කාන්තාව තුළ පුරුෂයා කෙරෙහි අසාමාන්‍ය සැකයක් පවතී නම් ඇය ප්‍රචණ්ඩකාරී ලෙස පුරුෂයාට පහරදිය හැකියි
අපි කතා බහ කළ Pathological jealousy තත්ත්වයේදී පවුල් අවුලෙන් වියවුලට පත්වන බව ඔබට පැවසුවා මතකද?. තමාගේ සහකාරිය හෝ සහකරුවා මෙවැනි රෝගයකින් පෙළෙනවා නම් එහිදී වඩාත් පීඩාවට පත්වන්නේ ඔවුන්ගේම දරුවන්. කෙසේ වෙතත් මෙවර ලිපිය මගින්ද එම රෝගී තත්ත්වය නිසා කාන්තාවක් මුහුණ දෙන ගැටලුකාරී ස්වභාව හා එමගින් නිවස ආශි්‍රතව ඇතිවන ගැටලුවලට පිළියම් මනෝ විද්‍යාත්මකව විමසා බලමු.
සමාජයේ කෙතරම් මෙම ප්‍රශ්නය බහුලව තිඛෙනවාද?
දළ වශයෙන් ඇමරිකාව වැනි රටවල කරන ලද සමීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ සෑම 1000 කටම 3 දෙනෙක් මීට ගොදුරු වන බවයි. ඒ පිරිස අතුරින් බහුතරය පිරිමි පාර්ශවයයි. නමුත් කාන්තාවන්ද සැලකිය යුතු පිරිසක් මීට ගොදුරු වේ. මොවුන් මත්පැන් ගැනීමක් සිදු නොකළත් ජීවිතයේ යම් යම් අවස්ථාවල කාන්තාවන්ද හදිසියේ රෝග ලක්ෂණ පෙන්විය හැකියි. එසේ කාන්තාවක් මෙම රෝග තත්ත්වයට මුහුණ පෑ විට ඉතාම ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරිය හැකියි. ඇතැම්විට පුරුෂයාට පහරදීම්, විවිධාකාර අඩන්තේට්ටම් කිරීම් වැනි ලක්ෂණ පෙන්විය හැකියි. එවන් විටෙක පුරුෂයාට මේ දේවල් ඉවසාගෙන සිටීමට නොහැකි නිසා කාන්තාවට පෙරළා පහර දේ. එවැනි සිදුවීම් නිසා කාන්තාවක් තුවාල සහිතව රෝහල් ගත කළොත් එම සිදුවීම් පිළිබඳ තොරතුරු විමසා බලන විට පැහැදිලිව පෙනී යන්නේ එසේ පහර කෑමට හේතුව කාන්තාවගේ ආවේගශීලි හැසිරීම් බවයි. ඒ වගේම කාන්තාවකට පහර දෙන සෑම අවස්ථාවකදීම එය ඇයගේ ආවේගශීලි බව නිසා යැයි පවසා සාධාරණීකරණය කිරීම කිසිසේත් නුසුදුසුයි.
කාන්තාවකට මෙම රෝගය නොතිබුණත් පුරුෂයාගේ හැසිරීම් නිසා ඇය යම් ආතතියකට පත්විය හැකිද?
මෙම රෝගයට ප්‍රතිකාර කිරීමේදී අදාළ රෝගියා පිළිබඳ පමණක් නොවේ මුළු පවුල පිළිබඳවම අපිට අවධානය යොමු කරීමට අවශ්‍යයි. මෙහිදී පුරුෂයෙක් මෙවැනි රෝග තත්ත්වයකින් පෙළෙනවා නම් බිරිඳ විෂාදයට, කාන්සාවට, නින්ද නොයාමට පත්විය හැකියි. ඒ නිසා ඇයටත් යම් සහනයක් සැලසීමට අපට සිදු වෙනවා. විශේෂයෙන් එවැනි පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කඩා වැටීමකට ලක්වනවා. එසේ නැත්නම් කුඩාම දරුවන් නම් මතක නොසිටින තත්ත්ව, කලහකාරී බව වැනි විවිධාකාර ගැටලු පෙන්වයි. ඒ නිසා රෝගියාට අමතරව ඔහුගේ හෝ ඇය ආශි්‍රතව සිටින විශාල පිරිසක් රෝගියා නිසා නිහඬව දුක් විඳියි.
මෙවැනි රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේදී මුහුණ දෙන ගැටලුකාරී අවස්ථා මොනවාද?
ඇත්තෙන්ම කුමන රෝගියෙක් හෝ වේවා මානසික රෝගයක් තිඛෙන බව ඇසීමට එතරම් කැමැත්තක් ඇත්තේ නැහැ. ඒ වගේම තමාට එවැන්නක් තිඛෙන බව පවා පිළිගන්නේ නෑ. මෙහිදී මොළය ආශි්‍රත කායික ගැටලුවක් ඇති වුණා නම් (අංශභාගය වැනි) ඔවුන් ප්‍රතිකාර ලබා ගැනීමට පැකිලෙන්නේ නැති වුවත් මොළය ආශි්‍රතවම ඇතිවන මානසික රෝගයකට ප්‍රතිකාර ගැනීමට ඔවුන් දක්වන්නේ අකමැත්තක්.
මේ සඳහා පවතින ප්‍රතිකාර
මේ සඳහා ඉතා හොඳ ප්‍රතිකාර පැවතුණත් රෝගීන් හා ඔවුන්ගේ පවුල් තුළ පවතින නොසැලකිලිමත් භාවය නිසා ප්‍රතිකාර ලබා ගැනීමට මැලිකමක් දක්වනවා. නමුත් මේ සඳහා ඉතා සාර්ථක ප්‍රතිකාර අප සතුව පවතිනවා. මෙහිදී වෛද්‍යවරයා හා අනෙකුත් පිරිස් එකතු වි අදාළ පුද්ගලයාට මානසික රෝගයක් තිඛෙනවා යන හැඳින්වීම නොකර ප්‍රතිකාර ලබාදීම සිදු කරනු ලබනවා.
රෝගී පුද්ගලයන්ට තමාගේ රෝගී තත්ත්වය පිළිබඳ ඒත්තු ගන්වන්නේ කෙසේද?
ඉහත රෝග ලක්ෂණවලට අමතරව අධික කේන්තියාම, ප්‍රචණ්ඩකාරී හැසිරීම්, නින්ද නොයාම, ආතතිය වැනි රෝග ලක්ෂණ සමූහයකින්ද පීඩා විඳියි. මේවායින් මිදීමට ඔවුන්ට දැඩි අවශ්‍යතාවක් තිඛෙනවා. එහිදී බොහෝ දෙනෙක් අපෙන් ප්‍රතිකාර ඉල්ලා සිටින අවස්ථාද තිඛෙනවා. මීට අමතරව මත්පැන් පානය කරන අය සඳහා මත්පැන් පානයට ප්‍රතිකාර ලබා ගැනීමෙන් වක්‍රාකාරව මෙම රෝග අවස්ථාවෙන් නිදහස් විය හැකියි. ඇතැම් අයට ජීවිතයේ ලැඛෙන ආතතිමය තත්ත්වයන් නිසා මෙම රෝගය හා සමාන ලක්ෂණ ඇතිවිය හැකි වුවත් ඊට තාවකාලිකව ප්‍රතිකාර කළ යුතුයි. නමුත් අදාළ පුද්ගලයාගේ ස්නායුවලට හානියක් වී තිඛෙනවා නම් දීර්ඝකාලීන ප්‍රතිකාර කරා යොමු විය යුතුයි.
රෝගියාගේ සිතැගි සත්‍ය බව පිළිගත්තොත් රෝග තත්ත්වය තවදුරටත් බරපතළ විය හැකියි නේද?
ඇත්තෙන්ම අදාළ රෝගියා නිසා වන පීඩනය කාලයක් තිස්සේ විඳ දරාගෙන සිටීමෙන් ඔහුගේ හෝ ඇයගේ සැකය දුරු කිරීමට තමා එවැනි අනියම් සබඳතාවක් තිඛෙනවා යැයි බොරුවට පිළිගත්තත් එමගින් තත්ත්වය තවත් බරපතළ මට්ටමට පත් වේ. ඒ වගේම පොලිසිය වැනි ආයතන මගින් දිගින් දිගටම අවවාද කිරීමට යාමෙන්, සියදිවි නසා ගැනීම දක්වා තත්ත්වය බරපතළ විය හැකියි. නීතිමය අංශවල අය බොහෝදුරට මේ පිළිබඳ තම අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා යම් යුවළක් දිගින් දිගටම පවුලේ ආරවුල් නිසා නීතියේ පිහිටට පැමිණෙනවා නම් ඔවුන් මූලිකව මානසික සෞඛ්‍ය පිළිබඳ සායනයකට යොමු කළ යුතුයි. සාමාන්‍යයෙන් අධිකරණ මගින් අප වෙත යොමු කළත් එසේ යොමුවන පිරිස වැඩි වනවා නම් වඩාත් හොඳයි.
නුවන්ති කුලරත්න
උපුටා ගැනීම දිනමිණ පුවත් පත