ජංගම දුරකතන නිසා කාන්තාවන්ට පිළිකා
ක්‍ෂුද්‍ර තරංග නිසා පිළිකා :
සාමාන්‍යයෙන් මොබයිල් ෆෝන්වලට නිකුත් කරන්නෙ මයිකේරා් වේව්ස් නැත්නම් ක්‍ෂුද්‍ර තරංග කියලා අපි දන්නවා. එතකොට අර ගෙදර කුස්සියෙ තියෙන මයිකේරා් වේව් එකේ තියෙන්නෙත් ක්‍ෂුද්‍ර තරංගම තමයි කියලා ඔයාලට හිතෙයි. ඒත් ගෙදර තියෙන මයිකේරා් වේව් එකෙන් පිටවන ක්‍ෂුද්‍ර තරංගවලට සාපේක්‍ෂව මොබයිල් ෆෝන්වලින් නිකුත්වන ක්‍ෂුද්‍ර තරංගවල විශාලත්වය දහස් ගුණයකින් වැඩියි. ඒ නිසා ගෙදර තියෙන මයිකේරා් වේව් එක විසි කරන්න එපා. නමුත් මොබයිල් ෆෝන්වලින් එහෙම නෙවෙයි. ඒ වලින් පිටවන මයිකේරා් වේව්වලින් මිනිස් සිරුරේ ප්‍රෝටීන් වර්ගයක් නිෂ්පාදනය කරනවා කියලා ඇමෙරිකානු විද්‍යාඥවරියක් වන ආචාර්ය ඩෙව්රා ඩේවිස් කියලා තියෙනවා. ඇය කියන විදියට නම් මොබයිල් ෆෝන්වලින් පිටවන මයිකේරා් වේව්ස් නිසා සිරුරේ නිපදවන ප්‍රෝටීන් වර්ග අපි වියපත් වීමත් සමඟ පිළිකා සෛල බවට පත්වෙනවා. මේවා කවදාවත් විනාශ කරන්න බැහැ. ඒකට හේතුවත් ඇය සඳහන් කරලා තියෙනවා.
පියයුරු පිළිකා :
මේ ප්‍රෝටීන වර්ගය නිෂ්පාදනය වෙලා අවුරුද්දක් හෝ දෙකක් ඇතුළත විනාශ කරන්න පුළුවන්. එහෙම නොකළොත් තමයි පිළිකා අවදානම ඇති වෙන්න පටන් ගන්නෙ. නමුත් මේවා නිපදවන මුල් අවධියේ, ඒ කියන්නෙ අවුරුදු දෙකක් තුළ මෙහෙම ප්‍රෝටීන් එකක් තියෙනවද කියලාවත් හොයා ගන්න බැහැ. ඒ ප්‍රෝටීනයේ ස්වභාවය අනුව ඒවා පිළිකා සෛල බවට පත්වෙන්න පටන් ගත්තාම තමයි එහෙම දෙයක් සිරුරේ තියෙන බව දැන ගන්නෙ. හැබැයි ඒ වෙද්දි ඒවා විනාශ කරන්න පුළුවන් තත්ත්වයකට එහාට ගිහින් ඉවරයි. ඉතින් මේ නිසා මොබයිල් ෆෝන්වලින් නිකුත් වන මයිකේරා් වේව්ස් අවදානම් සහිතයි කියලා ඇය කියනවා. ඒ වගේම සමහර කාන්තාවන් ගොඩක් වෙලාවට තමන්ගෙ මොබයිල් ෆෝන් එක තබාගෙන ඉන්නෙ සාක්කුවෙ නෙවෙයි. උඩුකය ප්‍රදේශයේ. එහෙමත් නැත්නම් පියයුරු අසල. ඉතින් මේ විදියට අවුරුදු ගණනක් ගත වෙනකොට පියයුරු පිළිකා ඇති වෙන්න පුළුවන් කියලත් ඇය කියනවා. ඇය පෙන්සිල්වේනියාවේ සිදු කළ පර්යේෂණයකින් ඒ බව තහවුරු වෙලත් තියෙනවා. පියයුරු පිළිකා සහිත කාන්තාවන්ගෙන් සියයට හැට දෙකක්ම තමන්ගේ ෆෝන් එක පියයුරු අසල තබාගෙන ඉන්න අය බව සොයාගෙන තියෙනවා. ඇය මෙහෙමත් කියනවා. "දවසක් දෙකක් එහෙම තිබුණා කියලා පියයුරු පිළිකා ඇති වෙන්නේ නැහැ. හැබැයි අවුරුදු ගණනාවක් පුරුද්දක් විදියට මේක කළොත් නම් ඔබට ෆෝන් එක විතරක් නෙවෙයි පියයුරුත් නැති වෙන්න පුළුවන්" කියලා.
මතකය අඩුවෙනවා :
ඊට අමතරව මොබයිල් ෆෝන් එකකින් කතා කරන කාලය අනුව මොළයේ සෛලවල ඇති වෙන්න පුළුවන් සංකූලතා ගැනත් ඇය සඳහන් කරනවා. ඒ අනුව දවසකට පැයක් මොබයිල් ෆෝන් එකක කෝල්ස් ගන්න අය මාසෙකට පැය තිහක් කතා කරනවා. අවුරුද්දකට පැය තුන්සිය හැට පහයි. අවුරුදු දහයක් යද්දි පැය 3650ක්. නමුත් සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් අවුරුදු දහයක් යද්දී පැය 5000ක් ඉක්මවා මොබයිල් ෆෝන්වල කෝල්ස් අරගෙන තියෙනවා. ඒකෙන් වෙන්නේ හිස්කබල ඇතුළේ තියෙන මස්තිෂ්කයේ රැලි සහිත ස්වභාවය ක්‍රමයෙන් අඩු වෙන එකලු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බුද්ධිමත් අයගේ මොළයේ රැලි සහිත බව වැඩියි. රැලි අඩුයි කියන්නේ බුද්ධිමත් බව අඩුයි කියන එක. එතකොට අවුරුදු දහයක් යද්දි, ඒ කියන්නෙ පැය 5000ක් විතර මොළය මයිකේරා් වේව්ස්වලට නිරාවරණය වෙද්දි එහි රැලි සහිත බව ක්‍රමයෙන් අඩුවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නෙ මතක ශක්තිය අඩු වෙනවා කියන එකයි. මේ නිසා ආචාර්ය ඩේවිස් කියන්නෙ මොබයිල් ෆෝන් පාවිච්චි කරනවා නම් පුළුවන් තරම් හෑන්ඩ් ෆී්‍ර පාවිච්චි කරන්න උත්සාහ කරන්න කියලයි. එතකොට මොබයිල් ෆෝන් එක මොළයට ටිකක් දුරින් තියෙන නිසා මයිකේරා් වේව්ස් සෘජුව මොළය හා ගැටෙන්නේ නැහැ.
මේ වගේ දේවල් ගැන සියයට සියයක් සාර්ථකව කළ පර්යේෂණ තාමත් කොහෙවත් සිද්ධ වෙලා නැහැ. ඉතින් ඇය කියන්නේ මොනවා වුණත් පරෙස්සම් වෙන එක කෝකටත් හොඳයි කියලයි.
දුලංජලී මුතුවාඩිගේ
මව්බිම