවල යෙදෙන කොට සාමාන්‍ය දැනූම් තේරුමක් ඇතිව කටයූතු කරන්න වෙනවා. ඉවක් බවක් නැතිව කරන්නන් වාලේ රූපලාවන්‍යට යොමූ වූණොත්...

හුස්ම ගන්න කොණ්ඩෙට ආදරෙන් සලකන්න

ඈත අතීතේ ඉඳන්ම පොදුවේ කාන්තාවන්ගේ හිසකෙස් වලට උපමා කළේ කිතුල් රැහැන්. අතීතේ ස්වභාවික වට්ටෝරු පමණක් භාවිත කළ කාන්තාවන්ගේ හිසකෙස් කිතුල් රැහැන්...

මහත අයගෙ කෙට්ටු අයගෙ විලාසිතා ගැටලුවලට විසඳුම්

සුන්දරව සිටීමට සෑම යුවතියක්ම වෙහෙසෙනවා. එනිසාම විලාසිතා කෙරෙහිද දක්වන්නේ විශේෂ ඇල්මකි. නමුත් ඔබේ ශරීරයේ අධික තරබාරු ගතිය හෝ සිහින් බව විලාසිතා...

ලිප් මේක් අප් එකකින් ඉඟි බිඟි කරන තොල් දෙකක්

සාහිත්‍යකරුවන් කොයි කවුරුත් වගේ දෙතොල් සමාන කළේ නාදලුවලට. එහෙත් නාදලු වැනි පැහැයෙන් යුත් දෙතොල් ඇත්තේ කීයෙන් කී දෙනකුටද?දක්ෂ රූපලාවණ්‍ය ශිල්පියකුට ඇස්...

කකුල් වල මහත වැඩි නම් ව්‍යායාමයක්..

කලවා පෙදෙසේ තියන මේදය නිසා සෑහෙන ලොකු අර්බුදයකට කාන්තාවන් මුහුණ දෙනවා. තමන්ට හරියන ඩෙනිමක් නැත්තම් සායක් ගන්න ගියොත් අපහසුතාවට පත් වෙනවා....