Biz Log
Classifields
Biz Log
Classifields

ගර්භාෂය පහත්වීමේ රෝග ලක්ෂණ හඳුනාගන්න

ගර්භාෂය පහත්වීමේ රෝග ලක්ෂණ හඳුනාගන්න

බලපාන හේතු 

ගර්භාෂය පහත්වීමේ ප්‍රවණතාව වැඩි කාන්තාවකට කල් පවතින කැස්ස, බඩ වියළීම, ආදී තත්ත්ව රෝගී තත්ත්වය උග්‍ර කරවයි. ඒ වගේම කලාතුරකින් ගර්භාෂයේ ඩිම්බ කෝෂවල අසාමාන්‍ය වර්ධන තත්ත්වයන් නිසාද මෙය ඇතිවිමේ වැඩි ප්‍රවණතාවක් තිබිය හැකියි. ඒ වගේම බොහෝදුරට වයස අවුරුදු 60න් පසුව (ආර්තවහරණයෙන් පසු) වසර 10කින් මේ තත්ත්වය ඇතිවිය හැකියි. නමුත් වැඩිපුර මෙවැනි වයස්වල කාන්තාවන්ට ඇතිවන බව පැවසුවත් ඉන් අදහස් වන්නේ තරුණ කාන්තාවන්ට ඒ රෝගී තත්ත්වය ඇති නොවන බව නොවේ. ඒ අනුව ඇතැම් තරුණ කාන්තාවන් අතර ද මේ තත්ත්වය දැකගත හැකි වේ. 

හඳුනාගන්නේ කෙසේද?

තත්ත්වය බොහෝදුරට හඳුනාගන්නේ ගෙඩියක් වැනි යමක් යෝනි මාර්ගයෙන් පිටතට පැමිණ තිඛෙන බව දැකගැනීමට ලැබීමෙනි. ඒ සමඟම සමහරවිට මුත්‍රා මාර්ගය පහත් වීම නිසා මුත්‍රා කිරීමේ ගැටලු ද ඇතිවිය හැකියි. ඒ අතර නිතර නිතර මුත්‍රා කරන්නට අවශ්‍ය වීම, මුත්‍රා කළ පසුව නැවත වහාම මුත්‍රා පිට කිරීමට අවශ්‍ය වීම, මුත්‍රා පිට කළ පසු සම්පූර්ණයෙන්ම මුත්‍රා පහවූ බව නොදැනීම ආදිය මෙන්ම කසින විට කිවිසින විට, පඩිපෙළක් නඟින විට නොදැනුවත්ව මුත්‍රා පිටවීම වැනි මුත්‍රා මාර්ග ගැටලු මෙහි රෝග ලක්ෂණ ලෙස හඳුනා ගත හැකිය.

ගර්භාෂය පහත්වන්නේ ඇයි?

ආර්තවහරණයක් සමඟ කාන්තාවන් වැඩි ප්‍රතිශතයක් මේ සඳහා මුහුණ දෙයි. ඒ වගේම උපතින්ම කාන්තාවන්ට ඇතිවන ජානමය බලපෑම මතද මේ තත්ත්වය ඇති විය හැකියි. ඊට අමතරව විශේෂයෙන් ආර්තවරණයත් සමඟ ඇතිවන හෝර්මෝනවල සිදුවන යම් යම් වෙනස්කම් නිසාද මෙවැනි රෝගී අවස්ථා ඇතිවිය හැකියි. ඒ වගේම දරුවන් නොලැබූ කාන්තාවකට සාපේක්ෂව දරුවන් ලැබූ කාන්තාවකටද ගර්භාෂය පහත්වීමේ වැඩි ඉඩකඩක් පැවතිය හැකියි. ඒ වගේම දිගින් දිගටම බර ඉසිලීම වැනි කාර්යයන්වල නිරත වීමත් ගර්භාෂය පහත් වීමත් මීට හේතුවක්. විශේෂයෙන් ආර්තවහරණය පිළිබඳ සලකා බලන විට කාන්තාවක් ක්‍රමයෙන් වයසට යාමද මීට ප්‍රබල හේතුවක්.

ප්‍රතිකාර මොනවාද?

මේ සඳහා මූලික ප්‍රතිකාර ක්‍රම දෙකකි. ඉන් පළමු ක්‍රමයවන්නේ යෝනි මාර්ගයට ඇතුල් කරන ප්ලාස්ටික් වළල්ලක් මඟින් ගර්භාෂය නියමිත ස්ථානයේ රැදවීමයි. මෙය ඡැිි්රහ එකක් ලෙසින් හැඳින්වේ. මෙම වළලු විවිධ වර්ගයෙන් හා විවිධ හැඩයෙන් දැකගත හැකියි. මෙහිදී අදාළ වෛද්‍යවරයා විසින් නිරීක්ෂණය කර කාන්තාවගේ රෝගී ස්වභාවය අනුව එම පැළඳිය යුතු ඡැිි්රහ එක පිළිබඳ තීරණය කරනු ලබයි. එසේ ගර්භාෂය නිවැරදි තැන පිහිටන ලෙස වළල්ලක් පැළඳීම මෙම ගැටලුවට තිඛෙන එක විසඳුමක් ලෙස හඳුන්වා දිය හැකියි. තවද මෙහි විශේෂයක් වන්නේ එය පැළඳීම ලිංගිකව එක්වීමට කිසිදු බාධාවක් නොවන බවයි. නමුත් බොහෝදෙනෙක් මේ වනවිටත් සිතන්නේ මෙය පැළඳීම නිසා ලිංගිකව එකතුවීම නොහැකි වී යන බවයි.

2 වන ක්‍රමය

දෙවන ක්‍රමය යටතේ කතාබහට ලක්වන්නේ ශල්‍යකර්මයක් මඟින් ගර්භාෂය ඉවත් කිරිම හා යෝනි හා මුත්‍රා මාර්ගය නියමිත තැන රඳවා තබා ගැනීමයි. මෙම ශල්‍යකර්මයේදී සිදු කෙරෙන්නේ යෝනි මාර්ගය හරහා ගර්භාෂය ඉවත් කර පහත් වූ යෝනි හා මුත්‍රා මාර්ගයේ කොටස් නියමිත තැන්වල රැඳවීමයි. නමුත් මෙහිදී තමාට සුදුසු කුමන ප්‍රතිකාර ක්‍රමවේදය දැයි වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කර නිවැරදි තීරණයට එළඹිය යුතු වේ. 

මින් පළමු ක්‍රමය යටතේ නැවත ගැබ්ගැනීමේ හැකියාවක් තිඛෙනවාද?

මෙහිදී කාන්තාව තරුණ නම් හා ශල්‍යකර්ම නොකර ඇත්නම් නැවත ගැබ් ගැනීමේ හැකියාවක් තිබේ. ඒ වගේම මෙවැනි ගැටලුවක් තිබුණත් තවදුරටත් ඇය දරුවන් බලාපොරොත්තු වන කාන්තාවක් නම් පළමුව වළල්ලක් මඟින් ප්‍රතිකාර කර පසුව දරු ප්‍රසූතියේදී එය ඉවත් කළ හැකියි. ඒ වගේම යෝනි මාර්ගය ආශි‍්‍රත මාංශ පේශිවල ශක්තිමත් භාවය ද මේ සඳහා බලපෑමක් ඇති කරයි. එවැනි අවස්ථාවලදී මාංශපේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම මඟින් එම ගැටලුව නිරාකරණය කරගත හැකි වේ. එම ව්‍යායාම ඔබගේ වෛද්‍යවරයා විසින් නිර්දේශ කරනු ලබයි.

තමාට රෝගය තිඛෙන බව දැන දැන නොසලකා සිටීම ගැටලුකාරීද?

මෙවැනි තත්ත්වයට ප්‍රතිකාර කරනවාද නැද්ද යන්න පිළිබඳ තමාගේ වෛද්‍යවරයා සමඟ තීරණය කළ යුතු වේ. ඒ වගේම මෙම ගර්භාෂය පහත් වීම බරපතළ නම් ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වේ. යම් ලෙස ඊට සුදුසු ප්‍රතිකාර නොයෙදුවහොත් මුත්‍රා මාර්ගයේ පහත්වීම මත, මුත්‍රා ගැටලු ඇති වී වකුගඩුවලට බලපෑමක් ඇතිවිය හැකියි. නමුත් එම පහත්වීම බරපතළ නැතිනම් ව්‍යායාම මඟින් හා නැවත නැවත වෛද්‍යවරයා හමුවීමෙන් ලබන උපදෙස් මඟින් ශල්‍යකර්ම නොකර සිටීමේ හැකියාවක් තිබේ. නමුත් ඔබ ඒ තීරණය ගත යුත්තේ ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමු වී සාකච්ඡා කිරිමෙන් බව මතක තබා ගත යුතුය.

නුවන්ති කුලරත්න

උපුටා ගැනීම දිනමිණ පුවත් පත

Share This Article