ඩිම්බකෝෂ පිළිකා ගැන නොදත් දේ
‘කාන්තාවකගේ ඩිම්බකෝෂය තුළින් මසකට වරක් ඩිම්බයක් පිටවීම ප්‍රජනන පද්ධතිය සම්බන්ධ සාමාන්‍ය ක්‍රියාවලියක්. ප්‍රධාන වශයෙන් ඩිම්බකෝෂයේ පිටත බිත්තියෙහි සෛල ස්ථර නිරන්තරයෙන් වෙනස් වේ. ඩිම්බකෝෂ පිටවීමෙදී ඩිම්බකෝෂය තුවාල වීමක් සිදුවන නිසාත් නිතර වෙනස් වන සෛල නිසාත් එමඟින් පිළිකා සෑදීමේ අවදානමක් පවතී. යම් කාන්තාවකගේ පරම්පරාවෙ වෙනත් කාන්තාවකට ඩිම්බකෝෂ පිළිකා සෑදී ඇත්නම් එවැනි කාන්තාවන්ට ජානමය වශයෙන් ඩිම්බකෝෂ පිළිකා හටගන්න ඇති ඉඩකඩ වැඩිය. ප්‍රජනන පද්ධතිය තුළ ඇතිවන වෙනත් පිළිකාවක් හේතුවෙන්ද ඩිම්බකෝෂ පිළිකා ඇති වේ. ඩිම්බකෝෂයෙහි ඇති වෙනත් ගෙඩි පසුකාලීනව පිළිකාවක් බවට පත්වීමටද හැකිය. පියයුරු පිළිකා ඇති කාන්තාවන් මෙන්ම වයස අවුරුදු 40ට 50ට වැඩි කාන්තාවන්ට බහුල වශයෙන් ඩිම්බකෝෂ පිළිකාවන්ට ගොදුරු වේ.
මෙම රෝගී තත්වයේ විශේෂත්වය රෝගී ලක්ෂණ පෙන්නුම් කිරීම සිදු වනුයේ රෝගය යම්තාක් දුරට පැතිරී අවසන් වූ පසුවය. විශේෂිත රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැත. පිළිකාව තරමක් පැතිරීමෙන් පසු උදර කුහරය ඇතුළත වේදනාව, උදරය විශාල ඉදිමීමක්, අපහසුතාවක් දැනීම ආදී ලක්ෂණයන් හඳුනා ගැනීමට හැකිය. කල්තියා රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බැවින් ඩිම්බකෝෂය තුළ ඇතිවන වෙනස්කම් පිළිබඳව අවුරුදු 40ට වැඩි කාන්තාවක නම් අවධානයෙන් සිටීම වැදගත්.
තරුණ කාන්තාවන්ටද ඩිම්බකෝෂ පිළිකා සෑදීම සුළු වශයෙන් දක්නට ලැබේ. සාමාන්‍ය පිළිකා රෝගයක මූලික ලක්ෂණ ලෙස කෑම අරුචිය හා ශරීරය අසාමාන්‍ය ලෙස කෙට්ටු වීම ආදී ලක්ෂණ මඟින්ද පිළිකා ස්වභාවයක් යන්න හඳුනා ගත හැකිය. තවත් වැදගත් කරුණක් ලෙස උපත් පාලන ඖෂධ ගන්නා කාන්තාවන්ට ඩිම්බකෝෂ පිළිකා සෑදීමේ අවදානම අඩුය.එයට හේතුව මසකට වරක් ඩිම්බකෝෂ පිටවන වාර ගණන අඩුවන බැවිනි.
ප්‍රජනන පද්ධතිය හා ඩිම්බකෝෂය ආශ්‍රිත එවැනි වේදනා අපහසුතා ඇති කාන්තාවක් පිළිකාවක් යැයි අනුමානය කරන්නේ නම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් පරීක්ෂණ කෙරෙහි යොමු විය යුතුය. එහිදී ප්‍රධාන පරීක්ෂණයක් ලෙස අල්ට්‍රා සවුන්ඩ් ( Ultra Sound )පරීක්ෂණ කළ හැකිය. එය අදියර දෙකකින් සිදු කරති. පළමු අදියරයෙහිදී උදරය ස්කෑන් කිරීමක් කරයි. දෙවන අදියරයෙහිදි යෝනි මාර්ගය හරහා කරන ස්කෑන් පරික්ෂණ හඳුනා ගැනේ. එමඟින් වසා ගැටිති, උදරය හා ප්‍රජනන පද්ධතියෙ වෙනත් අවයව තුළට රෝගය පැතිරී ඇතිද යන්න නිශ්චිතව හඳුනා ගැනීමට හැකිය. ඒ වගේම ඩිම්බකෝෂ පිළිකාවක් ඇති බවට සැක කරන කාන්තාවක් සඳහා රුධිරයේ ඇතිවන වෙනස්කම් මඟින්ද පිළිකාවක් යන්න නිශ්චිතව හඳුනා ගැනීමට CA125(Cancer Antigen) පරීක්ෂණ සිදු කරති. මීට අමතරව MRI පරීක්ෂණ මඟින් පිළිකා අවස්ථා හඳුනා ගැනීමට සිදු කරන පරීක්ෂණ වේ.
මෙම පරීක්ෂණ ඔස්සේ තහවුරු වන රෝගියකු සඳහා කරන ප්‍රධානතම වෛද්‍ය ප්‍රතිකාර වනුයේ එම පිළිකා අවයව මුළුමනින් ඉවත් කිරීමයි. එහිදී ඩිම්බකෝෂය, පැලෝපීය නාලය, ගර්භාෂය යන උදරය ඇතුළත තිබෙන අවයව ශෛල්‍ය කර්ම මඟින් ඉවත් කිරීමයි. එසේ ඉවත් කිරීමෙන් අනතුරුව ශරීරයෙහි වෙනත් අවයව සඳහා පිළිකාව පැතිර යාම වළක්වාලීමට පිළිකා නාශක ඖෂධ ලබා දේ. එමඟින් ශරීරයේ තවත් පිළිකා සෛල ඇතිනම් ඒවාද විනාශ වේ. නිවැරැදිව එම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත්විට පිළිකා අවදානම හා ජීවිත අවදානම අඩුකර ගැනීමට හැකිය.
විවිධාකාර වූ ඩිම්බකෝෂ පිළිකා ප්‍රභේද දක්නට ලැබේ. එය කාන්තාවන්ගේ ඩිම්බකෝෂ ස්වභාවය අනුව වෙනස් වේ. ඩිම්බකෝෂ පිළිකාව යන්න සම්පුර්ණ සුව වුවත් නැවත වරක් පිළිකාවක් ඇති වීමේ අවදානමක් තිබෙන දරුණු රෝගී තත්ත්වයකි. එවැනි අවදානමක් ඇති කාන්තාවන් සඳහා ඇතැම්විට පැලෝපීය නාලය ඉවත් කිරීමේ ශෛල්‍යකර්ම සිදුකරන අවස්ථා ද ඇත.
පිළිකාවක ස්වභාවය නම් දීර්ඝකාලීනව එහි අහිතකර බලපෑම් සමඟ ජීවිතය ගෙවීමට සිදු වේ. නිරන්තරයෙන් වෛද්‍ය උපදෙස්, වෛද්‍ය සායන, ප්‍රතිකාර නිවැරදිව ගැනීමට වගබලා ගත යුතුය. එම වෛද්‍ය ප්‍රතිකාර මඟින් වෙනත් සංකූලතා ඇති වීම ඕනෑම පිළිකා රෝගියකුට පොදු වූ කරුණකි. එ් නිසා සංකූලතාවලට බිය වී රෝගය සඳහා නිශ්චිත ශෛල්‍යකර්ම, ප්‍රතිකාර ලබා ගැනීමට බියවිය යුතු නැත. අදාළ අවස්ථාව තුළදී සුදුසු ශෛල්‍යකර්ම හෝ වෙනත් ප්‍රතිකාර ලබා නොගතොත් ඔබට ජීවත්ව සිටීමට ඇති කාලය සීමා වේ. එම නිසා නියමිත අවස්ථාවේදී සුදුසුකම් හා පහසුකම් සහිත රෝහලකට යොමු වී අදාළ ප්‍රතිකාර ලබා ගැනීමට වගබලා ගත යුතුය.
ඒ වගේම සාමාන්‍ය පිළිකා රෝගීන් සඳහා ගන්නා ආහාර රටා පෝෂණය සමඟ එකතු කර ගැනීම වදගත්ය. කෑම අරුචිය ඇති අයට සුප් වැනි ආහාරද එකතු කරගෙන පෝෂ්‍යදායී අහාර රටාවක් අනුගමනය කිරීමටත් පිළිකා රෝගී ඔබ දැඩි අවදානයක් දිය යුතුය. සාමාන්‍ය සෞඛ්‍ය හුරුපුරුදු ඒ ආකාරයෙන්ම පවත්වා ගනිමින් ජීවිත අවදානම අවම කරගෙන ඔබට තරමක් දුරට සුවසේ ජීවත් වීමට සුදුසු වටපිටාවක් එවිට නිර්මාණය වේ. ඉහත කරුණු පිළිබඳව අවධානයෙන් ක්‍රියා කරලීමට කාන්තා ඔබ වගබලා ගන්න.