ඔබ ජීවත්වන ප්‍රදේශය අනුව ෂැම්පු තෝරා ගන්න ඕනෑ...

සුනඛයා මිනිසාගේ හොඳම මිතුරාය. එය ඓතිහාසිකව ද සනාථ වී ඇත. එහෙත් සුනඛයින් හිතවත් කම දක්වන්නේ මනුෂ්‍ය වර්ගයට පමණක් නොවේ. තමා ඇසුරු කරන වෙනත් වර්ගයේ සතුනට ද ඒ අයුරින් ම මිතුරු දම දක්වන අතර තම සත්ව මිතුරන්ගේ සාගින්න පවා නිවා දැමීමට තැත් කරන බව ඔප්පුවේ.
මෙයට හොඳම උදාහරණය බ්‍රසීලයේ අනාථ බැල්ලක වන ලයිලිකා ය. අයිතිකරුවකු නොමැති ලයිලිකාට නිවහනක් ලැබුණේ අපද්‍රව්‍ය එකතු වන මධ්‍යස්ථානයක් බාරව සිටි නීල් වයිනා ඇන්ටොනියෝ ගෙනි. ඒ ආසන්නයේ මේ බැල්ල පමණක් නොව තවත් සත්තු කීප දෙනෙක් ම නවාතැන් ගෙන සිටියහ. ලයිලිකා සහ ඇයගේ පැටවුන් මේ ස්ථානයේ සිටිය ද සියලු දෙනාටම ආහාර සැපයීම නීල්ට අපහසු කරුණකි. මෙය තේරුම් ගත් ලයිලිකා තම පැටවුන්ට ආහාර සොයා තැන් තැන්වල ගොස් නානාවිධ කෑම ගෙන ඒමට පුරුදුව සිටියා ය. උස් මහත් වන පැටවුන් දුටු අය සියලුම පැටවුන් ගෙන ගිය නමුත් ලයිලිකා කෑම සෙවීම නතර නො කළාය. ඒ කෑම ගෙන එන්නේ තම මිතුරන්ටයි. ඇයට මිතුරෝ කිහිප දෙනෙක් වූහ. බළලෙක් සුනඛයෙක් කුකුල් පැටවු කිහිප දෙනෙක් හා කොටළුවෙක් ඒ අතර වූහ. තම පැටවුන් නැති වූ පසුත් ලයිලිකා දිගටම සැතපුම් හතරක් පමණ ඈතට වාහන පිරුණ මහ මාර්ගයේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් කෑම සොයා යන්නීය. සොයා ගන්නා ආහාර තමා ද අනුභව කොට තම මිතුරන්ට ද රැගෙන ඒමට ලයිලිකා පුරුදුව සිටියා ය.
ලයිලිකා බැල්ලට ලුෂියා හමුවූයේ මෙවන් අවදියකදී ය. ලුෂියා ගුරුවරියකි. දිනක් ලයිලිකා කුණු බක්කියකට ඉව කරන අන්දම දු ටු ලුෂියා ඇයට ආහාර සහිත බෑගයක් විසිකළා ය. එයින් කොටසක් අනුභව කළ ලයිලිකා ඉතිරි ආහාර සහිත බෑගය කටින් රැගෙන යන්නට ගියා ය. දෙවැනි දිනයේදීත් ලුෂියා එම ලෙසට ම ලයිලිකාට ආහාර දුන් අතර ලයිලිකා ද පෙර ලෙස ම කොටසක් කා ඉතිරි අහර මල්ල රැගෙන ගියා ය. ලයිලිකාගේ මේ ක්‍රියා කලාපය දින කීපයක් ම නිරීක්ෂණය කළ ලුෂියා ලයිලිකාට ආහාර දී ඈ පිටුපස ඇයට නොදැනී ගියා ය. ඇය දුටු දෙයින් ලුෂියාට ඇති වූෙය් පුදුමයක් හා අනුකම්පාවකි. ලයිලිකා රැගෙන ආ ආහාර බෑගය ඇයගේ මිතුරන්ට දෙන අන්දම ලුෂියා බලා සිටියේ සතුට හා අනුකම්පාව පිරි හදවතින් යුතුව ය. ඉන්පසුව ලුෂියාත් ලයිලිකාත් අතර මිතුරු සබඳතාවය දැඩි බැඳීමක් බවට පත් වීය. ලුෂියා කෑම සහිත බෑගය මගට ගෙන එන අතර එතැනට පැමිණෙන ලයිලිකා එය රැගෙන ඇයගේ මිතුරන්ට ගෙන යෑම දිගටම සිදුවන්නේ ය.
උපුටා ගැනීම සිළුමිණ
උදරයේ තැම්පත්වන මේද තරලය නිසා උදරය විශාල වන අතර විශාල වූ උදරය දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා, අක්මා ආබාධ වැනි රෝගාබාධ...
හිස් හොරි සඳහා ස්වභාවිකව නිවසේදී කළ හැකි ප්‍රතිකාරයක් ගැන කියනවා නම්, වෙරළු කොළ හොඳින් කොටා එම යුෂය හිස් කබලේ ආලේප කිරීම...
ක්ලෙන්සර් කී්රම් ස්වල්පයක් ගෙන තොල් මත තවරා මූලින්ම ලිප්ස්ටික් ඉවත් කරගන්න. මූලින්ම තොල් ආලේපන ඉවත් නොකළොත් මූහූණ පූරා ලිප්ස්ටික් ගැවූ මූහූණේ...
සිහින් නිරෝගී හැඩැති සිරුරක් ලබා ගැනීමට අපි කවුරුත් කැමැතියි. විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය යනු තම සිරුරේ හැඩය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන පිරිසකි....
සම සුදු කර ගැනීමට උත්සාහ කිරීම වර්තමානය වන විට උන්මාදයක තත්ත්වයට පත්වී හමාරයි. මේ ලිපියෙන් අද අපි ඔබට කියන්නේ මෙසේ සම...
ස්වභාවිකව ලැබුණු කෙස් කළඹ ආරක්ෂා කරගැනීමට අප සැවොම උනන්දු විය යුතුයි. බොහෝ දෙනෙකුට ඇති ප්‍රශ්නයක් වන්නේ කෙස් කළඹ අකලට සුදුවීමයි. බොහෝ...