Biz Log
Classifields
Biz Log
Classifields

දින 28 ඉක්මවා යන හෝ ප්‍රමාද වන ඔසප් චක්‍ර පිළිබඳ බිය වෙන්න එපා

දින 28 ඉක්මවා යන හෝ ප්‍රමාද වන ඔසප් චක්‍ර පිළිබඳ බිය වෙන්න එපා

කාන්තාවකගේ ජීවිතයේ ඇයට ස්ත්‍රීත්වය උරුම බව හැඟීමට හෝර්මෝන පද්ධතිය මූලික වූ ආර්තවය ප්‍රධාන තැනක් හිමිකර ගනියි. මෙය එකිනෙකාට තරමක් වෙනස් වූ දින ගණන් ඇතිව නමුත් චක්‍රයක් මෙන් සිදුවන ක්‍රියාවලියකි. මෙය බොහෝදුරට දින 28ක කාලසීමාවකට වරක් සිදුවන බව සාමාන්‍ය වෛද්‍ය පිළිගැනීම වුවද ඊට ආසන්න දින ගණනකට අඩු හෝ වැඩි වීම ස්වභාවික තත්ත්වයක් ලෙසින් සැලකිය හැකියි. බොහෝදෙනෙක් කතාබහට ලක් කරන මාතෘකාවක් වන මෙය ක්‍රමවත්ව මෙන්ම අක්‍රමවත්ව සිදුවන අවස්ථා ද සුලබව දක්නට ලැඛෙන තත්ත්වයන්ය. නමුත් මෙහි ගැටලුකාරී බව වන්නේ මාසිකව සිදුවන ඔසප්වීම අක්‍රමවත් වීමයි. මෙම ගැටලුකාරී බවෙන් මේ වනවිට බොහෝදෙනෙක් පීඩාවට ලක් වී ඇත. මීට හේතුව බොහෝදුරට හෝර්මෝන හෝ ඩිම්බ ආශි‍්‍රතව ඇතිවිය හැකි තත්ත්වයන්ය. මේ ඒ පිළිබඳව මෙවර වැඩසහන යටතේ කතාබහට ලක් කරන ලදී.

ආර්තවය යනු කුමක්ද එය ඇතිවන්නේ කෙසේද?

අපගේ ජීවිතයේ බොහෝ දේ සිදුවන්නේ යම් චක්‍රයකට අනුවයි. ආර්තවයද එවැනි චක්‍රයකට අනුව සිදු වන්නකි. මෙය මාසිකව සිදුවන අතර ඔසප් චක්‍රය ලෙසින් ද හැඳින්වේ. මෙම ඔසප් චක්‍රය පිළිබඳ නිතර කථාබහ කළත් සමාජයේ බොහෝදෙනෙකුට මේ පිළිබඳ ඇත්තේ අල්ප වූ අවබෝධයක්. මෙය දින 28ක් පුරා ක්‍රියාත්මක වන චක්‍රයක්. නමුත් සැමටම මෙම දින 28ක චක්‍රය සැමටම අදාළ නොවේ. ඒ නිසා ප්‍රධාන වශයෙන් කාන්තාවක් තමාගේ ඔසප් චක්‍රයේ දින ගණන කොපමණද කියා හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුයි. මෙය බහුතරයකට දින 28ක් වුවත් දින 26,වැනි අඩු දින ගණන්වලින් ඔසප් වන අයද සිටිය හැකියි. නමුත් මෙසේ දින ගණන් කෙටි වීම හෝ ඉක්මවා යාම (සුළු දින ගණනකින්) පිළිබඳ එතරම් කලබල විය යුතු තත්ත්වයක් නොවේ. සාමාන්‍යයෙන් ඔසප් සිදු වීමේ දින ගණන දින 7 දක්වා පැවතිය හැකියි. පසුව 8 සිට 11 වැනි දින දක්වා ගර්භාෂය තුළ තිබූ කුහරයේ සිවිය මාශුද්ධිය වශයෙන් යෝනි මාර්ගය හරහා රුධිර වහනයක් ලෙස පිටතට පැමිණේ. පසුව එම දින සිට නැවත එම කුහරය තුළ තිබූ සිවිය 7 වැනි දින සිට නැවත වැඩෙන්නට පටන් ගනියි. මෙහිදී 14 වැනි දිනෙන් පසුව චක්‍රයේ සිදුවන දේ අනිවාර්යයෙන්ම ඩිම්බය සංසේචනය වීම මත රඳා පවතියි. ඒ නිසා ඔබගේ ආර්තව චක්‍රය කොටස් 4කට ඛෙදා කතාබහ කළ හැකිියි.

දරු ප්‍රසූතියේදී වෙනස් වන්නේ ඩිම්බ මෝචනයට පෙර කෙටසද පසු කොටසද?

යම් කාන්තාවකගේ ආර්තව චක්‍රයට අනුව එය සිදුවන ඊළඟ මසට අයත් ආර්තයව සිදුවන දිනට දවස් 14කට පෙර මෙම කාන්තාවගේ ඩිම්බ මෝචනය සිදු වේ. ඩිම්බ මෝචනය නිසා මෙම චක්‍රය කොටස් දෙකකට වෙන් වේ. එනම් දවස් 14ක් ඉදිරියට හා පසුපසට වේ. නමුත් සාමාන්‍යයෙන් ඩිම්බ මෝචනය සිදුවන දින ගණන පැවසීම අපහසු කරුණක්. නමුත් ආර්තවය සිදුවන දිනය නිශ්චිතව පැවසිය හැකියි. නමුත් ඩිම්බ මෝචනය වීම පිළිබඳ එසේ නිගමනය කළ නොහැකි වේ. නමුත් ඩිම්බ මෝචනය සිදුවීම පිළිබඳව අනුමාන කළ හැකි වේ. කාන්තාවකගේ මෙම චක්‍රයේ පළමු දිනය ලෙසින් ගණන් ගැනෙන්නේ පළමුව රුධිරය පිටතට පැමිණි දිනය වේ. පළමු දින 5 රුධිරය වහනය සිදුවීම නිසා දැනගත හැකියි. ඊළඟ දින 5දී ගර්භාෂයේ කුහරයේ තිඛෙන සිවිය නැවත වර්ධනය වීමක් සිදු වේ. නැවත 11 -14 දවස දක්වා ගර්භාෂය ඩිම්බ මෝචනයක් සිදු වේ. පසුව ඩිම්බය ශුක්‍රාණුවක් සමඟ එකතු වී සෑදෙන යුක්තානුව (කලලයේ පළමු සෛල අවස්ථාව) 14 වැනි දවසේ නිෂ්පාදනය වේ යැයි බලාපොරොත්තුවයි. මෙම යුක්තාවනුව ක්‍රමයෙන් පැලෝපීය නාලය දිගේ ගර්භාෂ කුහරය වෙතට ගමන් කරයි. එය භාර ගැනීමට ගර්භාෂ කුහරයේ ඇතුළත කුහරය සූදානමින් සිටියි. ගර්භාෂයේ එම සිවිය නිසිලෙස නොතිබුණේ නම් සෛල ගුලියක් ලෙසින් පැමිණෙන යුක්තානුව ගර්භාෂය පිළිගැනීමට සූදානම් නොවේ නම් එතැන ගර්භණි භාවයක් ඇති නොවේ. මෙම චක්‍රය දවස් අනුව කොටස් 4කට ඛෙදා ඇත. ශුද්ධ වීම සෑදෙන දින, ගර්භාෂයේ ස්ථරය වර්ධනය වන කාලය, මෝචනය වන කාලය හා මෝචනය වූ ඩිම්බය සංශෝචනය වී සෑදෙන යුක්තානුව පිළිගැනීමට ඉතා ආසාවෙන් බලා සිටින ගර්භාෂ කුහරය මේ කොටස් වේ.

අක්‍රමාණුකූලව අර්තවය සිදුවන අයටත් ඩිම්බ මෝචනයක් සිදුවිය හැකිද?

යෝනි මාර්ගයේ ඉහළ කෙළවරේ සංසර්ග අවස්ථාවේදී ශුක්‍රාණු මුදා හැරීමක් සිදු කරයි. මේවා ගර්භාෂය ගි‍්‍රවයෙන් ගර්භාෂයෙට ඇතුළු වී පැලෝපීය නාලය හරහා පිහිනාගෙන ඩිම්බ කෝෂ දක්වාම පැමිණෙයි. මෙහි දිග ප්‍රමාණය පිළිබඳ සලකා බලන විට ඉතා විශාල දුර ප්‍රමාණයක් මෙම ශුක්‍රාණු පැමිණේ. එතැනදී දුර්වල ශුක්‍රාණු ඉවත් කර දැමීමේ ක්‍රියාවලියක් සිදු වේ. මේ ශුක්‍රාණුව තමාගේ දිග ප්‍රමාණයට සාපේක්ෂව විශාල දුරක් පිහිනාගෙන යනු ලබන අතර එය ස්වභාව ධර්මයා විසින්ම පනවනු ලැබූ උපක්‍රමයකි. මෙහිදී ශක්තිවන්තම ශුක්‍රාණුව පමණක් ඩිම්බය තුළට කාවදීයි. සාමාන්‍යනේ ධාතු තැන්පත් කිරීමේදී මිලියන 20 -120ත් අතර ප්‍රමාණයකින් ශ්‍රක්‍රාණු මුදා හැරෙයි. ඒ නිසා මෙම විශාල ප්‍රමාණය අතරින් දක්ෂතම හා ශක්තිමත්ම ශුක්‍රාණුව ඩිම්බයට ඇතුල් විය හැකි ලෙස සොබාදහම නිර්මාණය වී ඇත. ඊට පසුව නොයෙකුත් අඩු පාඩුකම් ඇති වූවත් එම අභියෝග බොහෝමයක් ළදරු කලලයක් ජයග්‍රහනය කරයි.

සංසේචිත යුක්තානුව පැමිණෙන ගමන් මඟ පිළිබඳ පැවසුවොත්?

ශුක්‍රාණුව ඩිම්බ කෝෂයට පැමිණි මාර්ගය ඔස්සේ සංසේචිත යුක්තානුව නැවත ගර්භාෂය දක්වා ගමන් අරඹයි. මෙය ක්‍රමයෙන් ගමන් ගන්නා විට සෛල ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වේ. ඩිම්බ මෝචනයත් සමඟ ශුක්‍රාණුව සමඟ සම්බන්ධව ගර්භාෂ කුහරයට පැමිණි යුක්තානුව ගර්භාෂ සිවියේ ගිලෙමින් කලලයක් බවට පසුව වර්ධනය වේ. ගර්භණි භාවයක් ඇති වූ බවට තිඛෙන පළමු ලකුණ නම් ශුද්ධ වීම නැවතීමයි. ඒ වනවිට ඩිම්බය මෝචනය වී සංසේචනය වී සහ ගර්භාෂයේ තැම්පත් වී සති 2ක් ගත වී ඇත. මෙසේ සති 10ක් යනවිට අංග සම්පූර්ණ දරුවාව බලා ගැනීමේ හැකියාව ලැබේ. සති 14දී ඇහි පිල්ලම්, නාසය, කට, තොල් ආදී වශයෙන් පැහැදිලිව දරුවා දැකබලා ගත හැකියි. මේ ආකාරයට සති 40 දක්වා කලලය වර්ධන වෙමින් ගමන් කරයි. පිටියුටරි මඟින් ශ්‍රාවය වන හෝර්මෝන ඩිම්බ කෝෂය මත ක්‍රියාත්මක වී යුක්තානුව නිසිතැන තැම්පත් වීමට උපකාරි වේ. මෙසේ යුක්තානුව පැලෝපීය නාලයෙන් ගමන් කරන විට මොළයේ ඇති හයිතැලමය මඟින් ස්‍රාවය වන හෝර්මෝන මඟින් පිටියුටරියේ වෙනස්කම් ඇති කර ඉන් ඇතිවන බලපෑම් මත මෙම වෙනස්කම් සිදු වේ.

ආර්ථව චක්‍රයේ අක්‍රමිකතා

අප සමීපයට පැමිණෙන කාන්තාවන්ගේ 90% කගේ ඔසප් චක්‍රය අක්‍රමත් වීම නිසා වෛද්‍යවරුන් පැමිණේ. එය කුමන හේතුවක් නිසා අක්‍රමත් ද සිදුවන්නේ යන්න පිළිබඳ වෛද්‍යවරුන්ට අවබෝධයක් ලබාගත හැකියි. ඔබගේ ආර්තවය පිළිබඳ ගැටලුවක් තිබේ නම් එය ලියා තබාගෙන වෛද්‍යවරයා මුණ ගැසීම වඩාත් හොඳයි. මෙහි වෛද්‍යවරයා නඟන ගැටලුවලදී අවසන්වරදී ඔසප් සිදු වූයේ කෙඳිනද යන්න රෝග විනිශ්චයට ඉතා වැදගත්. ඒ සඳහා අදාළ කාන්තාව විසින් තමාගේ ඔසප් දින සටන් තබා ගැනීම ඉතා වැදගත් වේ. මේ සඳහා අවම මාස 03 වත් සටහන් තබාගත යුතුයි. එම සටහන අනුව වෛද්‍යවරයාට ප්‍රතිකාර කළ හැකියි. ඒ වගේම දවස් 28 චක්‍රය ඉක්මවා යාම හා සාමාන්‍ය ආර්තවය අතර සිදුවන රුධිරවහනය අක්‍රමවත් රුධිර වහනයක් ලෙසින් සැලකෙයි. ඒ නිසා යම් ආර්තවයක් සම්බන්ධ ගැටලුවක් තිබේ නම් එය සැමවිට අක්‍රමවත් තත්ත්වයක් නොවන බව මතක තබා ගත යුතුයි.

අලුත මල්වර වූ දරුවන්ගේ අක්‍රමවත් රුධිර වහනය පිළිබඳ පැවසුවොත්?

මෙවැනි දරුවන්ගේ ඉහත පැහැදිලි කළ ආර්තවය සම්බන්ධ ක්‍රියාවලි නිසිලෙස සිදු වීමට ඊට සම්බන්ධ පද්ධති නිසිලෙස ක්‍රියාත්මක විය යුතුයි. ඒ සඳහා ඇයගේ පරිණතභාවය අත්‍යවශ්‍යය අතර ඊට මාස ගණනක් ගත වේ. මෙහිදී ඩිම්බ මෝචනයක් තිබුණද එය දැන ගැනීම ගැටලුකාරී වේ. ඒ වගේම ඩිම්බ මෝචනය ආර්තවය යන්න මරුවෙන් මාරුවට ද සිදුවිය හැකියි.

නුවන්ති කුලරත්න

උපුටා ගැනීම දිනමිණ පුවත් පත

Share This Article