ඩබල් චින් තියෙන්නේ කාටද?
ඩබල් චින් තියෙන්නේ කාටද? මට.......හොඳම විසඳුමක්...
ලස්සනට ඉන්න ඒ වාගේම නිරෝගීව ඉන්න අප කවුරුත් වගේ කැමැතියි. ඒත් ඇතැම්විට අපේ රුව ලස්සනට බාධා කරන යම් යම් හේතූන් ඇතිවන්නට පුළුවන්. ඉතින් මේ හැමදේකටම අපට ප්‍රතිකාර සොයාගෙන යන්න බැහැ. නමුත් ඔබ දන්නව ද සරල ව්‍යායාම් වැනි දේ කිරීමෙන් අපට එවන් දේ සඳහා සාර්ථක විසඳුම් සොයා ගන්න පුළුවන් බව. උදා. බොහෝ දෙනකුට ප්‍රශ්නය වී ඇති ඩබල් චින් වැනි තත්ත්වයන් එවැනි සරල ව්‍යයාම මගින් මඟහරවා ගත හැකියි. ඔබ කැමැති ඇති එවන් සරල ව්‍යායාම ගැන දැනගන්න. අප සූදානම් එවන් ව්‍යායාම පෙළක් ඔබ වෙත රැගෙන එන්නට. මේ සඳහා උපදෙස් ලබාදෙන්නේ එක්සත් රාජධානියේ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ විශේෂඥ වෛද්‍ය අසංග විජේරත්න මහතායි.
පසුගිය දිනෙක බලංගොඩ ප්‍රදේශයේ වැඩමුළුවක් පැවැත්වුණා. කාංචනා මේ වැඩමුළුවට ගියේ නිමාලිත් එක්කයි. වැඩමුළුව නම් ගොඩක් හොඳයි නේද නිමාලි? ඇත්තමයි. අර ව්‍යායාම ගැන කළ වැඩසටහන නම් නියමයි. ගෙදර ආවෙලේ ඉඳන් කාංචනා කණ්ණාඩිය ඉස්සරහට වෙලා එක එක විදිහට මුහුණ වෙනස් කරනවා. මේක ගෙදර අයටත් ප්‍රශ්නයක්. අපේ අක්කට මොනවා වෙලාද මන්දා අම්මේ අර බලන්නකෝ අර මොකද අර.... මේ ළමයට මොනවද මේ වෙලා තියෙන්නේ.... අක්කේ මොනවද ඔය කරන්නේ? ඌ-ඈ-ඊ
මොකක්? "කියන දෙයක් තේරෙන්න කියන්නකෝ...."
කාංචනා කරමින් සිටි කාර්යය නවතලා ගෙදර අය දිහා බැලුවා. බලන්න අම්මේ ඩබල් චින් නැතිකර ගන්න මං කොච්චර දේවල් කළා ද? මොනතරම් දේවල් ගෑව ද සැලෝන් කීයකට ගියා ද වැඩක් වුණේ නැහැනේ...
ඉතින් ඒකට ඔහොම කරලා හරියනවද?
ඔව්. ඩබල් චින් නැති කරගන්න කරන්න පුළුවන් හොඳ ව්‍යායාමයක් ගැන අද වැඩමුළුවෙදි ඩොක්ටර් කිව්වා. ඒක කරන්න එච්චර අමාරුත් නෑ. හරිම ලේසියි. මේ ව්‍යායාමය කරනකොට ඩබල් චින් නැතිවෙනවලු.
මොකක්ද ඔය ව්‍යායාමය?
ඌ ඈ ඊ
ඌ, ඈ, ඊ ?
ඔව්. ඔන්න ඉස්සෙල්ලම කණ්ණාඩියක් ඉස්සරහට යන්න ඕනේ ඊට පස්සෙ මෙන්න මේ විදිහට ඌ ඈ ඊ කියන්න ඕනෙ.
කොච්චර වෙලාවක් ඕක කරන්න ඕනේ ද?
එක ඉරියව්වක් තත්පර දෙක ගානේ වාර 12 ක් කරන්න ඕනෙලු. දේවිකා අක්කටත් කියන්න ඕනෙ එයත් ඩබල් චින් එනවා කියලා සැලෝන් එකකටත් ගියා. බලන්නකෝ කිසිම වියදමකුත් නෑ. මහන්සියකුත් නෑ. අපටම කරගන්නත් පුළුවන්. කාංචනා සුපුරුදු විදිහට නැවතත් ඌ ඈ ඊ
කියන්නට පටන් ගත්තා.
උපුටා ගැනීම රැජිණ
දියූණූවෙන තාක්ෂණයේ දියූණූ ක්‍රම රූපලාවන්‍ය ක්ෂේත්‍රයටත් මේ වන විට පැමිණ තිබීම නිසාම දෙනෙත හැඩ කර ගැනීමටත් අද වන විට දියූණූ ක්‍රම...
හිසකෙස් නිතරම කාන්තාවන්ගේ මනස පීඩාවට ලක් කරන බව සත්‍යයක්. කෙස් වැඩිපුර වර්ධනය වීම මෙන්ම නොවීමද ඔවුන්ව තව තවත් පීඩාවට ලක් කරයි....
මනාලිය වන ඔබ සූදානම් කරගත යුතු දේවල් මෙන්ම සිතිය යුතු සැලකිලිමත් විය යුතු දේවල් ද බොහොමයක් තිබෙනවා. අප දැන් කතා කරන්නට...
යුවතියන්, කාන්තාවන් ලස්‌සන වෙන්න උත්සාහ දැරීමේදී, හැමවිටම උත්සාහ කරන්නේ මුහුණ ලස්‌සනට තබා ගැනීමටයි. එහෙම සිතන ඔවුන්, මුහුණට ක්‍රීම් වර්ග ආලේප කරමින්, මේක්‌අප්...
කලවා පෙදෙසේ තියන මේදය නිසා සෑහෙන ලොකු අර්බුදයකට කාන්තාවන් මුහුණ දෙනවා. තමන්ට හරියන ඩෙනිමක් නැත්තම් සායක් ගන්න ගියොත් අපහසුතාවට පත් වෙනවා....
ඉන්නන් කියන්නේ සමේ ඇති වන වෛරසයක (Human Papilloma Virus) බලපෑමෙන් ඇති වන කුඩා ගැටයක් වැනි යමකි. සිරුරේ ප්‍රතිශක්තිකරණය අඩු වී විගස...